දස්සාව open යවන්න තියෙන්නෙ බන්. පැතුම් 3වගේ දැම්ම නම් හරි. දස්සයි පවනුයි open දාන්න ඕන.
දස්සාව ඕපන් යවන්න බෑ බං. ඌට අලුත් බෝලෙන් එවන ෆාස්ට් බෝල් වලට ගහන්න බෑ. ඌට ගහන්න නම්,
පිච් එක ෆ්ලැට් වෙන්න ඕනේ.
පරණ බෝලෙන් බෝල් කරන්න ඕනේ.
ස්පින් බෑ. ෆාස්ට් බෝල් විතරයි බෝල් කරන්න ඕනේ.
රතු බෝලේ බෑ. සුදු බෝලේ විතරයි.
බෝල් කරද්දි අඩි හයට වඩා උස එවුන් බෝල් කරනවා නම් බෑ.
ඩේ ඇන්ඩ් නයිට් ගහනවා නම් ලයිට් එක උගේ ඇහැට මැච් වෙන්න තියෙන්න ඕනේ. (ඌම තමා දන්නේ මැච් වෙන ගාන.)
කලින් මැච් වල පෆෝම් නොකරපුවාට ප්රේක්ශකයෝ බැනලා නැති වෙන්න ඕනේ.
කොටින්ම කොඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි තුත් ඕනේ.