විවේචනය කරන්න එපා කියලා ඉල්ලා හිටිනවා සහෝදරවරුන් ගෙන්, මම 80 ගනන් වල ඉපදුන චරිතයක්, පුංචි කාලේ ඉදලාම මම දහම් පාසල් අධ්‍යාපනය ලබපු පන්සල එක්කම හිටපු ධර්මාචාර්ය කරලා පොඩිඋන්ට උගන්නපු චරිතයක්.... "පව පඩිසන් දීම වෙන්න තියනවා නම් කොහොමත් වෙනවා".
මගේ නංගි කොලඹ පාසල් ගියේ, දැනට පිටරට වැඩ කරනවා, උපාධිය ගත්තේ පිටරට නිසා එහෙම ඉන්නවා. මේ සිද්ධිය වෙන්න බල පෑවේ මගේ යාලුවන් දෙතුන් දෙනෙක් මට විහිලු කල නිසා.
"මොනාද බන් නංගි මට බැන්නා නේ යාලු වෙන්න අහපු ගමන්"
"සොරි බන් උබලාගේ නංගි අපේ අම්මාට කියලා නේ මම යාලු වෙන්න අැහුවා කියලා"
"මේ මොකද බන් උබලෑ නංගි මේ insta Facebook වල කෙල්ලො photos එක්කම දාන්නෙ?"
"කෙල්ලෝ එක්ක ලෙන්ගතුකම වැඩී වගේ නේද?"
ඔහොම විවිධාකාර කතා අැහුවා, ගොඩක් දෙනා විහිලුවට කියපුවා. මම සාමාන්‍යයෙන් හිත ලාමක චරිතයක්, අනිත් අය ගැන හොයන්න බලන්න ගියාම බොක්කෙන්ම හොයනවා බලනවා. ඒවගේම තමයි මගේ ප්‍රශ්න ගැන හිතන්න ගියාම පිස්සු හැදෙනකන්ම හිතනවා. ඉතින් මේ නංගි ගැන යාලුවෝ කියන ඒවා මට හිතේ කරදරයක් උනා, ඒ නිසාම මම Facebook එක බොරු profile එකක් හදාගෙන එයාගේ post / photo වලට comment කරා අවුරුදු 2ක් විතර , chat කරන්න එහෙම උත්සාහ කලත් හරි ගියේ නෑ. ඔහොම අවුරුදු 2කින් පස්සේ එක්තරා දවසක් මට chat කලා, මාසයක් තිස්සේ chat කරලා දෙන්නා එක්ක කුලුපග උනා. එකදවසක් ඉඳලා ඉඳලා එයාම මගෙන් අදාල මාතෘකාව අැහුවා. එයා හිතන්නේ මම පාසල් යන කෙල්ලෙක් කියලා
එයා - නංගි ඔයාට
Boyfriend කෙනෙක් නැද්ද?
මම - නෑ අක්කා මුලින්ම studies කරගන්න ඕනී
එයා - පුදුමයි කොලඹ ඉස්කොලෙ යන කෙල්ලෙක්ට
Boyfriend නෑ කිව්වාම
ඔහොම chat එක යන අතරේ අයිත් අහනවා
එයා -
Boyfriend නෑ කිව්වාට
Girlfriend කෙනෙක් නම් අැති නේද?
මම - අපෝ නෑ
එයා - බොරු කියන්න එපා ඉතින්, කෙනෙක්ට අාසාවත් නැද්ද? ඉස්කෝලේ අක්කලා යාලුවෙන්න අහලා නැද්ද?
මම - එහෙම නෑ ඔයා පිස්සු දේවල් කියන්න එපා.
ඔන්න ඔතන ඉඳන් එක දුර දිග යනවා. ජීවිතේටවත් මම අහපු නැති කතා මම දැනගත්තා මේ කොලඹ කාන්තා පාසල් හා ඒ ආශ්රිත
Lesbian සමාජය ගැන.
- කාන්තා කාන්තා හමුවීම්.
- කාන්තා කාන්තා ආදර සම්බන්ධතා
- කොහොමද ඒවා රහසෙන් කරගෙන යන්නෙ?
- කොහොමද එහෙම කෙනෙක් ව අඳුරගන්නෙ?
- කොලඹ එවැනි කාන්තාවන් (කෙල්ලො සහ මැදිවයස් වල) ගැවසෙන්නේ කොහෙද?
- මොනාද කතාකරන ඉඟි භාෂාව? (Hint language)
එකී මෙකී නොකී සියලුම දේ. ඒ අතරේ මේ
කාන්තා ස්වයංවිදනය හා ඒක කරන්නේ කොහොමද කියලා එයාම මට කියලා දුන්නා...
ඊට අමතරව එයාගේ
Girlfriends ලාගේ විස්තර සහ Photo. පිටරට
Lesbian සංස්කෘතිය.
Threesome සංස්කෘතිය. එයා ආශ්‍රය කරපු කපල් ගැන.
Club ගියාම වෙන දේවල්. ලංකාවේ සුපිරි පවුල්වල වෙන දේවල්. (අැතැම් අවස්ථා වල ලංකාවේ එයාගේ කොලඹ යාලුවන් එක්ක Group Chat එහෙම කලා)
හිතාගන්න මට අැතිවුන මානසික පීඩනය කොහොමද කියලා? පුංචි කාලේ ඉඳලා අැහැක් වගේ බලාගෙන, කියන්න තේරෙන්නේ නැහැ ඒ හැගීම ඉතින්. අනුගේ ලීක් මමත් හොයනවා අනුන් ගේ ඕපාදූප මමත් බලනවා අහනවා සමහරුන්ව විවේචනය කරනවා ඕක බඩුව, දන්නකාලේ ඉඳන් ඕක වටේ තමයි කියලා.
හිතාගන්න දෛවයේ සරදම කොහොමද කියලා? තමන්ගේම කෙනෙක්ගේ දේවල් දැනගනකොට?
මානසිකව ගොඩක් වැටුනා මම. පන්සලෙන් බැහැර උනා මම හිත ගොඩාක් අවුල් උන නිසා. (ඒකයි මම කිව්වේ පව පඩිසන් දීම කියලා) දැන් මම බොන්න අැබ්බැහිවෙලා. තනියම ඉන්න කැමතී සමාජෙන් මිදිලා. තාම මම අවිවාහකයි. මනස අවුල් උනාම භාවනා කරනවා පිස්සු හැදෙයි කියලා බයයි. කිසිකෙනෙක්ට හිතේ තියන මේ දේ කියන්න බෑ, මට කිසිකෙනෙක් විශ්වාස නෑ. සමාජෙන් විවේඡනය වෙන්න බයයි. තව ලියන්න බෑ අැතැම් දේවල් මතක් වෙනකොට හිතට හරිම අමාරුයි.
වැඩිහිටියෙකුගෙන් වෙන්න ඕනා යුතුකම් ඉටුකලේ නෑ කියලා මගේ හිත මටම කියනවා. ආරක්ෂාව/රැකවරණය දුන්නේ නෑ කියලා මගේ හිත මටම කියනවා. හරි මගට යොමුකලේ නෑ කියලා මගේ හිත මටම කියනවා. කෙනෙක් කියයි මම හනමිටි අදහස් තියන පොරක් කියලා. තවත් අය වෙන වෙන දේවල් කියයි.
"ප්රරශ්නය තමාගේ නොවන තුරු පිලිතුර දාර්ශනිකයි" "ප්රරශ්නය තමාගේ උනාම තමයි දන්නේ මනසින් විඳවන ආකාරය"
පුංචි වෙලාවක් අරගෙන මගේ කතාවට තමන්ව අදාල කරගෙන හිතලා බලන්න..........
View attachment 84652View attachment 84653View attachment 84654View attachment 84655View attachment 84656View attachment 84657