ආතල් ලෙස චාටර් වූ අවස්ථා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    කෙල්ලො කොල්ලො ඉස්සර ඉස්කෝලෙ වොලිබෝල් ගහනව මාත් මැදට පැනල උඩ පැනල ඩෑශ් එකක් ගහල බැලන්ස් නැති වෙලා වැටුනෙ කකුල දෙපැත්තට ගිහිං ඒකාලෙ බටේ වගේ කලිසම අදින්නෙ පලල ගියා කරාස් ගාල ජොකා එලියෙ කෙල්ලො හිනා උනා උඩ පැන පැන අම්මේ හෙනම ආතල් පස්සෙ මහගෙන හිටිය චාටර් කකා
    Kello asai ban ehema walla balanna.
     

    Sen-lu

    Well-known member
  • මේක වුනේ මම 8 වසරෙ වගේ ඉඳිද්දි. අපේ පන්තියේ මගෙ යාලුවෙක් ඉන්නව පොරගෙ ගෙවල් තියෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉඳල කිලෝමීටරයක් වගේ දුරකින්. ඉස්සර ඉස්කෝලෙ ඉවරවුනාම සමහරදාට මම උංගෙ ගෙදර එහෙම යනව. කිලෝමීටරයක් නිසා පයින් තමයි යන්නෙ

    එක දවසකුත් ඉස්කෝලෙ ඉවරවෙලා අපිදෙන්න උගෙ ගෙදර යන්න ගියා. යනකොට කෙල්ලො 10ක විතර ගෘෘප් එකක් යනව ඒ පැත්තටම. අපි ඉතින් ගනන් ගන්නෙ නැතුව උංව පහුකරගෙන ගියා. එතකොට මුං '' කොයි යන්නෙ බඳනලවාලා'' සිංදුව කියන්න ගත්ත කියපංකො. අපි ගියෙත් බෝයිස් ස්කූල් එකකට නිසා කෙල්ලො එක්ක ගනුදෙනු කරන්න දැනගෙන හිටියෙත් නෑ. 8ටේ කියන්නෙ කට තිබ්බට ලැජ්ජයිත් එක්කනෙ. අනික බනින්නත් බෑ උං සින්දුවක්නෙ කියන්නෙ අපෝ අපිව අරූගෙ ගෙවල් ගාවට යනකම්ම එක එක සින්දු කිය කිය අපිව චාටර් කරා.අපිත් බිම බලාගෙන ගියා 😀.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක වුනේ මම 8 වසරෙ වගේ ඉඳිද්දි. අපේ පන්තියේ මගෙ යාලුවෙක් ඉන්නව පොරගෙ ගෙවල් තියෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉඳල කිලෝමීටරයක් වගේ දුරකින්. ඉස්සර ඉස්කෝලෙ ඉවරවුනාම සමහරදාට මම උංගෙ ගෙදර එහෙම යනව. කිලෝමීටරයක් නිසා පයින් තමයි යන්නෙ

    එක දවසකුත් ඉස්කෝලෙ ඉවරවෙලා අපිදෙන්න උගෙ ගෙදර යන්න ගියා. යනකොට කෙල්ලො 10ක විතර ගෘෘප් එකක් යනව ඒ පැත්තටම. අපි ඉතින් ගනන් ගන්නෙ නැතුව උංව පහුකරගෙන ගියා. එතකොට මුං '' කොයි යන්නෙ බඳනලවාලා'' සිංදුව කියන්න ගත්ත කියපංකො. අපි ගියෙත් බෝයිස් ස්කූල් එකකට නිසා කෙල්ලො එක්ක ගනුදෙනු කරන්න දැනගෙන හිටියෙත් නෑ. 8ටේ කියන්නෙ කට තිබ්බට ලැජ්ජයිත් එක්කනෙ. අනික බනින්නත් බෑ උං සින්දුවක්නෙ කියන්නෙ අපෝ අපිව අරූගෙ ගෙවල් ගාවට යනකම්ම එක එක සින්දු කිය කිය අපිව චාටර් කරා.අපිත් බිම බලාගෙන ගියා 😀.


    owata thamai kiyanne mix school hodai kiyala
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉස්කොල් යන කාලේ දෙතුන් පාරක් ඔය වැඩේ වුණා 😐 වැඩේ කියන්නේ දකින එක්කෙනෙක් නිකමට ඔය ගැන කියන්නේ නැති එක. මම නම් දෙපාරක් විතර ඔහොම යන අය දැකලා හිමීට කියලා තියෙනවා සීන් එක.
    ඔෆිස් එකේදී අනන්ත මට ඕක වෙනව බං.. උදේට කලබලේ ගෙදරින් යද්දී ඕව දෙපාරක් බලන්න මතක් වෙන් නෑ
     
    • Sad
    • Wow
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    තව එකක් මතක් වුණා. 2012 වගේ සති අන්තෙක පන්ති ඉවරවෙලා දවල් ගමේ බස් එකට නැග්ගා. ඒක තනි දොර ctb බස් එකක්. දන්නවනේ ඉතින් පුටු හුණ්ඩු වගේ නේ. එක සීට් එකක අයිනෙ ඉඩ තිබ්බා. මමත් ඉඳ ගත්තා. සීට් ගාණට කට්ටිය හිටියේ. බලද්දී එහා පැත්තේ අපේ ගමේ අඳුරන මාමා කෙනෙක්. හැබැයි දන්න අඳුනන වෙන කවුරුත් හිටියේ නෑ. බස් එක යන්න පිටත් වුණා. ටිකක් වෙලා යනකොට මට නින්ද ගිහිල්ලා. වංගුවක් ගන්නකොට ඉඳන් ඉන්න ශෙප් එකටම බස් එක මැද බිමට දොක් ගාලා වැටුණ. මාර ලජ්ජාව. කවුරුත් හිනා වුණා නම් මතක නෑ. ටක් ගාල ආපහු පුටුවේ ඉඳ ගත්තා. අර මාමා මාව උරහිසෙන් අල්ලන් ආව බස් එකෙන් බහිනකම් ආයේ වැටෙයි කියලා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    තව එකක් මතක් වුණා. 2012 වගේ සති අන්තෙක පන්ති ඉවරවෙලා දවල් ගමේ බස් එකට නැග්ගා. ඒක තනි දොර ctb බස් එකක්. දන්නවනේ ඉතින් පුටු හුණ්ඩු වගේ නේ. එක සීට් එකක අයිනෙ ඉඩ තිබ්බා. මමත් ඉඳ ගත්තා. සීට් ගාණට කට්ටිය හිටියේ. බලද්දී එහා පැත්තේ අපේ ගමේ අඳුරන මාමා කෙනෙක්. හැබැයි දන්න අඳුනන වෙන කවුරුත් හිටියේ නෑ. බස් එක යන්න පිටත් වුණා. ටිකක් වෙලා යනකොට මට නින්ද ගිහිල්ලා. වංගුවක් ගන්නකොට ඉඳන් ඉන්න ශෙප් එකටම බස් එක මැද බිමට දොක් ගාලා වැටුණ. මාර ලජ්ජාව. කවුරුත් හිනා වුණා නම් මතක නෑ. ටක් ගාල ආපහු පුටුවේ ඉඳ ගත්තා. අර මාමා මාව උරහිසෙන් අල්ලන් ආව බස් එකෙන් බහිනකම් ආයේ වැටෙයි කියලා.
    මේ වගේම සීන් එකක් මටත් උනා බං..
    2015 විතර ඔෆිස් ගියපු මුල්ම දවස්වල හවස වැඩ ඇරිල බස් එකට නැග්ග ගෙදර එන්න..
    ඉතිං ඔය කාලෙ ඔෆිස් එකෙන් බාගයක් විතර ඔය බස් එකටමයි නගින්නෙ (බයික් වල යන අය ඇරෙන්න)
    මම ඉතිං වැඩිය ඒ පැත්තෙ බස් වල ගිහිං නෑනෙ නැගපු ගමන් ඉස්සරහ දොර ගාවම සීට් එකේ කෙලවරේ වාඩි උනා..
    දැන් බස් එක ලෝඩ් කරන ඇදල යනව..
    මඟ ලොකු වංගු දෙකක් තියනව ඩ්‍රයිවරය ඒක ගන්නකොටම මම ඩොකොස් ගාල බිම..
    පිටිපස්සෙ සීට් වල ඔෆිස් එකේ අක්කල හිනා වෙනව :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තව එකක් උනා මට බස් එකේදි. මට මටක විදිහට මන් campus ගිහින් එනකොට වගේ තමා උනේ. කොලබ ඉදලා කෑගල්ලට එනකොට. මම හිටියේ පිටිපස්සේ සීට් එකේ මැද වගේ හරියට අර ඉස්සරහ කෙලින්ම පේන සීට් එකේ. බැග් එකත් ඔඩොක්කුවේ තියනා. යක්කල හෝ බැලුම්මහර හරියේන් පට්ට කෙල්ලක් නැග්ගා. මෙකි ඇදන් හිටියේ ඇතින් ඇත නූල් නූල් තියන ගවුමක් වගේ එකක් ඇග වැහිලා තිබ්බේ යටට අදින ස්කිනර් වගේ එවගේන්. මේකිත් වටේ බලලා මගේ ලගින්ම ඉද ගත්තා. ඉට එහා පැත්තේන් ඇන්ටි කෙනේක් හිටියා එයත් පොඩ්ඩක් එහාට ගිහින් ඉඩක් දුන්නා. බස් එකේ පිටිපස්සේ හිටපු උන් ඔක්කොම මේකිට රබර් ඇහැදාන් හිටියේ හොගක්ම කොටට පේන්න ඇදගෙන හිටපු හින්දා. මාත් ඉතින් පාඩුවේ මන් නෙමේ වගේ ඔහේ ආවා. මේකි කොහොම හරි බහින්න හැදුවේ නිට්ටබුවට කලින් හොල්ඩ් එකේ.

    ඔන්න ඉතින් දෙයියනේ කියලා මේකි බහින්න නැගිට්ටා. මේකි නැගිටිනකොටම මගේ බෑග් එකේ ශිප් එක අස්සේ මේකිගේ ගවුමේ නූලක් පැටලිලා කියපන්කෝ. :lol: :lol: මෙකි දැන් හෝ ගාලා අදිනවා මාත් බෑග් එක අල්ලගේන. මට දැන් අල්ලන්නත් බෑ. කකුලවත් අතගෑඋනොත් එහේම මල පැනලා ඉන්න වෙලාවේ. බස් එකත් ඇද්දුවා. ඊට පස්සේ අර එහා පැත්තේ හිටපු ඇන්ටී කො ඉන්න කියලා හෙමිට අරන් සිප් එකේන් පන්නලා දුන්නා. මෙකී නිට්ටබුවෙන් තමා අන්තිමට බැස්සේ. පවු එතකොට රෑ 8ට විතර.
    "බෑග් එකේ" කියන කෑල්ල දැක්කෙ පස්සෙ....
    දවසක් පොඩි කාලෙ මම 4වසරෙ වගේ මට මාමා රට ඉදන් එනකොට ගෙනාපු බයිසිකලයක් තිබුනා. ටියුබ්ලස් එකක්. මම හරි ඔලුවෙන් හිටියෙ ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ සෙට් එකේ වෙන කාටවත් එහෙම එකක් නැති නිසා. :lol: ඒ කාලෙ මන් ගේ පිටිපස්සට ගියත්ඕකෙ තමයි නැගලා යන්නෙ.:rofl: දවසක් මම කඩේ ගියා මොනව හරි ගේන්න.ඒ කඩේ තියෙන්නෙ ලොකු කන්දක උඩම. කන්ද කොච්චර ලොකු උනත් මම බැහැලා යන්නෙ නෑ කොහොම හරි උඩටම පැදන් යනවා.. මගේ බයිසිකලේ බ්‍රේක් තිබුනෙ නෑ එදා කොහොමහරි..

    ඉතින් උඩට යද්දි හිතන් ගියේ එනකොට නම් බැහැලා තල්ලු කරන් යනවා කියලා..ඒ උනාට එනකොට මට බැහැලා එන්න කම්මැලියි.ඕන එකක් කියලා නැග්ගා බයිසිකලේට. බ්‍රේක් ඇත්තෙම නෑ. පල්ලමේ එනකොට මට හැන්ඩ්ල් එක control කර ගන්නම බැරි උනා.. වේගෙන් ඇවිත් පාරෙ තිබුණු ගලක හැපිලා උඩින් ගිහින් පිදුරු ගොඩක් උඩට වැටුනා කන්ද පල්ලමේ තිබුණු.ඒ දවස් වල කුඹුරු වැඩ කරන කාලෙ.. අපේ තාත්තා අදුරන මාමලා වගයක් කුඹුරෙ හිටියා බලාගෙන ලැජ්ජාවෙ බෑ.. මම බිම බලාගෙන ඉක්මනටආවා. වැටෙන වෙලාවෙ කොහේ හරි තිබිලා කෝටුවකට හරි මොකකට හරි බඩ හීරිලා තිබුනා. විස ගහනකොට ඒක දැක්කෙත්.ඊට පස්සෙ ගෙදර ඇවිත් කාටවත් කියන්නෙ නැතුව හිටියා. එදාම හවස තාත්තට අර මාමලා කියලා දූ උඩින් ඇවිත් වැටුනා කියලා.. එතන ඉදන් ඉතින් කියන්න දෙයක් නෑනෙ..:baffled:

    පාප මිත්‍රයෙක් මගෙ අසරණ චේන්ජරේට කෙලෙවුවෙත් ඔය වගේ වික්‍රමයක් කරන්න ගිහින් තමයි....

    මගෙ සයිකලෙත්, බ්‍රේක් කියන කොටස, අනවශ්‍ය කෑල්ලක් විදිහට තමයි තිබුණෙ... මටනං ඒක නෑ කියල එච්චර අඩුපාඩුවක් දැනුනෙ නෑ...

    ඒත් ඔය අඩුව දැනුන මගෙ අතීසාර මිත්‍රය බයිසිකලේ නවත්තන්න පාර අයිනෙ තිබුණ කානුවට අල්ලල, කානුව දිගේ ටික දුරක් ගිය සයිකලේ නැවතිලා තිබුණෙ, බෝක්කුවකට කිස් එකක් දීල... එතනින් චේන්ජරේ ගමන අහවර වුණා...




    ඔයිට කලින් ඔය බයිසිකලේම, මගෙ වෙන යාළුවෙක් අපේ ගෙදරට එන්න තියෙන පල්ලමේ උඩ ඉඳන් පහලට කෑ ගහගෙන ආව.....

    කන්ද පාමුල මම හිටපු නිසා අල්ලල නවත්තගත්ත... නැත්තං බෝක්කුවෙන් අවසන් ගමන් යන්න තිබුණ සයිකලේ ඉරනම් කතාව අඹ ගහකින් කෙලවර වෙන්න තිබුණ....
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    තව එකක් මතක් උනා..
    මේක උනේ 2007 වගේ මගේ යාලුවෙක්ට
    අපි සෙට් එක A/L ක්ලාස් ඉවර වෙලා පොඩි අඩියක් ගහන්න ඒ ක්ලාස් කිට්ටුවම oasis කියල බාර් එකකට යනව
    ඒකෙ උඩ තට්ටුවෙ සෙට් වෙලා ඉන්නකොට එකෙක් සිගරට් එකක් පත්තු කරනව කරනව පත්තු වෙන්නෙ නෑ
    අපිත් වෙන කතාවක හිටපු නිසා උගේ පැත්ත බැලුවෙ නෑ වැඩිය
    ටික වෙලාවකින් මෙන්න රබර් එකක් පිච්චෙනව වගේ කළු දුමක් ආව
    බලනකොට අරූ ට්‍රයි කරල ට්‍රයි කරල කරගෙන තියෙන්නෙ සුදු පැත්ත කටේ ගහගෙන ෆිල්ටරේ පත්තු කරල
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    රටේ ජනාදිපති තුමාට වෙලා තියෙන එව්වයෙ හැටියට මේව මොනවද බන්

    “ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා” -මේජර් ජෙනරාල් කමල් ගුණරත්න​

    Political Security
    September 28, 2019Sathyajith Subasinghe




    Main-Image-6.png

    විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිත පිරිසක් මධ්‍යයේ පසුගිය පසුගිය 23 වැනිදා නෙළුම් පොකුණ රගහළ පරිශ්‍රයේදී සිදුවිය. ඊට පසු දින සිටම මෙම කෘතියේ පළවී තිබෙන පිටුවක් උපුටා දක්වමින් ප්‍රකාශ බොහොමයක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී යනු අපට දැකගන්නට ලැබුණා. එබඳු ප්‍රකාශ කිහිපයක් පහත පරිදිය.
    නිරෝෂන් රූපසිංහ යන අයෙකු විසින් සඳහන් කර තිබුණේ “ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා.” -මේජර් ජනරාල් කමල් ගුනරත්න-පොහොට්ටු රනවිරු ජනාධිපති අපේක්ෂකයො ගැන හඬ අවදිකරයි” යනුවෙනි. මෙහි තවදුරටත් දක්වා තිබුණේ “අපි නෙමෙයි කියන්නෙ හිටපු හමුදා නිලධාරියෙක්…කමල් ගුණරත්න. අත්බෝම්බය අතේ තියාගෙන පිනෙක විසිකරලා. පුපුරායාවි කියන බයට කලිසමේ චූගිහින්.එතැන් සිට හමුදාවෙ අය කීවෙ චූ මාර්ක්..?දැන්වත් පිලිගන්න නන්දසේන හමුදාවෙන් අයින්වුනේ යුද්ධයට අධික ලෙස බියවීමෙන් නිතර කලිසම තෙමීම නිසා බව.?”
    pogO1T98B-g9LbOODlcZtsccj2X7CqGqoEDsVhzF9F8HVd7IDpbNC5nezpmqo6g_6nTujM41YwE67kba7YFEtrjhN6diAJpYKEtbhgkuVR8Use6kr9JK2rEYHxT3rNmRSL_CwE1FpQqZdoDKIw

    Facebook LinkArchived Link
    එම පුවතම තවත් බොහොමයක් ෆේස්බුක් සටහන් හරහා විවිධ අයුරින් ප්‍රකාශ වී තිබෙනු දැක ගන්නට ලැබුණු අතර එබඳු එක් සටහනක් පහත පරිදි දක්වා තිබුණේ “ඔහු නමින් ගෝටා නම් විය… මරු බඩු කෑල්ල අපේ උන් රටේ ජනාධිපති කරන්ඩ දගලන්නෙ..” යනුවෙනි.
    M6HfIzB5f2MTdlQGuaa6H1_duKpuk9jbJkVKjPc4UwJxRWoWEVLsMrb2ndR4ZA2cSxyW6y1pr4HVUfdGD1RJ6fvWyB6VhU7leiOxCrBS6uC9e-ttR37m0JDNOwgrmxyZToqr_B65MVxE01qi-Q

    “ප්‍රථම වරට අත්බෝම්බයක් දැක ගෝටාභයට චූ ගිය නිසා ඔහුට හමුදාවේ කිව්වේ චූ මාර්ක් කියා.කමල් ගුණරත්නගේ ගෝටාභය කෘතිය කියයි” යනුවෙන් පුවතක් “දේශය” වෙබ් අඩවිය හරහාද දක්වා තිබුනේ මෙලෙසිනි.
    4EZDS3X24HVGnRN74WQSlsnSUaBmNnE1ivmie3VkVJALvB8jof8O2P62LC3x8xgFIXwnLEngnv2BSMDyFQZrGum_uUz7jmvfDlmRdo0gyGVR1YO9RiPVz_EfbS70kXRPS4xaYcaPgIT-Itv8QA

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
    මෙම කෘතිය එළි දැක්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වල සඳහන් කර තිබුණේ මෙලෙසිනි. “මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම අද නෙළුම් පොකුණ රගහළේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද සහභගීත්වයෙන් සිදු කෙරිණ. මාගේ චරිතාපදානය අගනා කෘතියක් ලෙස එලිදක්වන්නට කැපවු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට මාගේ හෘදයාංගම ස්‍තූතිය!”
    Wxt8C92fSAsr1ihm33f9vuXyQNmRGleHab1f7IF2OPATFnqM14YRodAXl1RnKaOhCNrt1Bo8OlLsVodj6-3n5_iMhy3WqbYOHgCVF3be-V0_Pk3Qmfo5J_wMtw-gG9-QQyVhdaxS133QkzkE9w
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    එක පාරක් සිංහලු සෙට් එකක් රිටිගල නැග්ග. කෙල්ලො ඇන්ඩ් කොල්ලො දෙගොල්ලොම. ඔතන හිටිය වෙන්ට කපල් එකක්. කෙල්ල තමා කොල්ලට ලයින් දදා හිටියෙ.
    කෙල්ල ටිකක් බතලයි. මං ඒ දවස් වල පට්ට කැහුටුයි. ඔන්න දැන් මං සෙට් උනේ මුං දෙන්නට පස්සෙන් යන්න. පොඩ්ඩක් අංශක 90ට වගේ ස්ලෝප් එකක් තිබ්බ තැනක මේකි දඩින් බිඩින් ඩොන් උනා අසරණ මගේ ඇඟ උඩටම. තල්මස්සු උකනකොට මැදට අහුවුන පෙතිය වගේ මං පැතලි වෙන්නම තැලුන.
    අරකි නැගිටල සොරි කියල ආපහු ගානක් නැතුව කන්ද නැග්ග. මාතලේ කෙල්ලෙක්. උන්ට කඳු නගින එක ගානක්‌ නෑ. මට දවස් දෙකක් ඇඟ තැලිලා උණ 🥴.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මේක ෆිනෑන්ස් එකක වැඩ කරන අයියා කෙනෙක්ට වුන සිද්ධියක්.( හොඳ කොල්ලා මතක් වුනා නේ ද? නෑ නෑ මේ එයා නෙවෙයි) customer කෙනෙක් ඇවිත් " වාහනේ හරවා ගන්නේ කොහොමද" කියල අහලා ඒ අයියගෙන්. ඒ අයියා කියලා "වෙහිකල් පාක් එකට දාලා හරවගන්න" කියලා.

    අර customer අහලා තියෙන්නේ වාහනේ අයිතිකාරයාගේ නම තමන් නමට හරවන්නේ කොහොමද කියලා. ඒ customer අහලා තියෙන්නෙත් බාගෙට නේ හිතාගන්න බැරි වෙන්න. කොහොම හරි ළඟ හිටපු කට්ටියට ඇහිලා ඒ අයියව බයිට් කරාලු වාහනේ හරවා ගන්නේ කොහොමද අහලා.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං ත්‍රෙඩ් එකක් දැම්මා කාලෙකට කලින්... ගෙඩිය 100 යි බෑය 50යි කියලා.. ඒකෙන් තමා ආතල් ලෙස චාටර් වුනේ... ඒ වගේ චාටර් වීමක් මගේ ජීවිතේටම වෙලා නෑ... මම කොහොමත් චාටර් වෙන එකා..