අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    කරන්න පුලුහන් හැම දෙයක්ම කියන නිසා මේක කියන්නෙ. ටිකක් අමුතුයි හැබැයි. ලොකු සද්දයක් නම් විතරයි මේක වැඩ කරන්නෙ. ඒ කඩේට පුලුහන් තරම් ලඟින් ශබ්ද වාහිනී යන්ත්‍රයක් ස්තාන ගත කරන්න. මයික් එකක් ඒකට සම්බඳ කරන්න. මයික් එක ස්පීකරේ කට ලඟට තියන්න.. ඊට පස්සෙ මයික් එක ඔන් කරලා එකෙන් සද්දෙ එන විදිහට හදන්න.. දැන අර කඩේ කට්ටිය හයියෙන් රේඩියෝ එක දාද්දී "කීන්" ගාලා කනට අමිහිරි ෆීඩ් බැක් එකක් එයාලගෙ පැත්තට ඇහෙයි.( මම හිතන්නෙ මේ ක්‍රමේ හරි )
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    පෙන් එක උස්සලා වැල සවුන්ඩ් ටිකක් දාලා ආයෙ පෙන් එක ගෙනිහින් තියපන් 🤣 වැඩේ ක්ලෝස්නෙ බන්
    එතකොට මාට්‍ටුනේ බන්. අර වැඩේ කරාම හිතන්නෙ සෙට් එකෙ අවුලක් කියලා
     
    • Haha
    Reactions: Lokka Bro

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඉස්සලම පොලිසි යන්න

    උන්ගෙන් සහනයක් නැත්තම් පොල්ලක් අරන් කඩේට ගිහින් කැසට් එක කුඩු වෙනකම් ගහලා වරෙන්
    ඔවා කලාම කෙලවර වෙන්නෙ නෑ බන්, කෙල ගන්න වෙන්නෙ කොයි වෙලෙත්
     
    • Like
    Reactions: Honda.putha

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පොලිසියට ගිහින් කියපන් ඔය වගේ කාලකන්නි ඉන්නවා අනිත් උන් ගැන හිතන්නේ නැති
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්. අපේ ගෙදරට පල්ලෙන් ගෙදර උනුත් ඔය වගේ. මම AL කරද්දි අජිත් මුතුකුමාරණයේ කැසට් ඔක්කකොම ගෙනල්ලා දානවා ගම දෙවනත් වෙන්න. පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා ඊටපස්සේ දවල්ට සද්දයක් නෑ රෑට පටන්ගන්නවා. දවසක් දෙකක් කීවා අහන්නේ නෑ. ඔහොම දවසක් පටන් ගන්නකං ඉදලා මම ගෙදර ලයිට් ඕෆ් කරලා නැග්ගා ඉවුර උඩට ගඩොල් බාග දෙකකුත් අරගෙන. ඇරියා අපේ වහලෙට උඩින් උංගේ වහලෙට. එකක් උලු කඩාගෙන ගේ ඇතුලේ. එදා උංගේ සද්දේ ඕෆ් කරා කරාමයි මේ වෙනකනුත් දාන්නනේ උංගේ ගෙදරට ඇහෙන්න විතරයි. ඔය සිද්දිය උනේ 2003 විතර.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මටත් ඔය ගැටලුවම තිබුන AL කරන කාලෙ. අල්ලපු ගෙදර අය හෙන සද්දෙට රේඩියෝ එක හරි කැසට් එක හරි දානවා. අපේ ගෙදරත් හොඳ පවර්ෆුල් බෆල්ස් තිබුනා. නමුත් මම ගෙදර ඇතුලට ඇහනේන විතරයි දාන්නෙ. මම කලේ බෆල් සෙට් එක එළියට අරගන ගිහින් එයාලෙගෙ ගෙදර පැත්තට හැරෙව්වා. අහන්න හරිම අමාරු ඩෙත් මෙටල් වගේ සිංදු උපරිම සද්දෙ දාල පැය බාගයක් විතර දාල තිබුනා. ක්ෂණිකව සද්දෙ අඩු උනා. අද වෙනකලුත් හයියෙන් දාන්නෙ නෑ. දැං ඔය සිද්දිය වෙලා අවුරුදු දාහතක් විතර වෙනව. තාම හයියෙන් දාන්නෙ නෑ එයාල රේඩියෝවත් කැසට්වත්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    පෙන් එක උස්සලා වැල සවුන්ඩ් ටිකක් දාලා ආයෙ පෙන් එක ගෙනිහින් තියපන් 🤣 වැඩේ ක්ලෝස්නෙ බන්
    mechchara setup eka lagata access tynwnm ammage reddatada parayo wela sound dala pucac krnne. setup eka short karala athule board eka pichchennna wathura parak haluwanm harine
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නැත්නම් හයියෙන් පිරිතක් දානව. 🤭
    අඩෝ මේක අපිත් කරලා තියෙනවා 😂😂
    ඉස්සලම පොලිසි යන්න

    උන්ගෙන් සහනයක් නැත්තම් පොල්ලක් අරන් කඩේට ගිහින් කැසට් එක කුඩු වෙනකම් ගහලා වරෙන්
    උබේ මුඩුක්කුවේ ඕවා විසදන විදිහට කරන්න බෑ බන් 🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    සුළු පැමිණිලි අංශයට යන්න. එතනින් කියයි. එකේ OIC හම්බෙලා විස්තරේ කියන්න. එයා කියයි එතකොට.

    නැත්තං 119 කියන්නත් පුළුවන්.

    කොහොමත් පොලිසියේ ඒ ඒ පැතිවල පැමිණිලි විබාග කරන්න යන්න වෙන් උන නිලධාරීන් ඉන්නවා. එයා තමයි ඒ අදාල පැත්තේ පැමිණිලි වලට එන්නේ.

    මේක පරිසර හානියක් නිසා පරිසර ඒකකයෙන් එයි.

    එතකොට අහල පහල ගෙවල් වලට ගිහිං ඔය කරදරේ ගැන අහනවා.

    හැමෝම කරදරයි කියලා කියන්න ඕනි.
    නැත්තං බොරු පැමිණිලි කියලා කියයි.

    ඊට පස්සේ කඩේ කෙනා පොලිසියට ගෙන්නලා අවවාද කරලා පොතේ ලියල එවයි.

    කඩේ කෙනාගේ නම ලිපිනය දෙන්න. ෆෝන් නම්බර් දන්නේ නැහැ කියන්න
    👍👍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අඳුරන ලෝයර් කෙනෙක් ගාවට ගිහින් Letter of demand එකක් එවන්න ඔය බිල් ගෙව්වෙ නැතුවම එවනව වගේ

    ... දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව මහජනයාට හෝ අසල පදිංචිව සිටින හෝ දේපල භුක්ති විඳින ජනයාට පොදු පාඩුවක්,අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකමක් භුක්ති විඳීමේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගැනීමට සිදු විය හැකි ජනයාට අවශ්‍යයෙන්ම පාඩුවක්,බාධාවක් ,අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබඳු නීතිවිරෝධී නොකර හැරීම මගින් මගේ සේවාදායකයන් වැරදි ලෙස හා නීති විරෝධී ලෙස මහජන පීඩාවට ලක් කර ඇති බව මා හට උපදෙස් ලබා දී ඇත.

    ඉහත කී ආකාරයෙන් මා සේවාදායකයන් මහජන පීඩාවට ලක් කිරීම මෙම ලිපිය ලැබුණු දින සිට නවත්වන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට මට උපදෙස් ලැබී ඇති අතර එසේ නොවන්නේ නම් තව දුරටත් දැනුම් දීමකින් තොරව ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ඔබට මෙයින් දැනුම් දෙමි.

    etc etc
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    oya issara wela baninna gya ekanm moda vade ! ahalapahala ekek sadde ivasaganna baruva gala paaraka kelala ariyoth ekatath ubava thama mattu wenne!
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අඳුරන ලෝයර් කෙනෙක් ගාවට ගිහින් Letter of demand එකක් එවන්න ඔය බිල් ගෙව්වෙ නැතුවම එවනව වගේ

    ... දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව මහජනයාට හෝ අසල පදිංචිව සිටින හෝ දේපල භුක්ති විඳින ජනයාට පොදු පාඩුවක්,අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකමක් භුක්ති විඳීමේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගැනීමට සිදු විය හැකි ජනයාට අවශ්‍යයෙන්ම පාඩුවක්,බාධාවක් ,අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබඳු නීතිවිරෝධී නොකර හැරීම මගින් මගේ සේවාදායකයන් වැරදි ලෙස හා නීති විරෝධී ලෙස මහජන පීඩාවට ලක් කර ඇති බව මා හට උපදෙස් ලබා දී ඇත.

    ඉහත කී ආකාරයෙන් මා සේවාදායකයන් මහජන පීඩාවට ලක් කිරීම මෙම ලිපිය ලැබුණු දින සිට නවත්වන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට මට උපදෙස් ලැබී ඇති අතර එසේ නොවන්නේ නම් තව දුරටත් දැනුම් දීමකින් තොරව ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ඔබට මෙයින් දැනුම් දෙමි.

    etc etc
    policiyen wedak wei kiyala hithanna amarui. ekko pagawa dei. meka try karala balapan
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    Police Entry

    කඩේ මොන වගේ එකක්ද?
    විස්තර කියන්න ප්ලැන් එකක් ගහමු