යමහා FZS V2 (2016) එක ගැන මගේ අදහස...
යමහා FZS V2 (2016) එක ගැන මගේ අදහස...
මුලින්ම කියන්න ඕනේ මේක යමහා FZ V2 බයික් එක Promote කරන්න හදන Review එකක් නෙමේ. මට යමහා එකෙන්වත් යමහා ඩීලර් කෙනෙක් ගෙන් වත් සත පහක් හම්බ වෙන්නේ නෑ. මම මේ දාන රිවිව් එක සම්පුර්ණ මම ලබපු අත්දැකීම් එක්ක පදනම් වුන එකක්.
බයික් එක ගෙනාවේ මාර්තු මාසේ 2017 වගේ, ෆිනෑන්ස් එකක් තියෙන එකක් ගෙනාවේ කලින් එක වගේම ජාඑල පැත්තේ කොල්ලෙක්ගෙන්. කිලෝමීටර් 14000ක් පැදලා තිබ්බා මම ගද්දි. ලක්ෂයක් අතින් දීලා ගෙනාවේ. ගෙනාපු දවසට පස්සෙ දවසේ නිවාඩුවක් දාලා ෆුල් සර්විස් එකක් දැම්මා. දැන් කිලෝමීටර 40000ක් දුවලා ඉවරයි.
මීටර් බෝඩ් එක ෆුල් ඩිජිටල්, මේකේ තියෙනවා එන්ජින් චෙක් ලයිට්, සිගනල්, හෙඩ් ලයිට් සහ නිව්ටල් ඉන්ඩිකේටර්ස්. ෆුවෙල් මීටර් එක ඩිජිටල් නමුත් ඒ ෆුවෙල් මීටර් එකේ ඇකුයරසි එක එච්චරම හොද නැහැ. ෆුවෙල් ඉන්ඩිකේටර් එක 100% විශ්වාස කරලා ගමනක් යන්න අමාරැයි. ඔඩෝ මීටර්, ආර් පී එම් මයිලේජ් ඔක්කොම ඩිජිටල් සහ ඒවායෙනම් ප්‍රශ්ණයක් නෑ.
සාමාන්‍යයෙන් ඩේලී ට්‍රැවල් රෑට් එක කිලෝමීටර 50-60ත් අතර ගානක් වගේ. මම බයික් එක ඩ්‍රයිව් කරන විදියට මට නම් බයික් එකේ වැඩකරන්නේ ලීටරයට කිලෝමීටර 33-35ක් වගේ. හුගක් වෙලාවට එකෝ ලයිට් එක පත්තු වෙන්නේ නෑ.
පිකප්, හැන්ඩ්පින්, බ්රේක් තුනම හොදයි.
පිටිපස්සේ ටයර් එක මාරැ කලා කිලෝමීටර 21000දී වගේ. උදේ 8ට විතර වැඩට යද්දි රාජගිරියේ පාලම හදන දවස් වල වැටිල තිබ්බ ප්ලේට් කෑල්ලකට ටයර් එකේ අගල් 4ක විතර කැපුනා. තම්බලා හදන්න ආමරැයි කියලා ගලවලා ඇතුලින් පැච් දෙකක් ගහලා පුලුවන් ටික තම්බලා ටියුබ් එකක් දැම්මා දාලා කිව්වා ටයර් එක මාරැකරන්න වෙයි. ගැරන්ටියක් දෙන්න ආමරැයි කියලා. ගියා ආමර්වීදීයේ ටිම්සන් එක 8000ක් දෙන්න කිව්වා, එම් ආර් එෆ් එක 11500 ක් කිව්වා. 3000ක් අඩු නිසා ටිම්සන් එකක් ගත්තා. ටයර් එකේ කිසිම අවුලක් නැ. තාම ටයර් පන්ච් නෑ.
රෙද්දේ පෙට්‍රල් ටැප් එකක් නෑ,
ගෙනාපු දවසේ 1000ක තෙල් ගහලා විනාඩි 5ක් විතර ටැප් එක හෙව්වා පෙට්‍රල් ඔන් කරන්න. බැරිම තැන ගත්ත එකාට කථා කලාම උ කිව්වා අඩෝ මචන් ඕකේ පෙට්‍රල් ස්විච් එකක් එන්නේ නෑ කියලා. ගොනාවගේ හිනාවෙලා ෂෙඩ් එකෙන් ගෙදර ආවා. 

චේන් ස්පොකට් ගිය සතියේ මාරැ කලා, මම ගත්තට පස්සේ මාරැ කරපු පළවෙනි පාර වගේ මතක. එක පාරක් ඇක්සලේටර් කේබල් එක මාරැ කලා. බ්රේක් පෑඩ් නම් මාරැකලා මන් හිතන්නේ 4-5 පාරක්. මාරැකරපු එක පාර්ට් එකක්වත් කම්පැනි නෙමේ. මේ වෙනකන් එක බයික් එකකටවත් කම්පැනි බඩු දාලා නෑ, කම්පැනි සර්විස් දාලාත් නෑ. නොර්මල් කොලිටි ස්පෙයාර් පාර්ට්ස් තමා පාවිච්චි කරලා තියෙන්නේ. තාම නම් කිසිම අවුලක් වෙලා නෑ.
මේකේ මට සෙට් වෙන එකම අවුල තමා කික් එකක් නැති කම. බැටරි ඩව්න් හරි ෆියුස් කේස් හරි වුනොත් තල්ලු ස්ටාර්ට් තමා. කරැමම වැඩේ ඒක තමා. වැස්සක එහෙම ඕෆ් වෙලා සෙල්ෆ් එකට ස්ටාර්ට් වුනේ නැති වුනාම ඉතින් මාර ආතල් එකක් තියෙන්නේ.
මම හුගක් වෙලාවට වැස්සේ බයික් එක පදිනවා. හුගක් වෙලාවට ගෙදර යද්දි තමා. ඒ වෙලාවලටත් හැන්ඩ්ලින් බ්රේක් වල වරදක් නම් නැහැ. හැබැයි වහින වෙලාවට ඉස්සරහ රෝදෙන් සෑහෙන වතුර එනවා කකුල් වලට. ස්ටැන්ඩර්ඩ් මජ් ගාර්ඩ් එක තමයි තියෙන්නේ. පිටිපස්සේ නම් අවුලක් නෑ මන් හිතන්නේ මොකද මේකේ පිටිපස්සේ මම ගිහින් නෑ.
සාපේක්ෂව ගත්තොක් මේ බයික් එක සාර්ථක නිශ්පාදනයක් ඩේ ටු ඩේ රයිඩින් වලට, දුර ගමන් වලදී පිටිපස්සේ ඉන්න කෙනාට ටිකක් අමාරැවෙයි වාඩිවෙලා ඉන්න.. ඩ්‍රයිවින් සීටීන් පොසිෂන් එක මරැ. හැන්ඩිලින් වලට හුගක් ලේසි.
කියවලා බලන්න මගේ අදහස.. බනින්න, අදහස් කියන්න ඕනේ එකක් කරන්න ඔයාලට සම්පුර්ණ අයිතියක් තියෙනවා.. ඔයාලගේ අදහසුත් බෙදා ගන්න කියලා මම නවතිනවා.
ෆොටෝ එකක් තියෙනවා ත්‍රෙඩ් එකට ඔබාගන්න තේරෙන්නේ නෑ
ජය වේවා!