උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පරෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
ඕක මෙහෙමයි බං. උබ කිව්ව පලවෙනි එක නං කැරිම ගොන් කතාවක් මොන වැරැද්ද තිබ්බත් බිහි කරපු එකම ඇතිනෙ කිව්ව එක. යකෝ එක ලමයෙක්වත් ඇප්ලිකේශන් දාලා අනේ මාව උපද්දපන් කියලා එන්නෙ නෑ. ඒක ඒ අම්මා තාත්තා ගත්ත තීරණයක්. ඒ හින්දා වදපු පලියට හැම අම්මෙක්ම හරි අම්මෙක් වෙන්නෙ නෑ උන්ට වැදගෙන සලකන්න ඕනෙත් නෑ. හැබැයි සලකන්න ඕන හරි අම්මෙක් නං විතරයි. ඒක ඔලුවට ඇනලා කියන්න ඕනෙ නෑ ලමයව ආදරෙන් හරියට හැදුවනං ඌට ඒක තේරෙනවා. පොඩි කාලෙ ඉදන් හරි අම්මා/තාත්තා කෙනෙක් තමන්ට ආදරේ දුන්න විදිහ, රැකබලාගත්ත විදිහ, තමන් වෙනුවෙන් කරපු කැපකිරීම් දැක්ක අදටත් මට මොනවා නැති උනත් ඕන දේකට ඕන වෙලාවකට මගෙ අම්මා/තාත්තා මට ඉන්නවනෙ කියලා ඕන කරදරේකදි මතක් වෙන ලමයෙක් අම්මලා තාත්තලා වෙනුවෙන් ඕන කැපකිරීමක් කරලා බලාගනී. හැබැයි ඇත්ත කතාව ගත්තොත් හැම අම්මා තාත්තම හරි අම්මෙක් තාත්තෙක් නෙවෙයි. අම්මලා තාත්තලා හින්දා ජීවිතේ එපා වෙච්ච කාලකන්ණි වෙච්ච ඕනතරං උන් මේ ලෝකෙ ඉන්නවා. හොදම උදාහරණයක් ඕනෙනං මානසික ගැටලු උපදෙස් facebook group එකකට ජොයින් වෙලා ඒවගෙ පෝස්ට් බලපන්කො. බාගෙට බාගයක් ඉන්නෙ අම්මලා තාත්තලා පවුල හින්දා මානසික රෝගී උන ලමයි. උබ කියන්නෙ අම්නේ මොනවා උනත් අපිව වැදුවනෙ කියලා, හොදට හයි හත්තිය තියන තරුණ කාලෙ ඩේලි බීගෙන ගෙදර ඇවිල්ල කුණුහරප වනලා ගෑනිට/ලමයිට ගහලා බත් මුට්ටියත් පොලොවෙ ගහපු තාත්තලාට, හම්බ කරන තුට්ටු දෙකම සූදු ගහන්න වියදම් කරලා අතේ සතේ නැතුව ලමයි බඩගින්නෙ තිබ්බ තාත්තලාට, හතරවටේ හොරගෑනු තියාගෙන ගෙදර රණඩු කර කර ලමයිටත් ලැජ්ජා කර කර හැමිනුන තාත්තලාට, ලමයි ගැන වගේ වගක් නැතුව හම්බ කරන එක ඔහේ නාස්ති කර කර හරියට ලමයෙක්ට උගන්නනවත් ඕනකමක් නැතුව ඕහෙ ලමයිව අතඇරලා දාල උන්ගෙ ලෝක වල ඉදලා, එක එකාගෙන් ටොකු කකා හැදෙන්න ලමයි ගෙවල් ගානෙ දාලා ගිය අම්මලාට, ලෙඩක් උනත් බලන්නැතුව ඔහේ රජයෙ ඉස්පිරිතාලෙට තනියම බෙහෙත් ගන්න යවලා අතඇරලා දාපු අම්මලට, හොර මිනිස්සු තියාගෙන ලමයින්ටත් ලැජ්ජා කරලා ගෙදර රණඩු කරගෙන හැමිනුන අම්මලාට එහෙමත් නාකි වෙලාදැන් බලනකොට වැඩි හරියක් ඉන්නේ ආත්මාර්තකාමීන් කියලා පේන්නේ .. උඹලා පට්ට ආත්මාර්ථකාමී එවුන් බන් .. උඹලට සතුටෙන් ඉන්න තියෙනවානම් අම්මලා ඕන ගුබ්බෑයමකට දායි .. අම්මලත් උඹලා වදයක් විදිහට හිතුවනම් උඹලා අද ඔහම ඉදියිද ? ස්වභාව ධර්මය උඹලා ගැන බලාගනියි බන් ..
ලබ්බ පාත් වෙලා හොට බිම ඇනිලා කරකියා ගන්න දෙයක් නැති උනාම පොඩි කාලෙත් උන් නිසා ජරා දුකක් විදලා ජීවිතේම එපා වෙලා ඉදලා අමාරුවෙන් තමන්ම මහන්සිවෙලා තැනකට ආවම ආය අර බලු දෙමව්පියන්ටත් ඉතුරු ජීවිතෙත් නාස්ති කරගෙන සලකන්න ඕන කියලද? පක තමා. ලමයෙක් වැදුව පලියට අම්මෙක් වත් තාත්තෙක්වත් වෙන්නෙ නෑ උන් වයසට ගියාම සැලකුම් ලබන්න සුදුසු වෙන්නෙත් නෑ. ඒවා අර්න් කරගන්න ඕන. ලමයි සලකන්න ඕන අර හරි දෙමව්පියන්ට විතරයි.
ප.ලි:- මේ වීඩියෝ එකේ කතාව ගැන නෙවෙයි මම
කිව්වෙ උබ කමෙන්ට් එකට රිප්ලයි කරේ. මේ වීඩියෝ එකේ හරි වැරැද්ද හොයන්න නං මේ අම්මා හරි අම්මා කෙනෙක්ද නැද්ද කියලා හොයන්න වෙනවා. හරි අම්මා කෙනෙක්නං මේ පුතා කියන පරයා එල්ලලා මැරුවත් මදි. හැබැයි හරි අම්මෙක් නෙවෙයි නං පොර කතාකරපු විදිහ හරියට හරි.
Last edited:
