මේ අවුල ලිහාගන්න දක්ෂ උනොත්, ඔයාලට සංසාර ගමනේ අවසානය දුර නැහැ!!!
හැබැයි, බොහොම seriously මතක තබාගතයුතු කරුණු කිහිපයක් තියනවා!!!
අපි කවුරුවත් සංසාර ගමනක් කියල දෙයක් ගැන දැනගෙන, ඒකට හේතුවෙච්ච දේවල් දැනගෙන ආව ගමනක් නෙවෙයි මේක!! මේ වෙනකොට එක එක පොත් පත් කියවලා, එක එක දේශනා අහල, අවුල් ගොඩාක් හදාගෙන කොනක් පොටක් හොයාගන්න බැරුව ඉන්නවා නම්, ඒ අහපු කියවපු ඒවායේ අවුලක් නිසයි එහෙම වෙලා තියෙන්නේ!!! ඇත්තටම නම් ජීවිතය අවබෝධ කරලා, සංසාර ගමනෙන් එතෙර වෙච්ච පුංචි පුංචි ඇත්තෝ මහා හුඟාක් ඉන්නවා!! ඒ උදවියත් අවබෝධ කරගත්තු මේ කතාන්දරය අහස පොලව ගැටගහනවා වගේ මහා බරපතල case එකක් හැටියට, අපිවගේ උදවියට බැරි දෙයක් හැටියට, කීයට වත් හිතන්න එපා!! කාටත් තේරෙන විදියට සරලව තෙරුම්කරලා දෙන පුළුවන් නම්, එයාලට හිතල කල්පණා කරලා බලන්න තියෙන්නේ මොනවද? කොහොමද ඒක කරන්න ඕනේ කියන සේරමත් හොඳට තෝරලා දෙන්න පුළුවන් නම්, අනිවාර්යයෙන් හුඟ දෙනෙක් මේ ජීවිතේදිම ප්‍රතිඵල ලබනවා!!! ඒක ප්රත්යක්ෂ කරුණක්!!!
හැබැයි ඉතින් කොහොම මොනවා කියන්න ගියත්, තමන් මේ වෙනකොට ඔලුගෙඩි වලට ඔබගෙන තියන පිස්සු කතන්දර එක්ක ගලපලා මේ කියන්නේ බොරු, ඕව ඔහොම නෙවෙයි, මෙහෙමයි වෙන්නේ කියල බකපණ්ඩිත කම් කියවන්න තියාගත්තොත් කීයටවත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන එකක් නම් නැහැ!!! ඊළඟට අපේ ඇස්වලින් දකින්න බැරි, අපේ කන්වලින් අහන්න බැරි, අපටම තනියෙන් දැන අවබෝධකරගන්න බැරි හැමදේටම අපිට තියන එකම පිළිසරණය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ පිළිසරණය පමණයි!!! උන්වහන්සේ කරන්නෙත් උපදෙස් දීමක්, මාර්ගෝපදේශනය කිරීමක්!! ඉතින් ඒ කියන දේවල් ඒ ආකාරයෙන්ම පිළිනොගෙන තම තමන්ගේ බුද්ධියෙන් විමසන්න වගේ මොට්ට, මෝල් වැඩ කරන්න තියාගත්තොත් ඒත් අනාතයිම තමයි!!! කවදාවත් ගොඩයන්න ලැබෙන්නේ නැහැ!!! ඊළඟට, ධර්මය දැක්ක, අවබෝධ කරපු කෙනෙක් අනික් උදවියට උපකාරයක් මිසක් අවැඩක් කරන්නෙත් නැහැ!!! ඉතින් ඔන්න ඔය කරුණු හොඳට හිතට අරන්, විශ්වාසයකින් කියන විදියටම කරගෙන ගියොත්, ඔයාල කවුරුවත් අසරණ වෙන එකකුත්, අතරමං වෙන එකකුත් නැහැ!!!
අනවශ්‍ය කලබලයක් එපා! මම ටික ටික ලියල දාන්නම්. හොඳට කල්පණා කර කර කියවල බලල තේරුම්ගන්න!! ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න!!! වෙන වෙන උදවියගේ කතන්දර මෙතනට ඇදගන්නත් එපා!! මම දැන් මේ subject එක හොඳටම දන්නවා...