මං වික්ටර් රත්නායකයන්ගෙ ගීත වලට ගොඩක් ආසයි...මේ ගීතයත් හරිම ලස්සනයි.....![]()
ඔව් වික්ටර්ගෙ කටහඬ ඒ දවස්වල හරිම සෞම්‍යයි. පුංවි කාලෙ මගේ ප්‍රියතම ගායකයා.
හම් හම් හම් ....
පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් යමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිනී
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසම් ලදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
අපේම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පෙමින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරෑ ලෙසිනේ
සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
***වික්ටර් රත්නායක***















