ඕක ඇත්තටම ලංකවෙ උංගෙ ප්‍රශ්නයක් , ජාති බේද වලින් තොරවම , හිංගල, තම්බි , දෙමලු ඔක්කොම එකයිඇයි මචන්ලා මේ කඩ කාරයොන්ට , චුන්පාන් එවුන්ට පිරිසිදුවට කෑමක් දෙන්න බැරි ?
කලින් මම කඩ වලින් චුන්පාන් එවුන්ගෙන් කෑවේ නැහැ දර පලන නිසා ගෙදර කෑම හදන්නේ හවස උදේ වරුව කඩ කාරයොන්ට , චුන්පාන් කාරයන්ගෙන් අරන් කනවා එත් දැන් එකත් නොකර ඉන්න හිතං ඉන්නේ හෙන අපසන්නයි උන්ගේ කෑම.
එක චුන්පාන් කාරයෙක් ඉන්නවා සල්ලි අල්ලන අතින් තමා කෑම අල්ලන්නේ කන්න කැතයි මම විසික් කළා ගත්ත ගමන්
තව චුන්පාන් කාරයෙක් ඉන්නවා කෑමදීලා ගෙදරින් ටිකක් ඉස්සරහට ගිහින් හොටු හුරලා විසික් කරලා ගියා මට වමනේ යන්න ආවා එදා
හොටලයෙකින් උරුදු වඩේ ගත්තා ඌ අතින් අල්ලලා ෂොපින් එකට දානවා ෂොපින් එක ඇරියේ ඇගිලි වල කෙල ගාලා ඌ කලින් කරන්න ඇත්තේ කෙල ගාලානේ ඒ කෙල පිටින් තමා එක ඇල්ලුවේ එදා මම ඒවා විසික් කරලා ගෙදර ආවා
තව හෝටලයකින් උරුදු වඩේ ගත්තා ඒ ගෑනි සොකෙස් එකෙන් ඒවා අරගෙන මේස උඩ තියෙන ජරා පිගානකට දැම්මා එපා උණා එතනම
සිල්ලර කඩේකින් සීනි ගත්තා සීනි එකේ මැස්සෝ වහනවා කඩේ කෙල්ල දහඩිය දාලා ඒ මදිවට කහිනවා මාර්කස් එකක් දාලා හිටියේ එත් තේ එකක් බොනකොට කැතේ බෑ
පෙරේදා චුන්පාන් ගත්තා ඌ ගිය සතියේම ආවේ නැහැ ඌ මාළු පාන් 5 මට දීලා කියනවා උණ හැදිලා හිටියා කියලා මට ටිකක් කැත හිතුණා එත් කෑවා. හවස වෙනකොට මට උණ , දැන් හෙබිරිස්සාව දැන් අඩුයි මම ලග බෙහෙත් තියෙනවා ඒවා බිව්වා අරුගෙන් තමා මට හැදෙන්න ඇත්තේ.
මුන් මේ කෑම කොහොම හදනවා ඇද්ද කියලා හිතුණා විකුණනකොට, උබලට හොදට හොයලා කාපල්ලා මමනම් අය බඩගින්නේ හිටිය කොට ජරාව කන්නේ නැහැ උබලට දැනුවත් වෙන්න දැම්මේ.
මම හිතන්නෙ අද්‍යාපන ක්‍රමයෙම තියෙන අව්ලක්
ආහාර පරිහරනයේ පිරිසිඳුකම , ඒකෙ වැදගත්කම කවත් කියල දීල නෑ
අනික මෙව්ව නියාමනය කරන ආයතන වල ප්‍රමිතියක් නෑ

