Battle of Mullaitivu (මුලතිව්) 1996

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,782
    11,265
    113
    ඒක මට දුන්නේ යාලුවෙක් බං. CD set එකක්. බැලුවේ 2004 දි විතර. කෑම්ප් එක ඇතුලේ කොටි ඔත්තුකරුවන් (හමුදාවෙම) හිටියා කියලා හොදට තේරෙනවා කලින් දවසේ හොද බොන පාටියක් කෑම්ප් එකේ තිබුන. එකත් ඒ video එකේ තියෙනවා
    Internet eken hoyaganna barida?
     
    • Like
    Reactions: DXB2021

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,234
    113
    Internet eken hoyaganna barida?
    දන්නෑ බං. යාලුවාට CD set එක ලැබුනට ඌට බලන්න විදියක් තිබුනේ නැහැ. මගේ ළග desktop එකක් තිබුන නිසා ඌ ඒක අපේ ගෙදර අරන් ආවා බලන්න. බැලුවට පස්සේ ඌ ඒක ආයෙත් ගෙනිච්චා
     
    • Like
    Reactions: DXB2021

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,234
    113
    poddak hoyala balapan net eke. :yes: thanks, ela!

    tamil walin (eng to tamil translate karala) hewwuama thibba 2hours and 35min vid ekak, ekada danneth na!
    ------ Post added on Aug 4, 2025 at 7:27 AM
    වෙන්න පුළුවන්. බලපං අර බොන පාටිය එහෙම තියෙනවා ද කියලා. ඒ සීන් එක තිබ්බෙ මුල් හරියේ.
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    වැඩිපුරම කොටි ඩයස් පෝරාවට ඕන දේවල් කරන්නේ

    ඔව්. අන්තිමට හමුදා නිලධාරීන් අපි වෙනුවෙන් කැපවෙලා යුද්ධ කරලා දැන් හිරේ ලගිනවා මාලිමා ආණ්ඩුව යටතේ කාදිනල්ගේ සහ කොටි උවමනාවට.
    යුද්දෙට කිසිම සම්බන්දයක් නැති කොළබ ඉදපු පොඩි කොල්ලො 11ක් කප්පම් ගන්න ගෙනිහිල්ල සමහර උන්ට ඉල්ලපු සල්ලි ගෙව්වට පස්සෙත් 11ම මරල දානවා කෙස් එක එලිවෙයි කියල. අනිත් එක කෑගල්ලේ ශාන්ත කියන එකා යුද්දෙකකට ගෑවිලාවත් නැති එකෙක්, කෙලින්ම දේශපලුවෙක්ගේ පුද්ගලික ඇරියස් එකකට වාස් ගුනවර්දනගෙ ටීම් එකෙන් උස්සල අතුරුදහන් කරන්න දෙන්නෙත් KKS ගන්සයිඩ් එකට. ඔය නිකන් දැනට එලියට අපු කේස් දෙකක් විතරයි. මේවට නං අනිව නඩුඅහල සම්බන්ද උන් ඇතුලට දාන්න ඕනෙ. තමන්ගෙ එකෙක්ට ඕක උනානං එතකොටත් උබ forces නං කිසි අවුලක් නෑ අතැරල දාන්න කියනවද? එහෙම නං ඉතින් වාස් ගුනවර්දනයි උගෙ පුතයි උන් සෙට් එකත් එලියට දාන්න ඕනේ. ලංකාවේ උන් පට්ට සෙල්ෆිෂ් තමන්ට දෙයක් වෙනකන්. යුද්දෙ වෙනයි මේ ගූ කේස් වෙනයි.

    gun_side.jpg
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    TFS. මට මාරම දුකයි දේශපාලුවන්ගෙයි, හමුදාවේ ලොකු පුටු වල අමනයන් ගෙයි වැඩ වලට හමුදාවේ කොල්ලන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වුන එක ගැන. මේ කෑම්ප් එකේ හිටපු හමුදාවේ කොල්ලන්ට අමතරව SF එකේ first SF regiment එකම වගේ අණදෙන නිලධාරී කර්නල් ෆස්ලි ලෆීර් එක්කම නිකරුනේ නැතිවුණා. SF එකට මුලින්ම උපදෙස් දුන්න විදිහට වෙරළ තීරය අල්ල ගත්තාම අනිත් පාබල හමුදා ගොඩ බැහැලා SF එකත් එක්ක camp එක අල්ල ගන්න යන්න තිබුනේ. හැබැයි SF එක වෙරළ තීරයට අමතරව තවත් ගොඩබිමට buffer zone එකක් අල්ලගෙන හොද operation launching pad එකක් හදලා තිබ්බත් පොරොන්දු වූ විදියට infantry reinforcements ගොඩ බැස්සෙ නෑ. එකෙන් වුනේ SF first regiment එක ආසන්න වශයෙන් සමූලඝාතනය වුන එක. ඒ සටනින් SF එකේ captain රාජ් විජේසිරි ත් බරපතල තුවාල ලැබුවා. රටේ වාසනාවට ඔහුව හෙලිකොප්ටර් එකකින් evacuate කලා. එයාත් එතනදී මැරුනා නම් සමහර විට SF LRRP unit එකක් කවදාවත් බිහි නොවෙන්න ඉඩ තිබුනා. මොකද රාජ් විජේසිරි තමයි ඒක පස්සේ කාලෙක පටන් ගත්තේ. නැතිවුණ කර්නල් ෆස්ලි ලෆීර් කියන්නේ SF එකේ හිටපු හොදම වැඩ කාරයෙක්. අන්තිම යුද්දෙදී පුදුම සේවයක් කරන්න තිබුන කෙනෙක්.

    කනගාටුවට කරුණ තමයි වගකීම මගහැරපු කෑම්ප් එකේ ලොක්කා ලෝරන්ස් ප්‍රනාන්දුට විරුද්ධව කිසිම පියවරක් නොගැනීම. ඌ 2006 විතර වෙනකං හමුදාවේ ඉදලා මාණ්ඩලික ප්‍රධානී විදියට retire වුනා. අනිත් වැරැද්ද තමයි කෑම්ප් එක කොටි අල්ලා ගත් වෙලාවේ ගුවන් ප්‍රහාරයකින් විනාශ නොකිරීම. මම කොටි හදපු පැය තුනේ සම්පූර්ණ වීඩියෝව බැලුවා. ප්‍රභාකරන් කිසිම ගානක් නැතුව කෑම්ප් එකට ඇවිත් අල්ල ගත්ත කාලතුවක්කු පවා එලියේ ඉදගෙන පරීක්ෂා කරා. ඒ වෙලාවේ දැඩි ගුවන් ප්‍රහාරයක් එල්ල කලා නම් කොටි බර ගානක් සමූලඝාතනය කරලා දාන්න තිබුණා නායකයො එක්කම. ඒ කාලේ ගුවන් හමුදාව කෆීර් තිබිලත් එහෙම කරන්න කවුරුත් නියෝග කලේ නැති එක අදටත් ප්‍රශ්නයක්.
    maat oka beluwa kalin. reinforcements apu neti nisa kela una kiyala tamai kiyanne. Oya video ekemada koheda tibuna camp eke sketch ekak hadala attack karanna kalin ltte ekan practice karana video tikak. okkoa inside information etika eliyata gihilla tibila tiyenne. taama kattiya uba oya kiyapu prashna tika mathu karanawa. adu gaane antimata aerial attack ekak dunna nam loku damage ekak karanna tibba.
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    යූටියුබ් එකේ ලංකාවේ යුද්දෙ ගැන අද වෙනකන් හදපු හොදම ඩොකියුමන්ට්‍රි සීරිස් එක හැදුවෙ බණ්ඩගෙ බක්කිය. අප්ඩේට්ස් නැවතුන දවසෙ ඉදන් අද වෙනකනුත් දැන් අවුරුදු හත අටක් ගිහිල්ලත් තාම සමහර වෙලාවට ගිහින් බලනව කමෙන්ට් එකක හරි අප්ඩේට් එකක් තියේද කියල. හදපු පොර හොයාගන්න ට්‍රයි කලාට බැරිඋනා, පොර මැරිල කියලත් ඒ දවස්වල කතාවක් ගියා. කවුරුහරි දන්නවනං විස්තරේ දාන්න.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    මේකේ ලොකුම සිද්දිය ගොඩක් අය සැක කරන්නේ කදවුරේ හිටපු දෙමල කාලතුවක්කු කපිතාන් මේකට කොටින්ට උදව් දුන්න කියලා. පොරත් සිද්දියෙන් පස්සේ ආගිය අතක් නැතිලු...

    හැබැයි කවුරුවත් පොරගේ background එක හොයන්න යන්නේ නෑ... පවුලේ අය, නෑදෑයෝ ඉන්නවා ඇතිනේ. ඒවා පස්සෙන් පන්නල ඇත්තටම පොරමද මේකට උදව් කරේ, නැත්නම් ලොක්කොන්ගේ වැරදි වහගන්න උව පාවිච්චි කරාද කියලා හොයාගන්න බැලුවනම් හරි...
    හැබැයි කමල් ගුණරත්නම කියලා තිබ්බ පොර ඒවගේ දෙයක් කරා කියලා හිතන්නේ නෑ කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,089
    1,338
    113
    පේමන්ට් එකේ.
    machan oya tankiye hangila hitapu kenek liyapu pothak thiyenewa. man giya awrudde book fair eken gaththa. oya kathawa oya widiyatama thiyenewa.

    I already have that machan. ඇත්තටම පොතේ මේ Interviews වල නැති Details තියෙනවා. ඒත් සීන් එක කියන්නේ පොතේ සමහර ඒවා Filter කරලා තියෙන්නේ. පොත ලියන්නෙත් හමුදාවේ ඉන්න ලුතිනල් කර්නල් කෙනෙක්. ඒක නිසා මම අර Thread එකේ කියලා තියෙන විදිහට, තමන්ගේ ජීවිතේ රැකගන්න හමුදාවේ අයව දාලා යන සීන් එහෙම පොතේ නෑ ඇත්තටම. තව කිව්වොත්, මේ ත්‍රෙඩ් එකේ තියෙන තමන්ගේ අම්මගේ අක්කගේ පුතා දාලා යන සීන් එක එහෙම පොතේ ගාණට Skip කරලා තියෙන්නේ. ඒවගේ ඒවා දැම්මොත් හමුදාවට පොඩි Black Mark එකක් එයි කියලා හිතන්න ඇති. ඒකයි මම ඔය Interview සෙට් එකට කැමති. ඒ ටිකේ උන් ටික අමුවෙන්ම කියනවා. ඒත් මේ Interview එකේ නැති ගොඩක් දේවල් පිළිවෙලට පොතේ තියෙනවා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka

    oww. thama active service eke inna kenek. ae hinda samahara dewal skip karanna athi.

    https://alt.army.lk/slma/node/7676
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    CBK කියන චෝර රැජින මුසල ගෑනි ගේ කාලේ වුන දේවල් තමයි ඔය විස්කි බිබී රට කරපු එකේ විපාක ඔය මුලතිව් වලට වඩා 100 විශාල හානියක් වෙන්න ගිය එක නවත්ත ගත්තේ නැත්තම් තාම යුද්දේ යනවා යාපනේ කොටුව වට කරපු වෙලේ විස්කි බිලා කැබිනට් මීටින් එකට ඇවිත් හිරවෙලා හිටපු 50000 අතරලා දාන්න කියලා කියද්දී අනුරුද්ද රත්වත්තේගේ තනි විරුද්ද තාව නිසා බේරුනේ හිරවෙලා හිටපු අර්මි එක. අනුරුද්ද රත්වත්තේ නැත්තම් 50000 ම ඉවරයි මල්ටි බැරල් ගෙනල්ලා තමයි බේර ගත්තේ.

    දැන් කියනවා ආයුද ගෙනාවේ එයාලු දන්නෝ දනිති මහින්ද රට ගද්දි බුලට් වත් තිබ්බේ නැ තිබ්බ ආයුද හරියට නඩත්තු කරලා තිබ්බේ නැ හරියට යුද්දේ තිනිකරම මෙච්චර කල් ඇදෙන්න ලොකුම හේතුවක් තමයි චෝර රැජින යුද්දේ ඉවර කරන්න කරපු දෙයක් නැ ලංකාවේ අසාර්තකම ජනාදිපති කියන්නේ ඒකයි.

    හමුදාව කොච්චර හොඳ උනත් හරි දේශපාලන නයකත්වයක් නැත්තම් යුද්දේ දිනන්න බැ කියන්න හොඳ උදාහරණයක් තමයි චෝර රැජින.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම කොටි හදපු පැය තුනේ සම්පූර්ණ වීඩියෝව බැලුවා. ප්‍රභාකරන් කිසිම ගානක් නැතුව කෑම්ප් එකට ඇවිත් අල්ල ගත්ත කාලතුවක්කු පවා එලියේ ඉදගෙන පරීක්ෂා කරා

    වෝ ෆයිටර් මේ කියන විඩියෝ එක කවුරු හරි ගාව තියද?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    TFS. මට මාරම දුකයි දේශපාලුවන්ගෙයි, හමුදාවේ ලොකු පුටු වල අමනයන් ගෙයි වැඩ වලට හමුදාවේ කොල්ලන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වුන එක ගැන. මේ කෑම්ප් එකේ හිටපු හමුදාවේ කොල්ලන්ට අමතරව SF එකේ first SF regiment එකම වගේ අණදෙන නිලධාරී කර්නල් ෆස්ලි ලෆීර් එක්කම නිකරුනේ නැතිවුණා. SF එකට මුලින්ම උපදෙස් දුන්න විදිහට වෙරළ තීරය අල්ල ගත්තාම අනිත් පාබල හමුදා ගොඩ බැහැලා SF එකත් එක්ක camp එක අල්ල ගන්න යන්න තිබුනේ. හැබැයි SF එක වෙරළ තීරයට අමතරව තවත් ගොඩබිමට buffer zone එකක් අල්ලගෙන හොද operation launching pad එකක් හදලා තිබ්බත් පොරොන්දු වූ විදියට infantry reinforcements ගොඩ බැස්සෙ නෑ. එකෙන් වුනේ SF first regiment එක ආසන්න වශයෙන් සමූලඝාතනය වුන එක. ඒ සටනින් SF එකේ captain රාජ් විජේසිරි ත් බරපතල තුවාල ලැබුවා. රටේ වාසනාවට ඔහුව හෙලිකොප්ටර් එකකින් evacuate කලා. එයාත් එතනදී මැරුනා නම් සමහර විට SF LRRP unit එකක් කවදාවත් බිහි නොවෙන්න ඉඩ තිබුනා. මොකද රාජ් විජේසිරි තමයි ඒක පස්සේ කාලෙක පටන් ගත්තේ. නැතිවුණ කර්නල් ෆස්ලි ලෆීර් කියන්නේ SF එකේ හිටපු හොදම වැඩ කාරයෙක්. අන්තිම යුද්දෙදී පුදුම සේවයක් කරන්න තිබුන කෙනෙක්.
    බැස්සෙ නැ නෙවෙයි මචන් බහින්න දුන්නෙ නැ. නෙවි ලැන්ඩින් ක්රාෆ්ට් වල ආපු 1 කොමාන්ඩො එකට බහිද්දිම උන් මෝටාර් වක්කරලා තියනවා කොමන්ඩොස්ලා 20-30ක් එතනම ඉවරවුනා වෙලාවට ලැන්ඩින් ක්රාෆ්ටෙකෙ දොරට විතරයි මොටර් එකක් වැදිලා තියෙන්නෙ. උබ බලපු විඩිඔ එකෙ කොටි වතුරෙ ඉඩලා වෙපන් අරනෙන්නෙ එඅ මැරිච්ච කොල්ලොන්ගෙ එවා. නෙවි නැවකුත් සුවිසයිඩ් බොට්ටුවකින් ගිල්ලුවා.ඔය විඩියො එකෙ තියෙන්නෙ එක. දවස් පහකට විතර පස්සෙ තමයි රිඑන්ෆොර්ස්මෙන්ට් ලැන්ඩ් කරගන්න පුලුවන් උනෙ.