~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවි‍තේ පවතින තුරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල් කි ගැනද... මම හිටියේ නෑනේ.... කවුද ඒ දැරිවි.....

    එහෙම එක දැරිවියක් හිටියෙ නෑ කථා වුණේ දැරිවියො ගැන.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඕවා දන්න කතාව එහෙම බලන්න එපැයි .........

    මෙහෙම දෙයක් කියන්න පුලුවන්.......
    ඕක තනිකරම බොරුවක්......
    ඔය කතාවෙ පෙන්නනෙ කොලඹලු.... ඒත් පට්ට ගොඩේ විදිහට ඒකත් ..........
    මම දැකපු දෙයක් .... කොලඹ උන් ඔහොම නෑ අඩුම ගානෙ නුගේගොඩ එක්කෙවත් ඔහොම නෑ ඇදුම්, ඉස්කෝලෙ , ක්ලාස් අනම් මනම් තව ගොඩක් තියනවා......

    ඊට පස්සෙ තව ගමේ කියලා පෙන්නවා සංවර්ධනය වෙච්ච පැත්තක් ........
    මට මතක විදිහට ලිහිනි දුප්පත් මුලදි ඒත් පස්සෙ ඒකිත් එක පාරටම පෝසත්
    සවුන්ඩ් අවුල් සමහර වෙලාවට.... මට නම් වැරදි එමටයි. වැඩිය බලන්නෙත් නෑ මම ..මම එනකොට කතාව ඉවරයි ගොඩක් දාට.... ගෙදර කෙනෙක් රිවයි කලොත් තමා රෑට ඔය පොඩ්ඩක් බලන්නෙ.........


    බොරුවක් තමයි බන් වැඩිය ඇත්ත කතා ලියන්නෙ නැහැ නෙ සත්‍ය සිදුවීම් පාදක කරගෙන

    .1 ඔය කතාවෙ පෙන්නනෙ කොලඹලු.... ඒත් පට්ට ගොඩේ විදිහට ඒකත් ..........

    අන්න ඒකයි මචං කියන්නේ ලංකාවේ කාටත් හිතට වදින පොයින්ට් එකට කතාව ගලාගෙන යනවා කියලා
    ගමේ මිනිහ ආසයි කොළඹ විදියට බලන්න
    කොළඹ මිනිහ ආසයි ගමේ විදියට බලන්න
    අධ්‍යක්ෂය වරයා ඔය දෙපැත්තම බැලන්ස් කරගෙන යනවා අඩුවක් නැතුව

    .2 මම දැකපු දෙයක් .... කොලඹ උන් ඔහොම නෑ අඩුම ගානෙ නුගේගොඩ එක්කෙවත් ඔහොම නෑ ඇදුම්, ඉස්කෝලෙ ,
    ක්ලාස් අනම් මනම් තව ගොඩක් තියනවා......

    මේ කතාව කොළඹ සල්ලි තියෙන ක්‍රිකට් පවුලක් වගේම සාමාන්‍ය අපි වගේ එවුණුගෙ සමාජ මතයත් පිලිබිබු කරන කතාවක් බන්
    උන් පසුතල යොදාගෙන තියෙන ආකාරයත් කතාව ලියල තියෙන විදියත් ගත්තම එක හොඳටම පේනවා

    .3 ඊට පස්සෙ තව ගමේ කියලා පෙන්නවා සංවර්ධනය වෙච්ච පැත්තක් ........
    මට මතක විදිහට ලිහිනි දුප්පත් මුලදි ඒත් පස්සෙ ඒකිත් එක පාරටම පෝසත්

    මේ නාට්ටිය රාගම තමයි ගොඩක් රූපගත කරල තියෙන්නේ
    ඊට පස්සෙ හොරණ බණ්ඩාරගම
    කිදෙල්පිටිය වරකපොළ කියන තැන් වල තමයි ශූට් කරල තියෙන්නේ

    ඒ ඒ ප්‍රදේශවල තත්වයන් අපිට ඉතින් මේ නාට්ටිය මගින් පේනවා
    ගම හැමදාම ඒ විදියටම තියෙන්නෙ නැහැ ගම කියලා පෙන්නන හරිය සංවර්ධනය තත්වයක් පෙන්නුම් කරනවා අඩුයි මම දැකල නැහැ
    ගම දුප්පත් වෙන්න පුළුවන් හැබැයි මිනිස්සු පෝසත් වෙන්න පුළුවන් නෙ ගමේ ඉන්න

    සාමාන්‍ය වශයෙන් ලංකාවේ සමාජස්ථිතිය තමයි මම නම් මේ නාට්ටියෙන් ප්‍රධාන වශයෙන් දකින්නෙ


    .4 සවුන්ඩ් අවුල් සමහර වෙලාවට.... මට නම් වැරදි එමටයි.

    ලංකාවේ තියෙන තාක්ෂනය යොදවන ප්‍රාග්ධනය මත මම හිතන්නේ අනිත් ඒවාට වැඩිය හොඳම තත්වයෙන් තියෙනවා
    අනිත් එක තමයි ලංකාවේ හැම විද්‍යුත් නාලිකාවකටම ඔවුන්ගේ ප්‍රොෆයිල් එකක් තියෙනවා සවුන්ඩ්ස් ප්‍රොෆයිල් එකක් තියෙනවා
    කලර් ප්‍රොෆයිල් එකක් තියෙනවා ඒ ඒ අනුව එකේ විකාශනය වෙන දේවල ප්‍රමිතියත් සනිටුහන් වෙනවා.

    ලංකාවේ ගොඩක් නාට්ටි එක්ක බලද්දී හොඳම තත්වයේ තියෙනවා කියල කියන්න පුළුවන්