ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

KolaGirawa

Member
Nov 28, 2011
36
2
0
ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

මචන් මම වැඩිය එළකිරි එකේ posts දාන කෙනෙක් නෙමෙයි. ඒවුනාට මං මේ THREAD එක දාන්නේ මගේ හිතේ වේදනාවටයි, මේ වගේ සිද්ධියක් උබලටත් වෙලා තියෙනවනම් උබලගේ අදහස් උදහස් දැන ගන්නයි.

ගිය අවුරුද්දේ A/L EXAM ඉවර වුනාට පස්සේ කෙල්ලෙක් මාත් එක්ක ONLINE SET වුණා.එදා පටන් ගත්තු FRIENDSHIP එක මේ වෙනකන් කිසි අවුලක් නැතුව අරන් ආව. දැන් මාස 6 කට කිට්ටුයි. ඒ වුනාට මචන්, දැන් දවස් 4,5 ක් ඉඳලා කෙල්ල කිසි සද්දයක් වත් නෑ. අඩුම තරමින් SMS එකක් වත් නෑ. ඉස්සර නම් හිටියේ මට නිකන් පණ උනත් දෙන්න වගේ. (මේ ළගක් වෙනකන් ම එහෙමයි. ) ඉස්සර මචන් දවසකට අඩුම ගානේ MESSAGES 100 ක් 120 ක් විතර එවපු කෙල්ල ට කොහොමද බන් මාව එක පාරට ම එපා උනේ? වෙනද මහා රෑ 3,4 වෙනකන් text කරා. පැය ගණන් එක දිගට කතා කරා. දැන් දවස් 3,4 ක ඉදල වගක්වත් නෑ.

දැන් PHONE එක දවසම off කරලා. කෙල්ලගේ credit ඉවර වෙලා කියල මං reload කරත් කිසි වගක්වත් නෑ., ඊයේ රෑ 1.30 විතර මචන් මං CALL කරන්න try කරනකොට phone එක ring උනා. එත් ඒ එක්කම call එක cut කරලා දාල ආයේ off කර ගත්ත. ඊට පස්සේ මං call කරන එක නැවැත්තුවා. කෙල්ලට email කරත් එකකටවත් reply නෑ.

වෙනද මචන් මම එහෙම සද්ද නැතුව පැය භාගයක් හිටියොත් ඒකි මට කොච්චර messages එවනව ද?

ෆොනේ එකට answer කරනවා නම් කතා කරලා හරි විසඳ ගන්න තිබුනා. එත් එහෙම වත් නෑ බන්. මෙච්චර fit එකේ ඉඳල කිසිම හේතුවක් නැතුව මාව ignore කරන එක සාදාරණ ද කියල පොඩ්ඩක් හිතල බලපන්.

හිත එකඟ කරගෙන ගානක් හදන්නවත් බෑ පුදුම upset එකක් දැනෙන්නෙ. මාස ගණක friendship එකක් මෙහෙම දවසෙන් දෙකෙන් අමතක කරන්නේ කොහොමද බන්?
කටුස්සෝ පාට මාරු කරනවා වගේ කොහොම ද කෙල්ලෝ එක පාරටම වෙනස් වෙන්නේ?
ඉතින් එළකිරි යාලුවනේ උබලට මෙහෙම් සීන් එකක් උනොත් උබල මොකද කරන්නේ? තරහ නැතුව උබලගේ අදහස් ටිකක් දාල යන්න.

මේවා කියවල තව එක කොල්ලෙක් හරි , online set වෙන කෙල්ලෝ හින්ද අමාරුවේ වැටෙන එකෙන් නතර කරගන්නත් පුළුවන් වේවි..

:(:(:(:(
 
kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    owwa ohoma thami bro....
    ganan ganna epa hitha hada ganin mathath owage seen 1k una..
    mama 4 years love karapu kellata sathiyak yanakam mama call kalewath massage kalewath nethiwa inna puluwan wela thiyanawa....

    hitha hada ganna amarui thami....
    bt uba ekata muna deepan..
     
    KolaGirawa

    Member
    Nov 28, 2011
    36
    2
    0
    Patta we__iyo !! un blanne ahu wena ekagen suran kanna... i hate girls!! umba e kellawa hamba wela tiyenawada?

    january wala meet vemiu kiyala mulin kiuwa. bt gedarin case danawa kiyala eka maga hariya. bt we have exchanged photos!!!

    ekiyanne ubalathath me vage seen wela thinavada?
     
    KolaGirawa

    Member
    Nov 28, 2011
    36
    2
    0
    owwa ohoma thami bro....
    ganan ganna epa hitha hada ganin mathath owage seen 1k una..
    mama 4 years love karapu kellata sathiyak yanakam mama call kalewath massage kalewath nethiwa inna puluwan wela thiyanawa....

    hitha hada ganna amarui thami....
    bt uba ekata muna deepan..

    ගොඩක් ස්තුතියි මචන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුද දන්නේ මචන්.. ඒ කෙල්ලගේ ගෙදරින් බලපෑමක් ආවාද කියලා..
    අනික ෆොන් එක ඒ කෙල්ල ගාව නෙවෙයි වෙන්නත් ඇති තියෙන්නේ...
    කොහොම වුනත්.. අපි මිත්‍රත්වයක් කොයි තරම් දුරට ගොඩ නැගුවත්..
    කෙල්ලෙක් ගේ ජිවිතයට ඒ කෙල්ල බලාපොරොත්තු වෙන කොල්ලෙක් ලැබුනා ම.. ඒ කෙල්ල ඒ කොල්ලාත් එක්ක ජිවත් වෙනවා මිසක් වෙන අය ගැන හිතන්න යන්නේ නෑ...
    ඒ කෙල්ල එෆ්.බි. එකේ හරි එනවා ද ? එහෙම එනවා නම් ඔයා ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් අහලා
    බලන්න මේ කෙල්ලගේ ලගදි ඉදලා වෙනස් විමක් එහෙම දකින්න ලැබුනා ද කියලා...
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මචන් ඕකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. මුල්ම දේ තමා කෙල්ලන්ගේ හිත් මචන් මේ තියෙනවා මේ වෙනස් වෙනවා. උබ මොකක් හරි ගොන් ටෝක් එකක් එහෙම දුන්නද කියල මතක් කරලා බලපන් මුලින්ම?:rolleyes::rolleyes: එහෙම උනහමත් ඔහොම වෙනවා . නැත්නම් උබව ටෙස්ට් කරනවද දන්නෙත් නෑ.:nerd::nerd: මොකද උබ මෙතන හරියටම කියල නෑ උබල දෙන්නගේ තියෙන්නේ ලව් එකක් ද නිකන් යාළුකමක් ද කියල :love::no::love:.ගෙදර ප්‍රොබ්ලම් එකක් උනහමත් ඔච්චරම සැක විදිහට හැසිරෙන්නේ නෑ .මොකද උන් බබ්බු නෙමෙඉනෙ බන්:P:P.කොහොමත් ඔන්ලයින් සෙට් වෙන ඒවා කරේ දාගන්න එපා බන්. උබ මුල ඉදලම කාගෙන වැඩේ මට පෙන විදිහට.:angry::angry: සමහර ඔන්ලයින් සෙට් වෙන කෙල්ලෝ වැඩියම කරන්නේ ඔහොම සෙට් කරගෙන time pass කරගන්න එක. උබත් ඒ වගේ සීන් එකක ගොදුරක්ද දන්නේ නෑ:(:(. පුළුවන් හොදම දේ තමා උබ සද්ද වහල මුකුත් නොවුණු විදිහට ඉදපන්.:frown::frown: ඒකිට ඕන නම් කතා කරයි. කතා කලොත් අහපන් කෙලින්ම සීන් එක. අමාරුයි තමයි. ට්‍රයක් දල බලපන් එහෙම ඉන්න.. අන්තිමටම කියන්න තියෙන්නේ මචන් උන් කපටියි අපි ලපටියි කියල තමයි :dull::dull:
     
    • Like
    Reactions: Smartm

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචන් මම වැඩිය එළකිරි එකේ posts දාන කෙනෙක් නෙමෙයි. ඒවුනාට මං මේ THREAD එක දාන්නේ මගේ හිතේ වේදනාවටයි, මේ වගේ සිද්ධියක් උබලටත් වෙලා තියෙනවනම් උබලගේ අදහස් උදහස් දැන ගන්නයි.

    ගිය අවුරුද්දේ A/L EXAM ඉවර වුනාට පස්සේ කෙල්ලෙක් මාත් එක්ක ONLINE SET වුණා.එදා පටන් ගත්තු FRIENDSHIP එක මේ වෙනකන් කිසි අවුලක් නැතුව අරන් ආව. දැන් මාස 6 කට කිට්ටුයි. ඒ වුනාට මචන්, දැන් දවස් 4,5 ක් ඉඳලා කෙල්ල කිසි සද්දයක් වත් නෑ. අඩුම තරමින් SMS එකක් වත් නෑ. ඉස්සර නම් හිටියේ මට නිකන් පණ උනත් දෙන්න වගේ. (මේ ළගක් වෙනකන් ම එහෙමයි. ) ඉස්සර මචන් දවසකට අඩුම ගානේ MESSAGES 100 ක් 120 ක් විතර එවපු කෙල්ල ට කොහොමද බන් මාව එක පාරට ම එපා උනේ? වෙනද මහා රෑ 3,4 වෙනකන් text කරා. පැය ගණන් එක දිගට කතා කරා. දැන් දවස් 3,4 ක ඉදල වගක්වත් නෑ.

    දැන් PHONE එක දවසම off කරලා. කෙල්ලගේ credit ඉවර වෙලා කියල මං reload කරත් කිසි වගක්වත් නෑ., ඊයේ රෑ 1.30 විතර මචන් මං CALL කරන්න try කරනකොට phone එක ring උනා. එත් ඒ එක්කම call එක cut කරලා දාල ආයේ off කර ගත්ත. ඊට පස්සේ මං call කරන එක නැවැත්තුවා. කෙල්ලට email කරත් එකකටවත් reply නෑ.

    වෙනද මචන් මම එහෙම සද්ද නැතුව පැය භාගයක් හිටියොත් ඒකි මට කොච්චර messages එවනව ද?

    ෆොනේ එකට answer කරනවා නම් කතා කරලා හරි විසඳ ගන්න තිබුනා. එත් එහෙම වත් නෑ බන්. මෙච්චර fit එකේ ඉඳල කිසිම හේතුවක් නැතුව මාව ignore කරන එක සාදාරණ ද කියල පොඩ්ඩක් හිතල බලපන්.

    හිත එකඟ කරගෙන ගානක් හදන්නවත් බෑ පුදුම upset එකක් දැනෙන්නෙ. මාස ගණක friendship එකක් මෙහෙම දවසෙන් දෙකෙන් අමතක කරන්නේ කොහොමද බන්?
    කටුස්සෝ පාට මාරු කරනවා වගේ කොහොම ද කෙල්ලෝ එක පාරටම වෙනස් වෙන්නේ?
    ඉතින් එළකිරි යාලුවනේ උබලට මෙහෙම් සීන් එකක් උනොත් උබල මොකද කරන්නේ? තරහ නැතුව උබලගේ අදහස් ටිකක් දාල යන්න.

    මේවා කියවල තව එක කොල්ලෙක් හරි , online set වෙන කෙල්ලෝ හින්ද අමාරුවේ වැටෙන එකෙන් නතර කරගන්නත් පුළුවන් වේවි..

    :(:(:(:(

    Matath oya wagema case ekak wuna. ganan ganna epa bn .aeth mn kohomahari hitha hada gaththa .ekata me elakiri yaluwo mata udaw kala. kellanwa wiswasa karanna epa mchn. apita me koheda yana kellek hinda eki gena hitha hithaa ape hitha rido ganna oone nene bn.

    AHAPAN WASA BEE SINDUWA.MUHUDE MALU GODAK AETHA EKA MALUWEKUTA DUK WEE ENNA EPA.
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මටත් ඔහොම කෙල්ලෙක් හිටිය බන් මටත්. friendship එකට අවුරුදු 3ක් විතර වෙනවා දැන්. AL වෙනකන් මගේ බුදු fit එක. සමහර දවස වලට කතාව ඕනවට වැඩ ගිහිල්ල නවතින්නේ sex side එකෙන්. අපි ඒවා ගැන කතා කලෙත් තියන fit එකට. එත් අපි ඕන නැති දේවල් කරන්න ගියේ නෑ. කවදාවත්ම.

    AL එවර උනා විතරයි මචන්... ඒකි මාව ගණන ගත්තේ නෑ. උදේ 8ta sms කලාම reply කරන්නේ දවල් 2ට විතර. මට එකට හොඳටම තද උනා. මම තදින් කිව්වා එකට. මොකද එයා කැමති නෑ එයාගේ sms වලට මම reply කරන්න late වෙනවට. අන්තිමට එකී මටත් බැන්න. දෙන්නම තරහ උනා.

    පස්සේ මගේ bday එක දවසේ මට දන්නේ නැති num එකකින් wish එකක් එනවා. ඒ මාස 6කට විතර පස්සේ. බැලුවම මෙකි. FB එකෙනුත් remove කරලා හිටියේ. මාව add කරලා bro විදියත් add කළා. එත් මචන් ඉස්සර තරම් fit එකක් නෑ තාම. කොහොම හරි ඒකිට උනේ පස්සෙන් වැඳගෙන යන කොල්ලෝ ටිකක් CIM, CIMA class වලින් set උනා. එකෙන් අපිව එපා උනා. උන් ලොකු උනා. උන් අපි වගේ නෙමෙයි. gel නාල. පච්ච කොටන්, මාල දාන... එහෙම dial ඉතින් මේකිට උන් හරි ලොකු ඇති. මට ලඟදි කිව්වා එයට ගොඩක් sexy boys ලා ටිකක් සෙට් උනා කියලා. එත් මම එකට මුකුත් කිව්වේ නෑ.

    කවද හරි ඉතින් ඕකිට ඇත්ත තේරෙයි.... අන්න එදාට උඹව ඕන වෙයි.... එකිටත් මාව ඕන වෙයි... :):):)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කවුද දන්නේ මචන්.. ඒ කෙල්ලගේ ගෙදරින් බලපෑමක් ආවාද කියලා..
    අනික ෆොන් එක ඒ කෙල්ල ගාව නෙවෙයි වෙන්නත් ඇති තියෙන්නේ...
    කොහොම වුනත්.. අපි මිත්‍රත්වයක් කොයි තරම් දුරට ගොඩ නැගුවත්..
    කෙල්ලෙක් ගේ ජිවිතයට ඒ කෙල්ල බලාපොරොත්තු වෙන කොල්ලෙක් ලැබුනා ම.. ඒ කෙල්ල ඒ කොල්ලාත් එක්ක ජිවත් වෙනවා මිසක් වෙන අය ගැන හිතන්න යන්නේ නෑ...
    ඒ කෙල්ල එෆ්.බි. එකේ හරි එනවා ද ? එහෙම එනවා නම් ඔයා ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් අහලා
    බලන්න මේ කෙල්ලගේ ලගදි ඉදලා වෙනස් විමක් එහෙම දකින්න ලැබුනා ද කියලා...
    ආදරය වෙනුවෙන් ඉම්සා:lol:
     
    coollife4 සහෝදරයට නම් මේ ගැන experiance ඇතිනේ? නෑ මචන් කෙල්ල සෙට් වුනේ penpal site එකකින්. එකී fb නෑ.
    ඒකිගෙන් අහල දන ගන්න විදියක් ඇත්තෙම නෑ සහෝ.

    අදහස් දීපු සහෝදරයින් ඔක්කොටම ස්තුතියි.
     
  • Feb 22, 2012
    153
    40
    28
    එක කෙල්ලෙක් පොල්ලක් තිබ්බ ගමන් හැම කෙල්ලටම බනින්න එපා බන්! අනික ඒකි දවසක් දෙකක් නෙමේ අවුරුද්දක් දෙකක් උඹත් එක්ක ෆ්‍රෙන්ඩ්සිප් එකේ හිටිය පලියට ජීවිත කාළෙම මැසේජ් ගහන්න ඕන කියලා නීතියක් නැහැ නෙ? උඹ නිකම් කතා කරන්නෙ කසාද බැඳපු ගෑනි මැසේජ් කරන්නෙ නැහැ වගේ නෙ? සමහර විට ඒකි තාවකාලිකව තනියම ඉන්න ඇත්තේ. දැන් ඒක ඉවර නිසා උබව ඕන නැතුව ඇති!