අවංකවම ඔය සීන් වලින් මම පුවත්පත් වාර්තා වලින් අහල තියෙන්නෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයගෙයි, ලලිත් ඇතුලත්මුදලි මහත්තයාගෙයි ඝාතන ගැන විතරයි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා අරාලි තුඩුවෙ බෝම්බෙන් එතනදි මැරුණේ නැහැ. බරපතළ තුවාල ලැබුවා විතරයි. එතුමාව හෙලිකොප්ටරයේ ප්‍රතිකාර සඳහා කොළඹට අරන් එනකොට එකපාරටම pilot ට කියනවා රාගම හොස්පිටල් එකට ගෙනියන්ඩ කියලා, හෙලිකොප්ටරය රාගම හොස්පිටල් එකට යනකොට ඒ කිට්ටුව කරලා ආයෙත් කියනවා jayawardenapura hospital එකට ගේන්න කියලා. ආයෙත් ජයවර්ධනපුර හොස්පිට්ල් එකට යනකොට pilotට උපදෙස් ලැබෙනවා රාගම ගෙනියන්න කියලා. ඔය විදියට හොස්පිට්ල් දෙක අතරේ පැය එකහමාරක් විතර හෙලිකොප්ටරය රස්තියාදු කෙරෙව්වා. අන්තිමට නිසි වේලාවට ප්‍රතිකාර ලැබෙන්නෙ නැතුව එතුමා මිය යනවා.
ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ව කිරුළපනේදී වෙඩි තියලා මැරුවේ LTTE එක කියල කිව්වට ඒක පාතාලෙන් කරපු ගේමක්. එතුමා ඝාතනය කරපු කොටි සමාජිකයව එතනම වෙඩි තියලා ඝාතනය කරා කියල කිව්වට එහෙම ඝාතනය කළේ කොටහේනේ උදේ කෝවිල් ගියපු අහිංසක දෙමළ තරුණයෙක් අල්ලගෙන ගිහිල්ලා එතන දි වෙඩි තියලා දැම්මා.
කොබ්බෑකඩුව මහත්තයා හිටියනං යුද්දෙ ඉවර වෙන්නෙ 1992 දි විතර. ඒ වගේම ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මේ රටට විශාල සේවයක් කරපු කෙනෙක්. එතුමා මහපොළ පටන් ගත්තේ මුලින්ම තමන්ගේ පෞද්ගලික ඉඩකඩම් විකුණලා ඒ අරමුදල බිහි කරලා. දැන් එන්න ජේවීපී, පෙරටුගාමී අන්තරේ බැල්ලිගේ පුතාලා ඕවා දන්නෙ නෑ. එතුමා ආරක්ෂක ඇමති වෙලා හිටපු කාලෙ කොටින්ට විරුද්ධව දැඩි ස්ථාවරයක හිටියා. පියාණෝ කොටින්ට මුදල් සහ ආයුධ දෙද්දී එතුමා විරුද්ධ වුණා. මෙතුමන්ලා දෙන්නා මේ රට හිටියනං මේ රට මීට වඩා හුඟක් දියුණු වෙන්න තිබ්බා.
තව පොඩි දෙයක් කියන්න තියෙනවා. 1991 විතර (මට වර්ෂය හරියටම මතක නෑ) කොටි මුතූර් කෑම්ප් එකට දරුණු ප්‍රහාරයක් එල්ල කලා. කෑම්ප් එක බේරගන්න කමන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළු අසූවක් විතර ගොඩබිම හරහා යැව්වා. කොටි කමාන්ඩෝ සෙබළු එන බව දැනගෙන කට්ටපරිච්චාන් පාලම උඩදි commandos ල වට කරල දරුණු ප්‍රහාරයක් එල්ල කලා. කමන්ඩෝ සෙබළු සෑහෙන තරම් වෙලා අල්ලගෙන හිටියා. ඒ කණ්ඩායමේ නායකයා වුණ මේජර් අෂාඩ් හෙලිකොප්ටරයක් එවන්න කියලා පණිවිඩ පිට පණිවිඩ යැව්වා. හෙලිකොප්ටර් තිබ්බේ නැහැ ඒ වෙලාවේ ඒ කිට්ටුව. මොකද පියාණෝ ගේ ආර්යාව අනුරාධපුරයට කොහෙද එනවා කියලා එතුමියගේ සංචාරයට ඒ ලග තියෙන හෙලිකොප්ටරය යවල තිබ්බා. අන්තිමට කමන්ඩෝ සෙබළු කණ්ඩායමම විනාශ වුණා.
මේ ඔක්කොම විස්තර දැනගත්තේ ඒ කාලේ (පියාණෝ පරලොව ගියාට පස්සේ) පලවෙච්ච විවිධ පුවත්පත් වාර්තා ඇසුරෙන්