පියතුමාට තිබුන වාහන :
පවුල් වීමට පෙර:
Triumph Mayflower
පාවිච්චි කරපු එකක් ලාබෙට අරං හදලා අරගෙන. ඕකට තියෙන්නෙ 6 cylinder එන්ජිමක්, 3 forward, 1 reverse gearbox එකක්.
පවුල් උනාට පසු:
Bug Fiat එකක්.
ඕකෙන් ලොරියක වැඩ අරං තියනවලු. අන්තිමට වාහනේ ගත්ත එකා ඕකෙ ඩිෆරෙන්ෂල් එක ලොරියකට හයිකරන්නලු වාහනෙ අරං තියෙන්න!
Ford Anglia
මෙක තමයි මට මතක ඇති කාලෙක ගත්ත මුල්ම වාහනේ. මොරටුව පැත්තෙ ගෙදරකින් ගත්තෙ. එන්ජිම, ටින්කරින්, upholstery ගෙදර තියන්ම හදනවා මතකයි. අම්මා බනිනවත් මතකයි කාර් එක අස්සෙ රින්ගන් ඉන්නවා කියලා ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්

ඕකෙ viper වැඩ කරන්නෙ engine compression එකෙන්. viper motor නෑ. වැස්සෙ කඳු අදිද්දි viper වැඩ කරන්නෙ හෙමින්..

හදලා හදලා අන්තිමට වෙන පලාතක පදිංචියට යනකොට ඕක තාත්තගෙ යාලුවෙකුට දිලා දැම්මා..
මේවා කොම්පැනියෙන් තාත්තට දීලා තිබුන වාහන :
Delica L300 Diesel.
එලකිරි වෑන් එක! රට වටේම ගියා ඕකෙ. මේයින් දෙක්ක පාවිච්චි කලා. 40 sri එකයි 52- එකයි.
Nissan Vanette C120
Toyota Corolla KE72
ඕකත් මරු කාර් එක. මම වාහන පදින්න පුරුදු උනේ ඕකෙන්

කියන්න කිසිම ලෙඩක් තිබුනෙ නෑ.
Nissan Vanette C22 රවුම් ලයිට්.
අපිට තිබුන එක සුදු පාටයි.
Daihatsu Charmant.
12 sri එකක් තිබුනෙ. ඕකට එන්නෙත් corolla ke72 එන්ජිම මයි. ඒහින්දා මලාට අදින්නෙ නං නෑ. හැබැයි comfort අතින් උපරිමයි. පෙට්රල් කරන්නෙ නං නෑ.
Delíca එකේ ඉඳන් Charmant එකට එනකන් වාහන ඔක්කොම හම්බුන ඒවා. ඊට පස්සෙ තාත්තගෙම කියලා ගත්තෙ මේක :
Nissan Vanette C22 DX
56- රතු පාට එකක්. තාමත් තියන් ඉන්නෙ ඕකන තමයි. ඉස්සරහා තියන දුන්න නිසා ටිකක් ගස්සනවා. ඒ ඇරෙන්න කිසිම ලෙඩක් නෑ.