LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක
    මේ ඊයේ චරිත් last ball එකට 2යි නේද දිව්වෙ? 4 දිව්වා නම් ඌ half century නෙ
    3ක් දිව්වා .. දෙකයි දෙන්නේ. 3ක් දිව්වෙත් Pak වල ඇත්ත score එක පාස් කරන්න නිකමට මම හිතන්නේ. .
    4ක් ගහන්න ඕනේ . දුවල ගන්න ඒවා ගණන් ගන්නේ නැ .
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    නෑ එහෙම වෙන්නෙ නෑ. ටීම් එක දිනුවට පස්සෙ දුවල ගන්න ලකුණු ගාන එකතු වෙන්නෙ නෑ
    Lol මම එහෙම එකක් දැනගෙන හිටියෙ නෑ කියහන්කො
    Happy Big Brother GIF by MOODMAN
    හුත්ති 😏


    3ක් දිව්වා .. දෙකයි දෙන්නේ. 3ක් දිව්වෙත් Pak වල ඇත්ත score එක පාස් කරන්න නිකමට මම හිතන්නේ. .
    4ක් ගහන්න ඕනේ . දුවල ගන්න ඒවා ගණන් ගන්නේ නැ .
    ආ... ඒක තමයි. 3 දිව්වෙත් නැද්ද කොහෙද
    ------ Post added on Sep 15, 2023 at 5:56 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    මැච් එකේ ටිකට් නැද්ද බන් කොහෙන්වත් ගන්න 6000ට අඩු ඒවා
    ඊයෙ රෑම බඩු ඉවර උනා බන් , දැන් තියෙනෙන් 6400ගානෙ එකනෙ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,906
    113
    බන්ගලි ඉන්දියාව ගහයිථ මන්දා
    ඉන්දියාවට රිදෙන්න ගහන්න පුළුවන්. බොරු Hype එක නිසා අපේ උන් බයවෙනව.
     
    • Like
    Reactions: C_S_M

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කුසල ෆයිනල් එකටත් ඉඳියිද?
    ඉදීවි නේ.. වෙන ගහන්න කවුරුත් නෑනෙ. නිස්සංකය නම් අනිවාර්‍යෙන් ගහන්න ඕනෙ 50 ක් වත් නැත්තම් වැඩක් නෑ
     
    • Love
    Reactions: Any.key

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    🐴🐑🐎අපේ ගම් පළාතේ එක ගොවිපලක අශ්වයෙකුයි, බැටලුවෙකුයි හිටියා. (ඔව්, අපේ ගමේ අශ්වයෝයි බැටලුවෝයි ඉන්නවා, ඇයි අවුල්ද?).

    මේ අශ්වයා කාලයක්, ඔය පළාතේ ඉඳපු වේගෙන්ම දුවන්න පුළුවන් අශ්වයා.

    හැබැයි පොඩි අසනීපයක් හැදිලා මේ අශ්වයා ටික ටික දුර්වල වෙන්න පටන් ගත්තා.
    පශු වෛද්‍ය තුමා අශ්වයාට බෙහෙත් නියම කරලා කිව්වා "සතියකින් මූ සනීප නොවුනොත්, අනිත් සත්තුන්ට ලෙඩේ බෝ නොවෙන්න, වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න වෙයි" කියලා.

    මේක අහගෙන ඉඳපු බැටළුවාට තමන්ගේ යාලුවා ගැන දුක හිතුනා.

    "අඩෝ! උඹට ඔහොම ඉන්න දෙන්න බෑ... නැගිටලා දුවපන්". බැටළුවා අශ්වයාව දිරි ගන්වලා ගත්තා.

    සතියකින් පශු වෛද්‍ය තුමා ආවම, අශ්වයා එදාට වඩා ටිකක් හොඳ තත්වයේ ඉන්න බව දැක්කා.
    "අපි මෙයාට තව සතියක් කල් දීලා බලමු. තව ටිකක් හොඳ අතට හැරුනේ නැත්නම්, ඩිෂුම් ඩිෂුම් කරමු" කියලා අයිතිකාරයට කිව්වා.

    මේක අහගෙන ඉඳපු බැටළුවා, තමන්ගේ යාළුවාව තව තවත් දිරිමත් කරා "මචන්... උඹ ගේම අත අරින්න එපා... නැගිටපන්. ඉස්සෙලා පස්සේ කකුල් දෙක උස්සපන්. දැන් ටිකක් දුවපන්".

    ඔය cycle එක තව සති දෙක තුනක් යද්දී, දැන් අපේ අශ්වයාට හොඳටම සනීපයි. ඌ දැන් නැගිටලා වෙනදා වගේම හොඳට දුවනවා.

    පශු වෛද්‍ය තුමා සතාව බලලා අයිතිකාරයාට කියනවා "ආ! දැන් මූට හොඳටම සනීපයි. වෙනදා වගේ දුවලා පැනලා ඉන්න පුළුවන්" කියලා.

    මේක අහපු ගොවිපල අයිතිකාරයාට මාර සතුටියි.

    "අඩේ... මේ සතුටට අද මම ගමටම පාටියක් දෙන්න ඕන. මෙන්න මේ කිසි වැඩකට නැති බැටළුවා මraළා ගමටම කන්න දෙන්න ඕන. කොහෙද, ගොවිපලට වෙලා පිනට කකා ඉන්නවා මිසක් මුගෙන් මෙලෝ වැඩක් නෑ" කියලා කියා කියා තමන්ගේ තුවක්කුව හොයන්න යන්න ගියා.

    ඔය කතාවේ අශ්වයා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම.
    බැටළුවා තමයි නායක දසුන් ශානක.
    ගොවිපොළ අයිතිකාරයා තමයි පිටතින් පෙන දේ විතරක් දැකලා තීරණ ගන්න ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ.

    ආ... ඕක අපේ ගමේ ගොවිපලක සිද්දියක් නෙවෙයි. අප්‍රිකානු ජන කතාවක්.
    #SriLanka #cricket #AsiaCup2023

    174B5AB0-166F-417A-A6C0-22284356BCA6.jpeg

    Copied
    ------ Post added on Sep 15, 2023 at 7:59 PM
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    මං හිතන්නෙ කැප්ටන් රෝල් එක ගොඩක් අය දනෙ නෑ. හැමෝම හිතන්නෙ බෝලර්ගේ වැඩේ බෝල් දාන එක බැට්ස්මන්ගෙ වැඩේ බැට් කරන එක. ටීම් එකට කැප්ටන් කෙනෙක් ඉන්න ඕනමද වගේ මේ කතා අහද්දි. ලෝකේ හොදම බෝලර්ස්ලා බැටාල ඉන්න ටීම් එකක් උනත් කැප්ටන්ගේ හරි බෝලින් චෙන්ජ් නැතුව හරි ෆීල්ඩ් එක හදන්නෙ නැතුව හරි ඩිරෙක්ශන් එකක් දෙන්නෙ නැතුව දින්න්න බෑ කියන එක ගොඩක් අය දන්නෙ නෑ. ඔතන දස්ස වෙනුවට ලන්කාවෙ හොදටම බැට් කරන කෙනෙක් දැම්ම කියල දින්න්න පුලුවන් ඌ ලකුණු ගහන හින්ද කියල හිතනවනම් ඒක පට්ට මෝඩ කමක්. මං දැක්ක ගොඩක් ඉන්ටර්නැෂනල් කොමෙන්ටේටස්ලා දසුන්ගේ බෝලින් චේන්ජ් එක සහ සිටුවේශන් හැන්ඩ්ල් කරන විදිහ අගය කරනවා. දස්සා බැටින් හොදට කරන්න ඕන එක ඇත්තක්. හැබැයි එයා බැට් කලේ නෑ කියල එයාව අයින් කරන එක තමා අපේ මිනිස්සු කියන ගොංම කතාව... මේකත් හරියට ලංකාවෙ හොදටම මැච් දිනපු කාලෙ කෝච් මාරු උන ගමන් පට්ටම ෆෝම් එකේ හිටපු ටීම් එකත් මැච් පරදින්න ගත්ත වගේ තමා. කැප්ටන් රෝල් එක මොකද්ද කියන එක ගොඩක් අය දන්නෙ නෑ

    ඒක හරි ඔච්චර ඕනේ නෑ වෙස්ටින්ඩීස් වල ඩැරන් සමී දිහා බැලුවහම ලග මැච් බලපු උන් දැන ගන්න ඕනා. අද ඒ ටීම් එකේ කිසිම ස්කිල් වල අවුලක් නෑ. අද උන් කරන්නෙ උන්ගෙ ජොබ් එක මිසක් ටීම් වර්ක් එකක් නෙමෙ. ඒකයි උන් කොච්චර හොද උනත් කෙල වෙලා තියෙන්නෙ මැච් එකක් බැලුවහම තෙරෙනවා උන් ෆැමිලි එකක් වගේ නෙමෙ සෙල්ලම් කරන්නෙ කියලා

    -copied