මේකනේ බං මිනිස්සු හුගක් දෙනා කල්පනා කරන්නේ තමන්ගේ ප්රශ්නනේ.
දැන් මට වෙලා තියෙන්නේ බං මම තනිකර කල්පනා කරන්නේ අනුන්ගේ ප්රශ්නනේ.
පුද්ගලික ජීව්තේ සල්ලි ප්රශ්න පවුල් ප්රශ්න ලෝන් ප්රශ්න ඔය කිසිම එකක් නෑ.
අනුන්ගේ දේවල් හිතලා හිතලා ඔලුව කුරුවල් කරගන්න බෑනේ බං.
ඒ නිසා පොඩ්ඩක් ස්ට්රෙස් වගේ එනකොට මම ටක්ගාල ලීව් එකක් දානවා.
දාල පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදල හීනියට අඩියක් ගහලා ෆිල්ම් දෙක තුනක් බලල බැක්ටු නෝර්මල් වෙලා වැඩට යනවා.
ඊයේ අරූ කිව්ව නිසා එලිවෙනකංම වගේ අර කූඹියෝ එකේ එපිසෝඩ් වගයක් බැලුවා විස්කි පොඩ්ඩක් ගගහ.
දැන් ආයේ පොඩ්ඩක් මෙහෙම ඉදලා බදාදා ඉදල කෝට්ස් යනවා.
මේකට ආවම අපිත් එක එක ප්රශ්න අහන්න ගන්නවා. එතකොට ඉතින් උසාවි ගියා වගේමනේ. සමාවෙන්න මාත් දිගටම ප්රශ්න ඇහුවා. ඇත්තමට මාත් හිතුවෙ නෑ මේක මෙච්චර සීරියස් කේස් එකක් කියලා. අපිත් ඌට කිව්වෙ ලංකාවට එන්නේ නැතිව හිටපන් කියලා.






thank you