ආපසු එනවා මගෙ සිත ඉබි ගමනින්
ඔබ ඈතක රදවා
කාට කියන්නද කෙලෙස කියන්නද
අප සිත් හඩන තරම්..
අප සිත් හඩන තරම්..
ඔබ ඈතක රදවා
කාට කියන්නද කෙලෙස කියන්නද
අප සිත් හඩන තරම්..
අප සිත් හඩන තරම්..
සඳළුතලේ නිල්මිණී දල්වා
හද කලඹයි නාමල් පුබුදයි
ඔබ ඈතයි මා දිළීඳූ නිසා
සිහිනෙන් එන්නම් මා
යන්නට කැන්දා
අඳූරුවු සිත මගෙ නොනිදි රැයේ
එළිය ඔබෙන් පතයි නගේ
විඩාබරවු අඩවන් දෙනෙතේ
ඔබෙ රුව මැවුණේ සිත් සහනේ
පුන්සඳ නැගුනේ මේ රැයේ
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ
සඳළුතලේ නිල්මිණී දල්වා
හද කලඹයි නාමල් පුබුදයි
ඔබ ඈතයි මා දිළීඳූ නිසා
සිහිනෙන් එන්නම් මා
යන්නට කැන්දා
යන්නට කැන්දා....
- නලීන් පෙරේරා
Sadaluthale.mp3