පද පේලි .....

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " අපි එකම රෑනේ කුරුල්ලෝ
    අපි එකම රෑනේ කුරුල්ලෝ
    මේ පාරදීසේ....
    නෑ වෙන්වන්නේ.. නෑ තනිවන්නේ...
    වරෙල්ලා මේ රෑනේ..."

    " මදු තියලා.. දැල් එලලා...
    නෑ පැටලෙන්නේ අපි.
    අපේම ලොවකට පියඹා යන්නේ
    වරෙල්ලා මේ රෑනේ..."

    " අපි එකම රෑනේ කුරුල්ලෝ
    අපි එකම රෑනේ කුරුල්ලෝ
    මේ පාරදීසේ....
    නෑ වෙන්වන්නේ.. නෑ තනිවන්නේ...
    වරෙල්ලා මේ රෑනේ..."

    " තටු ලැබුනේ.. පියඹා යන්නයි...
    කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
    අපේම ලොවකට පියඹා යන්නේ
    වරෙල්ලා මේ රෑනේ..."

    ~~ විජේසුන්දර වේරගොඩ ~~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරියේ ඔබ නැත
    ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන්
    වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.... :dull:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පියැවී ලොවේ කිසිදා එක්වෙන්නේ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නේ නෑ
    දෙතැන තනිවී සදා
    හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මා ලඟින්...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මතු දිනයකදී මාගෙන් සමුගෙන ඔබ ඉවතට යනවා
    අපේ මතකෙයේ බිඳුවක් ඔබ හට තිබුනොත් සෑහෙනවා..
     

    nwnbs

    Member
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට...ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ නැගෙනාතුරු තනි මේ රාත්‍රියේ
    මීමල් සුවඳක් අරන් ඇදෙන සුළගේ
    බඹරෙකු ඇදුනා ඒ මල් සුවඳ දිගේ
    මලේ සුවඳ මට දැනුනා හෙමින් සැරේ

    ආරියසිංහ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    ඔබ හට හැම සැප එහි දෙන්නම්

    සඳ පායන කල ගඟබඩ ඉදගෙන
    ඔබෙ හිස පීරන්නම්
    ඔබෙ හිස පීරන්නම්
    මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
    ඔබගෙන ඇවිදින්නම්
    ඔබ ගෙන ඇවිදින්නම්
    සොඳුරියෙ ආදරබස් දෙන්නම්
    සොඳුරියෙ ආදරබස් දෙන්නම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිනා සිසී එයි වසන්තයක් යළි
    හද දිණු ප්‍රේමයේ මල් පුබුදන්නට
    පොත් මිටියක් ගෙන ඇය දිව එනවා
    පාළු මාවතේ මා හමුවන්නට

    සෝමතිලක
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්//
    සීපදයක් වාගේ කොඳුරනකොට කනට හෙමින්//
    මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්//
    අපි දෙන්නට දෙන්න අයිතියි ඇහැපිය වෙනකන්//

    :(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සාගරේ පරදා හඩා
    කදුලැල් සලා
    ආදරේ නාමෙන්
    ප්‍රේමයෙන් දිනූවෝ
    ප්‍රේමයෙන් දිනුවෝ
    පෙම්වතුන් මේ ලෝකයේ..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාන්දර ඇවිත් නූපුර සලා රගන්නී
    කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
    මගේ මදෝරී ලංකා දැහැන ගයාන්නී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නලල වියලවා විගසින් තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙරැළින් දිය වෑහෙනවා රාජිණී
    ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිණී
    දිලිහෙනවා රාජිණී දිලිහෙනවා රාජිණී
    ....
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Amila Malli...Puluwannam Me sinduwe Ithiri Kotasa Post Karanna Ko...

    Kandulu Hela Nebiliyata Sahal Garana Amma...
    Susum Hela Gini dalu gena Lipa Molawana Amma...

    ( Deepika Priyadarshani )
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    සිනා පොදක්වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරු මට
    කදුලැල්ලක් වි ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    විසඳූමක් නැත ලෝකයෙන්
    සමාවක් නැත ලෝකයෙන්
    අසම්මතයේ පෙම්වතුන් අපි
    දෛවයට ඉඩදී.... බලා සිටිමූ

    මල් පියලිවන් අපේ හදවත්
    තබා ගිනිගෙන තලා කුළුගෙඩියෙන්
    මේතරම් ඇයි රිදුම් දෙන්නේ
    සමච්චල් කර සිනාසෙන්නේ

    අමෝරාගත් අයෝමය අවි
    රැගෙන සිව්දිග රැඳෙන මුත් සතුරන්
    දෛවයේ යම් හාස්කමකින්
    හමුවුණොත් හමුවුණාවේ

    විසඳූමක් නැත ලෝකයෙන්
    සමාවක් නැත ලෝකයෙන්
    අසම්මතයේ පෙම්වතුන් අපි
    දෛවයට ඉඩදී....බලා සිටිමූ

    බලා සිටිමූ. බලා සිටිමූ....


     
    Status
    Not open for further replies.