1. hpalpola

    රුක්මණී සහ සත්‍යභාමා

    අපි අද ඉන්නෙ දියුණු සමාජෙක කියලා මිනිස්සු කියනවා. ඒත් සමහරක් මිනිස්සු කරන දේවල් දිහා බැලුවම අපි ඉන්නේ මොන තරම් පිරිහුනු සමාජයක ද කියලා කෙනෙක්ට හිතුනොත් වැරදි නැහැ. සාමජය දිහා බලද්දි පේන දෙයක් තමයි මිනිස්සු හුඟක් දේවල් පටලවා ගෙන ඉන්නෙ කියන එක. ආදරේ කියන්නෙ ඒ අතරෙන් වැඩියෙන් ම පැටලිලා තියෙන දෙයක්...
  2. hpalpola

    ඉවසීමෙන් සැනසීම ලැබේ.

    ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියමනක් තියෙනවා. මේක පැරණි කියමනක්. හැම ආගමික දර්ශනයකම වගේ ඉවසීම කියන මිනිස් ගුණාංගයට ස්ථානයක් දීලා තියෙනවා. හැම ආගමික දර්ශනයකම පාහේ ඉවසීම සලකන්නෙ උසස් මිනිස් ගුණයක් විදියට. මහාපදාන සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පරාපකාරත් පරාපවාදත් ඉවැසීම වූ අධිවාසනක්ෂාන්තිය...
  3. hpalpola

    සම්බර අසුරයා සහ වපුරන බීජ

    සුර අසුර යුද්ධය ගැන නාහපු කෙනෙක් නැහැනෙ. ත්‍රිපිටකයේ අවස්ථා ගණනාවකදීම සඳහන් වෙලා තියෙනවා මේ යුද්ධය ගැන. සංයුක්ත නිකායේ තියෙන සම්බර සූත්‍රය කියන්නෙත් එවැනි එක් සූත්‍රයක්. සූත්‍රය දේශනා කරන්නෙ බුදුරජාණන්වහන්සේ. සූත්‍රයට පාදක වුන කතාවක් තියෙනවා. බොහොම කාලෙකට ඉස්සර සුර අසුර යුද්ධයක් ඇති වුනා. මේ...
  4. hpalpola

    SINHALA MOVIES

    සිංහ පැටව් චිත්‍රපටියයි නින්ජා ශ්‍රී ලංකා චිත්‍රපටියයි ගන්න නැද්ද?
  5. hpalpola

    පවුලයි බ්‍රහ්ම විහාර ධර්මයි

    අධිකරණයේදී අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ වගේ දෙයක් ලියන්න හිතුනා. හුඟක් දික්කසාද නඩුවල දි පැමිණිලිකරු හෝ පැමිණිලිකාරිය කියන කතාවක් තමයි විත්තිය තමුන්ව නොසලකා හැරියා කියන එක. මෙතනදි මන් අදහස් කලේ ගණන් ගන්නෙ නැහැ කියන කතාව. තවත් වෙලාවකදි පැමිණිල්ලෙන් කියනවා විත්තියට හරියට තරහ යනවා, සැර පරුෂ...
  6. hpalpola

    නියම සහ අනියම් ආදරය

    යාළුවා, ඔයාගේ මට්ටමෙන් දාපු කමන්ට් එකට ස්තුතියි.
  7. hpalpola

    නියම සහ අනියම් ආදරය

    අධිකරණයේ එදිනෙදා නඩු කටයුතු වලට සම්බන්ධ වෙලා ඉද්දි අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක හිතට ආපු අදහසක් කුරුටු ගාන්න හිතුනා. හැබැයි මේ ගැන පොතක් උනත් ලියන්න පුළුවන්. ආදරය කියන්නෙ සත්ත්ව හිත තුළ ඇති වන හැඟීමක්. ‍ආදරය අරහෙමයි ආදරය මෙහෙමයි කියලා මිනිස්සු කියනවා. හැබැයි එක දෙයක් පොදුයි. ආදරය නිවන් දකිනකම්...
  8. hpalpola

    ඔබටත් පුහුණු කළ හැකි මෛත්‍රී භාවනාව.

    මෙත්තා භාවනාව සඳහා බුදු දහම තුළ ඉහළ ස්ථානයක් හිමි වේ. වේලාම සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මිනිසකුට කළ හැකි පුණ්‍යක්‍රියාවන්ගෙන් දෙවැනියට මහත්ඵල මහානිශංස ගෙන දෙන ක්‍රියාව නම් මෛත්‍රිය බවයි. එදිනෙදා ජීවිතයේ දී සතුටින් සිටීමට මෛත්‍රිය ඉතා වැදගත් ය. කෙසේවෙතත් මෛත්‍රිය බුදු දහමට පමණක් අදාළ...
  9. hpalpola

    ආදරය

    එදිනෙදා අධිකරණයේ කටයුතු කරද්දී දක්නට ලැබෙන දේ අනුව ආදරය ගැන මේ සටහන තබමි. එය සිහිපත්වූයේ ගුරුළුගෝමීන්ගේ ධර්මප්‍රදීකාව නිසා ය. යමෙක් ආදරය කරන්නේ නම් අත්කර ගැනීමේ ආශාවෙන් මිදේ. කාමාශාවෙන් ඒ ආදරය කෙලසන්නේ නැත. එසේම ආපසු යම් දෙයක් හෝ ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. ආදරය වෙනස් වන්නේ ද නැත. නොසෙල්වන...
  10. hpalpola

    හැඟීම් සහ දුක

    මිනිස්සුන්ට ඇති වන හැඟීම් විවිධාකාරයි. ආදරය, ආශාව, ආකර්ශනය, කැමැත්ත, තරහ මේ වගේ විවිධ විදියට ඒ හැඟීම් වලට නම් දීලා තියෙනවා. මේ හැඟීම් සජීවි ⁣වගේම අජීවී දේවල් නිසා සහ ඒ දේවල් වෙත ඇති වෙන්න පුළුවන්. බුදු දහමට අනුව සිතිවිල්ලක් ඇති වෙලා නැති වෙන්න ගත වෙන වෙලාව වගේ 17 ගුණයක් රූපය පවතිනවා. මේ නිසා අපි...
  11. hpalpola

    බෞද්ධයන්ට වැඩි බලපෑමක් කළ බයිබල් පාඨය මෙය විය හැකියි.

    සිංහල බෞද්ධයාට වැඩියෙන්ම දැනෙන බයිබල පාඨය විය හැක්කේ උත්පත්ති කථාවේ සඳහන් මෙය විය හැක. "එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට...
  12. hpalpola

    මන් කරන කිසිම දෙයක් කාටවත් පේන්නෙ නැහැ.

    හුඟක් මිනිස්සුන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි තමුන් කොච්චර හොඳයි කියලා හිතෙන දේවල් ලෝකෙට කලත් ඒ කල හොඳ නොපෙනී අඩුපාඩු විතරක් ම පේන එක. මේ නිසා නිතරම කණස්සලු වෙනවා “අනේ මන් කොච්චර හොඳ කලත් මට අහන්න වෙන්නෙ නරකම නෙ” කියලා. ඒ වගේම ඒ අයට පේන දෙයක් තමයි සමහරුන්ට කිසි වැඩක් නොකලත් අහන්න ලැබෙන්නෙ හොඳම...
  13. hpalpola

    සතුටින් ඉන්නවා ද දුකෙන් ඉන්නවා ද, තීරණය ඔබ සතු ය.

    මේ කරුණු අනුව ඔබ ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වන්නේදැයි ස්වයංව තීරණය කරනු ලැබිය හැක. යම් හෙයකින් ඔබ ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වන්නේ නම් ඔබ සතුටින් ජීවත් වන්නෙකි. මේ ධර්මය ඇසූ පසු මුණ්ඩ රජු පියක ඇමතියාට දන්වන්නේ භද්‍රා දේවියගේ සිරුර දවන ලෙසිනි. ඔහුගේ ශෝකය දුරු විය. එසේම ඔහු පියකට කියන්නේ එතැන් පටන්...
  14. hpalpola

    සතුටින් ඉන්නවා ද දුකෙන් ඉන්නවා ද, තීරණය ඔබ සතු ය.

    මිනිසුන් සමග ජීවත්වීමට ලැබීම තුළ ජීවිතය ගැන අළුතින් දැකීමට අවස්ථාව ලැබේ. මිනිසුන් සමග කටයුතු කිරීමට යාවත්කාලීනවීමට සිදුවන අතර මිනිස් ස්වභාවය පිළිබඳව හැදෑරීමට ද සිදු වෙයි. එහිදී බුදු දහම, ඉතිහාසය ආදී විෂයන් පිළිබඳව ලබා ගන්නා අවබෝධය මහඟ උපකාරයකි. ඒ ආකාරයට මා ලබා ගන්නා දැනුම බොහෝ අවස්ථාවලදී ඔබ සමග...
  15. hpalpola

    කරුණාව

    බෞද්ධයන්ට කරුණාව කියන දේ අමුතුවෙන් උගන්වන්න ඕන දෙයක් නෙමෙයි. සතර බ්‍රහ්ම විහාර ධර්ම ගැන කට පාඩම් නිසා ඕන කෙනෙක් කරුණාව ගැන දන්නවා. හැබැයි මිනිස්සු එක්ක ජීවත් වෙද්දි වැටහෙන දෙයක් තමයි කට පාඩම් තිබ්බට කරුණාව කියන්නෙ මොකක් ද කියන දේ ගැන මිනිස්සුන්ට ලොකු දැනුමක් නැහැ කියලා. පුංචි දරුවෙක්ව විනාශ කරලා...
  16. hpalpola

    Relationships

    මිනිස්සු ජීවිත කාලය ඇතුලෙ විවිධ සබඳතා ඇති කරගන්නවා. සමහරක් සබඳතා සජීවී දේවල් එක්ක. ඒ කිව්වෙ මිනිස්සු, සත්තු එක්ක. සමහරක් සබඳතා අජීවී දේවල් එක්ක. ඔය යාන වාහන ගේ දොර වගේ දේවල් එක්ක. මේ සබඳතා කොයි දෙයක් එක්ක ඇති කරගත්තත් පොදු ධර්මතාවය තමයි කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියන එක. හැබැයි මේ සංසිද්ධිය...
  17. hpalpola

    විනිශ්චය කිරීම

    අධිකරණයේ කටයුතු කිරීමට ලැබීමේ එක් වාසියක් වන්නේ විවිධාකාර පුද්ගලයන් සමග සම්මුඛ වීමට අවස්ථාව ලැබීමයි. සතියේ වැඩ කරන දින 5 තුළම මිනිසුන්ගේ විවිධාකාරයේ ප්‍රශ්න සඳහා ඇහුම්කන් දීමට මෙනිසා හැකියාව ලැබී ඇත.මිනිසුන් විවිධාකාරය යන්න එහිදී ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි. එසේම එකම සිදුවීමක් සම්බන්ධයෙන් වුවද...
  18. hpalpola

    ගෙඩි හැදුන පුද්ගලයා සහ කැමැත්ත

    ගාළු පාරේ කොළඹ ඉඳලා ගාලු යන කෙනෙක්ට හම්බ වෙනවා කළුතර පාලම් දෙක. මේ පාලම් දෙකෙන් බෝධිය පැත්තට තියෙන පාලම උඩ පොහොය දවස්වලට හුඟක් වෙලාවට ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාගේ ඇඟ පිරිලා තියෙන්නේ ඇඟ පුරාම පැතිරිලා ම තියෙන ගෙඩි වගයකින්. පේන්න තියෙන හැම තැනක්ම පිරිලා තියෙන්න ගෙඩි වලින්. සමහර මිනිස්සු ඒ...
  19. hpalpola

    අචේල සූත්‍රය

    චිත්ත ගෘහපති අනාගාමී ගිහියෙක්. ඒ වගේම ධ්‍යාන ලබා ගෙන තිබුනා, චතුර්ථ ධ්‍යානයට යනකන්. එතුමා මරණයෙන් පස්සෙ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහෙදි පිරිනිවන් පාන උත්තමයෙක්. අචේල කාශ්‍යපට චිත්තගෘහපති විස්තර කරන්නෙ තමුන් දැන ගත්ත ධර්මය තුළින් ලබා ගත්ත දේ. ඒ ඒ ධ්‍යානවල තියෙන ස්වභාවය තමයි කෙටියෙන් මෙතැනදි හඳුන්වලා...

    No contents