'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හරිම වැදගත් කතාවක්. එතකොට ඔය ගබඩා වීම සිදුවෙන්නේ මොන ආකාරයටද?
    එහෙම ගබඩා වෙලා තියෙන්න ආත්මෙන් ආත්මෙට යන ස්ථිර සිතක් තියෙන්න ඕනේ නේද ?
    බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කියල තියනවද .
    එහෙම දෙයක් තියනවනම් එකට මම කියල කීමේ වැරද්දක් තියනවද . උදාහරණයක් විදිහට මට සම්බන්ද මතකය ගබඩා වෙලා තියන ආත්මෙන් ආත්මෙට යන සිතට වෙන අයගේ දේවල් සම්බන්ද වෙන්නේ නැත්නම් එම සිතට මම කියල කියන්න බැරිද
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    Mama kiyanne ape agata nemei kiyana eka ubata therenawanam echcharai...................
    Marila aayeth ipadenne apimai kiyana eka ubalata therenawane................ heven and hell kathaawa tikak practicle ne kiyala ubata therenawane.....
    ithin "mama" aaathmayen aathmayata gaman karanawa. ape aga nikan "mage" wasasthanayak echcharai............
     

    nwss

    Member
    Jan 21, 2011
    12
    1
    0
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)


    i agree with you.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට කවුද මහත්තයෙක්, 04-14-2011 වෙනිදා රෑ 08:13ට 'පල _කන්නා' කියල comment එකකින් කියල තිබුන! ඉතින් ඒ මහත්තය පව් නේ... එයා කියපු නිසයි මම ටික දවසකට නොඇවිත් හිටියේ...
    :rofl::rofl::rofl:

    ඕං ආයේ ආව... දැන් ආයේ වැඩේට බහිමු! මම ලියන්නම් කියවල/බලල ප්‍රයෝජනයක් ගන්න උදවිය එහෙම කරන්න! _කේ අමාරු තියෙන උදවිය ඇති පදමට බනින්න! එහෙම බැනල, තම තමන්ගේ අසනීප වත් සුවපත් කරගන්න බලන්න!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mama kiyanne ape agata nemei kiyana eka ubata therenawanam echcharai...................
    Marila aayeth ipadenne apimai kiyana eka ubalata therenawane................ heven and hell kathaawa tikak practicle ne kiyala ubata therenawane.....
    ithin "mama" aaathmayen aathmayata gaman karanawa. ape aga nikan "mage" wasasthanayak echcharai............

    ඔය heaven & hell කතාව නම් කියල තියෙන්නේ පොඩ්ඩක් දැනගෙන කියපු කෙනෙක්!!
    සේරම පරතෙරටම අවබෝධ කරපු, දැනගත්තු බුදුරජාණන්වහන්සේලා ඔයිට වඩා සවිස්තරව ඔය සේරම ගැන කියල දෙනවා!!!

    අපේ කාලයට අයිති ගෞතම බුදුරජාණන්වහන්සේ අපාය 4ක්, දිව්‍යලෝක 6ක් සහ බ්‍රහ්මලෝක 20ක් තියනවා කියල කියල දුන්න! අපායේ වෙන දේවල් ගැනත් අපිට බොහොම සවිස්තරව කියල දීල තියෙනවා! ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වලට වැඩම කරලා, ධර්මයත් දේශනා කරලා තියෙනවා!!

    වැඩේ තියෙන්නේ මේ අපි, 'අනාගාමී බ්‍රහ්මලෝක' වගේ සුපිරි ඝනයේ ඒවා හැරෙන්න අනික් හැම ලෝකෙම වගේ කරක් ගහල තියෙනවා මේ වෙනකොට!!! අම්බානට දුක් විඳලත් තියනවා, මදි නොකියන්න සැපත් විඳලා තියෙනවා! හැබැයි අහපු/දැකපු/විඳපු/හිතපු/හඳුනගත්තු/කරපු/කියපු/දැනගත්තු ඒවා ගැන 'මතකයක්' හැරෙන්න වෙන එකතුකරගත්තු දේවල් නම් මොකවත්ම නැහැ!! තව කොච්චර දුර ගියත් එච්චරයි!!! අන්න ඒක හන්ද, මේ දිගින් දිගට යන එක නම්, කෙහෙල් ගස් කප කපා අරටුවක් හොයනවා වගේ කිසි තේරුමක් නැති වැඩක් කියලයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ!!

    අනික් upsetම caseඑක තමයි, අපි ගෙවාගෙන ආව මුළු කාලයෙන් 99% විතරම ඉඳල තියෙන්නේ සතර අපායේ, අම්බානට දුක් විඳ විඳ!!!
    අනික් එක දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වලට යන්නෙත් කර්ම හා කර්මඵල විශ්වාස කරන, සිතින්, කයෙන් සහ වචනයෙන් යහපත් දේ කල, අයහපත් දේ නොකළ ඉතා...ආ...ආආ...ආආආ...මත් සුළු පිරිසක් විතරයිලු!!! තේරුණාද???
    කොහොම හිතන් හිටියත්, මැරෙන මැරෙන මනුස්සයෝ යන්නේ නිරය, තිරිසන් හා පෙරේත ලෝකවලට ලු!!!
    joke එකක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ දැකලමයි කියල තියෙන්නේ!!!


    අන්න ඒකයි මේ මම කියන කතා වැදගත් වෙන්නේ...
     
    • Like
    Reactions: thelaa rox

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරිම වැදගත් කතාවක්. එතකොට ඔය ගබඩා වීම සිදුවෙන්නේ මොන ආකාරයටද?

    AncientGlory සහෝදරයා මම කරපු 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු' thread එකට සම්බන්ධ උනත් නේද? ඒකෙ මේ කතාන්දරය සිද්ධවෙන හැටි එහෙම්පිටින්ම පෙන්නුවා නේ... තේරුණේ නැද්ද? හැබැයි ඉතින් ඒක දිරවන්නේ technical කෙනෙකුටම තමයි! ඒත් වැඩේ තියෙන්නේ, උවමනාවක් තියනවා නම් ඕනේ කෙනෙකුට technical knowledge එක තියන යාලුවෝ, ගුරුවරු වගේ උදවියගෙත් එක්ක එකතුවෙලා ඔය සේරම හොඳටම තේරුම් ගන්න තිබුන!! තේරුම් ගත්තා නම් ඊළඟට හිතන්න තියෙන්නේ "අනේ... මේ 'මාත්' ඔය වගේම හැදිච්ච දෙයක් විතරනේ... ඇත්තටම නම් මෙතන පවත්වාගෙන යන්න, අල්ලගෙන ඉන්න වැදගත් දෙයක් නැහැ නේ..." කියන එකයි!! ඒ කියන්නේ සත්‍යාවබෝධයට පැමිණීමයි!!! ඊළඟට, "කලින් මේවා නොදැන මුලාවේ හිටිය එකෙන් මට කොච්චර දුක් විඳින්න සිද්ධවෙලා තියෙනවද? දැන් ඉතින් මේවා අතහැරලා දාල නිදහස් වෙන එකමයි හොඳ!!" කියලා පූර්ණ උපේක්ෂාවට ආවා නම්, 'තමන්' සදහටම නිදහස්!!! අන්න ඒකයි මේ මං කරන සේරම දේවල් වලත් එකම අරමුණ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම නම් ඔය ගබඩා වීම සිද්ධවෙන්නේ 'විද්‍යුත් චුම්බක තරංග' ආකාරයෙන්!! ඒ විදියට ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් නැහැ!! අනන්ත අප්‍රමාණ මතකයක් ගබඩා වෙනවා කියන එක බොහොම සුළු දෙයක්!!! අන්න ඒ හන්දයි හිත දියුණු කරලා, හතරවෙනි ධ්‍යානයෙන් එහාට ගිහින්, චුතූපපාත ඥාණය (මීට පෙර ගතකල ජීවිත ගැන සිහිකිරීමේ හැකියාව) උපද්දව ගත්ත අය ඉවරයක් නැතුව කල්ප ගණන් ඈතට ඈතට බලනවා කියන්නේ.

    ඊළඟට තියන වැදගත්ම ලක්ෂණය තමයි විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් තියෙන දෙයකට ඉඩක් ගන්නවා, ඉඩක් අවශ්‍ය වෙනවා කියලා එකක් නැහැ!! ඉඩ, පරිමාව කියන 'මානය' විද්‍යුත් සංඥා සම්බන්ධයෙන් වලංගු නැහැ!! අන්න ඒ හන්ද සත්වයා 'ඒක සෛලික' ජීවියෙක් හැටියට උපතක් ලැබුවත් අර කල්ප ගණන් තිස්සේ එකතුවෙච්ච මතකය කුට්ටිය පිටින්ම 'හිතේ' තියනවා!!! මනුස්ස ජීවිතේකට ඇවිත් කළලය හටගන්නා අවස්ථාවේදීම ඔය සේරම 'අලුත් ගෙදරට' පදිංචියට එනවා!! ඇත්තටම නම්, මේ මතකය කියන එකේ ඒ ඒ සත්වයාගේ ගති ලක්ෂණ සියල්ලත්, මයිත්‍රී සහගත නිවිච්ච කෙනෙක්ද, තරහෙන් පූපුර ඉන්න කෙනෙක්ද, නිදිමතයෙක්ද, මෝඩයෙක්ද, වලත්තයෙක්ද කියන සේරමත් තියනවා!! ඔන්න ඔය ටිකට තමයි මේ හැමෝම 'ගමකට' රැවටිලා ඉන්නේ... මම / මගේ ආත්මය කියලා !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එහෙම ගබඩා වෙලා තියෙන්න ආත්මෙන් ආත්මෙට යන ස්ථිර සිතක් තියෙන්න ඕනේ නේද? එහෙම දෙයක් තියනවනම් එකට මම කියල කීමේ වැරද්දක් තියනවද?
    මට සම්බන්ද මතකය ගබඩා වෙලා තියන ආත්මෙන් ආත්මෙට යන සිතට වෙන අයගේ දේවල් සම්බන්ද වෙන්නේ නැත්නම් එම සිතට මම කියල කියන්න බැරිද?

    "mama" aaathmayen aathmayata gaman karanawa

    මෙන්න මේ හරියට ආවම තමයි ඇත්තටම නම් වැඩේ 'වල්' වෙන්නේ!!! ඒ කියන්නේ එහෙමපිටින් අවුල් ජාලාවක් වෙන්නේ!!!

    ඇයි දන්නවද?

    මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන ස්ථිර සිතක් තියනවා කියලා කිව්වොත්, ඒක වැරදියි!!!

    'මම' ආත්මයෙන් ආත්මයට යනවා කිව්වොත්, ඒකත් වැරදියි!!!

    ටිකක් 'බර වචන' වලින් භවයෙන් භවයට ගමන් කරන විඥාණයක් තියනවා කිව්වොත්, ඒකත් වැරදියි!!!

    ඇත්තටම කියනවා නම් එක ආත්මයකින් තවත් ආත්මයකට, වඩාත් නිවැරදිව කියනවා නම් එක භවයකින් තවත් භවයකට, මොකුත්ම යන්නේ නැහැ!!!


    ඔන්න ඔතනයි හැමෝටම වැරදුනේ!!!

    ඇත්තටම වෙන්නේ වෙනින්ම දෙයක්... ඒත් ඒ ගැන නොදන්නා හන්ද, නොතේරුණු හන්ද සත්වයා ඉන්නේ පුදුම බයකින්!! අතහරින්න බයෙන් බදලා අල්ලගෙන ඉන්නවා කියලා හිතුවොත්, නැත්නම් දැඩිව බැඳිලා ගිහින්, උපාදානය කරගෙන ඉන්නවා කියලා හිතුවොත්, අන්න ඒක තමයි ඇත්ත කතාව!! ඒක තමයි මේ සත්වයාට වෙලා තියෙන අවුල!!! අපි ඒ අවුල ලිහාගන්න බලමු!!!
     
    Apr 6, 2011
    861
    34
    0
    මචන් අනිවා ඉන්නවා මේකට කියන්නේ මනෝකාය කියලා! ඉන්ග්‍රීසියෙන් astern body කියලා තමා කියන්නේ වැඩිදුර තොරතුරු සදහා ගුගල් භාවිතා කරන්න.
     
    Apr 6, 2011
    861
    34
    0
    මචන්, මේ දැනට දියුනු කරපු උත්තමයෙක් ඉන්නවා ඒ අපේ බුදුරජාණන් වහන්සේ විතරයි! නවීන විද්‍යාවෙත් මෙය 100 ට 100 ක් ඔප්පුවෙලා තියෙනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ අවුල ලිහාගන්න දක්‍ෂ උනොත්, ඔයාලට සංසාර ගමනේ අවසානය දුර නැහැ!!!

    හැබැයි, බොහොම seriously මතක තබාගතයුතු කරුණු කිහිපයක් තියනවා!!!

    අපි කවුරුවත් සංසාර ගමනක් කියල දෙයක් ගැන දැනගෙන, ඒකට හේතුවෙච්ච දේවල් දැනගෙන ආව ගමනක් නෙවෙයි මේක!! මේ වෙනකොට එක එක පොත් පත් කියවලා, එක එක දේශනා අහල, අවුල් ගොඩාක් හදාගෙන කොනක් පොටක් හොයාගන්න බැරුව ඉන්නවා නම්, ඒ අහපු කියවපු ඒවායේ අවුලක් නිසයි එහෙම වෙලා තියෙන්නේ!!! ඇත්තටම නම් ජීවිතය අවබෝධ කරලා, සංසාර ගමනෙන් එතෙර වෙච්ච පුංචි පුංචි ඇත්තෝ මහා හුඟාක් ඉන්නවා!! ඒ උදවියත් අවබෝධ කරගත්තු මේ කතාන්දරය අහස පොලව ගැටගහනවා වගේ මහා බරපතල case එකක් හැටියට, අපිවගේ උදවියට බැරි දෙයක් හැටියට, කීයට වත් හිතන්න එපා!! කාටත් තේරෙන විදියට සරලව තෙරුම්කරලා දෙන පුළුවන් නම්, එයාලට හිතල කල්පණා කරලා බලන්න තියෙන්නේ මොනවද? කොහොමද ඒක කරන්න ඕනේ කියන සේරමත් හොඳට තෝරලා දෙන්න පුළුවන් නම්, අනිවාර්යයෙන් හුඟ දෙනෙක් මේ ජීවිතේදිම ප්‍රතිඵල ලබනවා!!! ඒක ප්‍රත්‍යක්ෂ කරුණක්!!!

    හැබැයි ඉතින් කොහොම මොනවා කියන්න ගියත්, තමන් මේ වෙනකොට ඔලුගෙඩි වලට ඔබගෙන තියන පිස්සු කතන්දර එක්ක ගලපලා මේ කියන්නේ බොරු, ඕව ඔහොම නෙවෙයි, මෙහෙමයි වෙන්නේ කියල බකපණ්ඩිත කම් කියවන්න තියාගත්තොත් කීයටවත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන එකක් නම් නැහැ!!! ඊළඟට අපේ ඇස්වලින් දකින්න බැරි, අපේ කන්වලින් අහන්න බැරි, අපටම තනියෙන් දැන අවබෝධකරගන්න බැරි හැමදේටම අපිට තියන එකම පිළිසරණය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ පිළිසරණය පමණයි!!! උන්වහන්සේ කරන්නෙත් උපදෙස් දීමක්, මාර්ගෝපදේශනය කිරීමක්!! ඉතින් ඒ කියන දේවල් ඒ ආකාරයෙන්ම පිළිනොගෙන තම තමන්ගේ බුද්ධියෙන් විමසන්න වගේ මොට්ට, මෝල් වැඩ කරන්න තියාගත්තොත් ඒත් අනාතයිම තමයි!!! කවදාවත් ගොඩයන්න ලැබෙන්නේ නැහැ!!! ඊළඟට, ධර්මය දැක්ක, අවබෝධ කරපු කෙනෙක් අනික් උදවියට උපකාරයක් මිසක් අවැඩක් කරන්නෙත් නැහැ!!! ඉතින් ඔන්න ඔය කරුණු හොඳට හිතට අරන්, විශ්වාසයකින් කියන විදියටම කරගෙන ගියොත්, ඔයාල කවුරුවත් අසරණ වෙන එකකුත්, අතරමං වෙන එකකුත් නැහැ!!!

    අනවශ්‍ය කලබලයක් එපා! මම ටික ටික ලියල දාන්නම්. හොඳට කල්පණා කර කර කියවල බලල තේරුම්ගන්න!! ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න!!! වෙන වෙන උදවියගේ කතන්දර මෙතනට ඇදගන්නත් එපා!! මම දැන් මේ subject එක හොඳටම දන්නවා...
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. රූප වෙනස්වේ, වේදනා වෙනස්වේ, සඥා වෙනස්වේ, සංස්කාර වෙනස්වේ, විඥානයත් වෙනස්වෙමින් පවතී.

    හරියට ගිනි දැල්ලක් වගේ. අපි ඉටිපන්දමක් උදාහරණයට ගමු. එකේ ගිනි දැල්ලක් පත්තුවේ වී තිබෙන වා යයි සිතමු. ඒ ගිනි දල්ල මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමි පවතී. එතන ගිනි දැල්ලක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. අපි හිතමු කෙනෙක් ඒ ගිනිදැල්ල වෙන ඉටිපන්දම්
    තිරයක තබනවාත් සමගම කලින් ගිනිදැල්ල නිවනවා. දැන් අර අලුත් ඉටි පන්දමේ තිබෙන ගිනිදැල්ල අර කලින් එකේ තිබ්බ ගිනිදල්ලත් නෙවෙයි, වෙන එකකුදු නොවෙයි. අන්න ඒවගේම තමයි ඉපදෙනකොටත්.


    දැන් අපි හිතමු මෙහෙම. දැන් දමිත් මැරිලා එයාගේ බොඩිය මිනී වලේ. එතකොට එයාගේ යාළුවො කියාවි අන්න බලන්න දමිත් දැන් ඉන්නේ ඉතින් පොලොව යටනේ කියල. එත් තව කෙනෙක් කියාවි, දමිත් දැන් කොහේ හරි ඉපදිලා ඇති නේද කියලා.එතකොට මම කියන්නේ මොකටද? බොඩියටද නැත්නම් හිතටද? අන්න එක තමයි කියන්නේ මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියල.

    අනේ ඔයා මැරිලා කියල කිව්ව එකට නම් තරහවෙන්න එපා

    ගොඩක් හොදට තේරුම් කරලා තියෙනවා :yes:
     
    මම කියලා කෙනෙක් නෑ..තියෙන්නෙ විඥානය විතරයි.ඒක තමයි මැරුණහම ගිහින් වෙන ශරීරයකට ඇතුල් වෙලා ජීවියෙක් ඉපදෙන්නෙ...නිවන් දැක්කහම තමයි ඕක වෙන තැනක ඉපදෙන්නෙ නැත්තෙ..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කියලා කෙනෙක් නෑ..තියෙන්නෙ විඥානය විතරයි.ඒක තමයි මැරුණහම ගිහින් වෙන ශරීරයකට ඇතුල් වෙලා ජීවියෙක් ඉපදෙන්නෙ...නිවන් දැක්කහම තමයි ඕක වෙන තැනක ඉපදෙන්නෙ නැත්තෙ..

    'මැරුණහම ගිහින් වෙන ශරීරයකට ඇතුල් වෙලා...' කියපු ගමන් ඒකෙන් අදහස් වෙන්නේ විඥාණය ආත්මයකින් ආත්මයකට, නිවැරදිවම කියනවා නම්, භවයකින් භවයකට ගමන්කරනවා කියන එක නේ... ඒ කතාව වැරදියි!!! භවයකින් භවයකට මොකුත්ම 'යන්නේ', ගමන්කරන්නේ නැහැ!!! හදිස්සි නැතුව ඉන්නකෝ ඇත්තටම වෙන දේ කියන කම්...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    I repeat,

    හැබැයි ඉතින් කොහොම මොනවා කියන්න ගියත්, තමන් මේ වෙනකොට ඔලුගෙඩි වලට ඔබගෙන තියන පිස්සු කතන්දර එක්ක ගලපලා මේ කියන්නේ බොරු, ඕව ඔහොම නෙවෙයි, මෙහෙමයි වෙන්නේ කියල බකපණ්ඩිත කම් කියවන්න තියාගත්තොත් කීයටවත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන එකක් නම් නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ මාතෘකාව සම්බන්ධයෙන් හුඟ දෙනෙකුට තියෙන්නේ අවබෝධයක් නෙවෙයි!! මහා 'අබල් බබල්' ගොඩාක්!! ඕව හුඟකට හේතුව නියම පිරිසුදු බුද්ධ දේශනා වෙනුවට එක එක්කෙනා කියපු කයි කතන්දර අහන්න, කියවන්න ලැබිච්ච එකයි!!! ඇත්තටම ශ්‍රී සද්ධර්මය කියන්නේ බඩගින්නේ ඉන්න කෙනෙකුට අත්‍යවශ්‍ය හොඳම ආහාරය වගේ දෙයක්. ඒත් බඩගින්නටය කියල, තව කෙනෙක් කාල, කටු සූප්පු කරපුවත් දාල upset කරපු, කුණුවෙච්ච කෑමක් කෑවොත් බඩගින්න කෙසේ වෙතත් තව පාචනය, අතීසාරය වගේ නැති ලෙඩ ගොඩකුත් හැදෙනවා වගේ, මේ එක එක්කෙනා 'කූරු ගාපු' ධර්මය අහපු කියවපු උදවියත් අම්බානට ලෙඩවෙලා ඉන්නේ!!! අන්තිමේදී, සංසාර ගමනෙන් නිදහස්වෙන්න නෙවෙයි සංසාර ගමන එහෙමපිටින් අනාගන්නයි වෙන්නේ!!!

    ඇත්තටම නම්, ඔය මොහොතක් මොහොතක් පාසා මැරෙන කතන්දර, ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කතන්දර, චිත්ත පරම්පරාවල කතන්දර, චුති චිත්තයට පස්සේ ප්‍රතිසන්ධි චිත්තය එනවා... වගේ කතන්දර ඇහෙනකොටම මටනම් තේරෙනවා ඒවා කියපු 'මහා පඬි' උදවියත් හොඳටම 'නාගෙන' කියන බව!!! ඒවා පස්සේ වැටීගන යන එවුනුත් ඇදගෙනම නාන්න හදන්නේ කියලත් තේරෙනවා!!! ඒත් කිව්වට පිළිගන්නේ නැහැ... හොඳටම ලෙඩ වෙලා ඉන්නේ... 'බයිලා' නිවැරදි ධර්මය හැටියටයි, නිවැරදි ධර්මය වැරදි හැටියටයි තමයි හුඟදෙනෙක් අරගන තියෙන්නේ! තේරෙන භාෂාවෙන් කිව්වොත් කට්ටිය වැඩිහරියක් උතුර දකුණ මාරුවෙලා ඉන්නේ!!! ඉතින් කියනවා මම මගේ මතයම කියන්න යනවලු!!!

    හැබැයි ඉතින් 'බයිලා' වලින් වැඩක් වෙන්නේ නැහැ! හරි දේ හරි විදියට කලොත් මිසක් ගැලවීමකුත් නැහැ!! තේරුම්ගන්න බැරි උනොත් කියන ඒවායිනුත් වැඩක් නැහැ!! අන්න ඒක හන්ද කාටත් තේරුම්ගන්න පුළුවන් වෙන විදියට මේ 'ජීවිතය' කියන අවුල ලිහන්න බලන්න තමයි මම මේ thread එක පටන් ගත්තේ!!!
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    manasa manokaya oke thamai inne:nerd::nerd::nerd::nerd::lol::lol::lol: