කම්මැලි බං

thanujaka

Well-known member
  • මේ වෙන ප්‍රශ්නයක්...
    කිසියම් ඉඩමකට අපට ඔප්පුවක් තියනවා යයි සිතමු. එම ඉඩමේම කොටසක් ඇතුලත්ව තවත් ඉඩමක් හා සම්බන්ධ ඔප්පුවක් වෙනත් අයෙකුට තිබෙනවා නම් එම පුද්ගලයන් දෙදෙනාට සැබෑ ලෙස අයිති ප්‍රමාණ තීරණය කරගන්නේ කෙසේද ?

    ප්ලෑන් එක බලන්න ප්ලෑන් ඒකේ දාල ඇති.
    ප්ලාන් එක දීල මිනින්දෝරුවෙකුට කියල මන්න ගන්න
     
    thanujaka

    Well-known member
  • ආණ්ඩුවට සල්ලි ගේවලාවත් බිම් කෑල්ල ඔප්පුවට ඇතුලත් කරගන්න ක්‍රමවේදයක් නැත්ද?
    පොඩි කැල්ලක් නිසා
    කාටත් වැඩක් නැහැ වෙන කෙනෙක්ටකාටත් කරදරයක් හානියක් නැහැ, නිකම් හරි කවරුහරි දැනගෙන පෙත්සමක් ගැහුවොත් ඒ කැල්ල කඩලා දායිද

    එහෙම ලොකු දෙයක් නැහැ මේ වගේ දෙයක් වුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි වගේ

    Thank you

    අවුරුදු 100 කෙනෙක් පාවිච්චි කලත් රජයේ ඉඩම් වල අයිතිය ලැබෙන්නේ නෑ.
    ඒව එහෙම සල්ලි ගෙවල ගන්න විදිහක් නෑ මචං එක මිමිලිමීටර් එකක්වත්.
    පෙත්සම් ගැහුවොත් ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයෙන්ම.
     
    thanujaka

    Well-known member
  • ප්‍රධාන පාරක් කිව්වට හයිලෙවල් පාරක් වගේ එකක් නෙවෙයි අයියේ...
    නිකන් ගමේ පාරක් ..බස් යන පාරෙන් ඇතුලට එන්න තියෙන පාරක්..නිකන් පටුමග, මාවත කියන ටයිප් පාරක්..

    අර බිම්සවි ප්‍රශ්නයට පිළිතුරක් ඕනි

    බිම්සවියට මම උත්තරයක් දුන්නේ නැත්තේ පාර මොන වගේ එකක්ද දන්නෙ නැති නිසා.
    ප්‍රශ්නයක් නෑ එහෙනං එයාලට ඒ පරේන් ඇතුලට ඇක්සස් තියෙනවනේ
    ඔයාගේ පුද්ගලික පාර එයාලට කොහොමත් දෙන්න අවශ්‍ය නෑ.
    ඒක ඔයාගේ පුද්ගලික පරිහරණයට තියාගන්න.

    ප්‍රධාන පාරකට කෙලින්ම වැටෙනවනං බිම් සවියේ පාර නැතත් උන්ට පාර ඉල්ලන්න පුළුවන් ඔතනින්, නමුත් ඕක නිකං පොඩි පාරක් නං එහෙම ඉල්ලන්න බා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo

    picture.php

    අපේ ඉඩම තියෙන්නේ මේ විදියට
    1 කියන්නෙ අපි ඉන්න කොටස, 2 හා 3 කියන්නෙ වෙන අයගෙ කොටස්. මැදින් ඇදලා තියෙන්නෙ පොදු පාර අඩි 10යි
    A, B කියලා තියෙන්නෙ පිලිවෙලින් අපේ කොටසට හා 2 කියන කොටසට පොදු පාරෙන් යන්න තියන තැන්.ඔප්පුවෙ පොදු පාර කියලා පැහැදිලිව තියනවා

    දැන් ගැටලුව තියෙන්නෙ 3 කියන කොටසෙ අයිතිකාරයා මම මේ C කියලා ලකුණු කරලා තියන සම්පූර්න කොටසම,ඒ කියන්නෙ A කියලා ලකුණු කරලා තියන පාර පහුවුනු ගමන්ම තියන සම්පූර්ණ කොටස තනිකර ඒ පුද්ගලයාගෙ පුද්ගලික දේපලක් විදියට භාවිතා කරන්නෙ
    අනික ඒ පුද්ගලයා ගෙදර හදලා තියෙන්නෙ පාරෙ මායිමේ ඉදන් අඩියක් විතර තියලා ඒක නිසා අනිවාර්යෙන් වාහනයක් එහෙම නතර කරොත් පාරෙ කෙලවර අනිවාර්යෙන් ඇහිරෙනවා
    දැනට මේ C කියන කොටස සම්පූර්නයෙන් ගල් සහ ගඩොල් දාල බ්ලොක් කරලා තියෙන්නෙ
    මේකට මොකද කරන්න පුලුවන්, මොකද අපේ ඉඩම දිගයි සහ ස්ලෝප් එකක් තියන ඉඩමක් ඒක නිසා අනිවාර්යෙන අපිට අපේ ඉඩමෙ පිටිපස්ස කොටසට යන්න පාරෙ C කියන කොටසෙ කෙලවරින් යන්න වෙනවා, සහ අපි ඉස්සර ඉදන් මේ පාරෙ කෙලවරින් අපේ ඉඩමට යන්න පාරක් තිබුනා.

    මේකට මොකද කරන්න පුලුවන්, අපිට ඕන පාර ක්ලියර් කරලා තියෙන්න. වාහන සහ ගල්ගොඩවලා අයින් කර ගන්න.
     
    thanujaka

    Well-known member

  • Type karala dunne... eya athsan karaa

    ඔහොම ලියුම් වලට ගෙවල් දෙන එක අනුමහ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කොහොම උනත්.
    මොකද ඔය ගෙදර කුඩු තිබිල අහු උනත් ඔයත් හිරේ යනවා.
    මින්පස්සේ දෙනකොට මතක ඇතුව බදු ඔප්පුවක් ලියන්න මතක තියාගන්න

    ඔයාට යම්කිසි නීතීමය රැකවරණයක් තියෙනවා ප්‍රශ්නයක් නෑ උසාවි ගියොත් මොකක්ම හරි ගිවිසුමක් මුද්දර උඩ අත්සන් කරලා තියෙන නිසා.
     
    • Like
    Reactions: shameera89

    thanujaka

    Well-known member
  • :rofl: ඒකනේ ඔයා වැඩේ කනවනේ අප්පා, දැන් පාරක් දෙන්න වෙනවනේ මේ මනුස්සයට :sorry:

    ඒකත් එහෙමද, අපිත් පාරක් අයිනේ ඉන්නේ ඒකයි දැනුවත් වෙන්න ඇහුවෙ, බොහොම ස්තුති :yes:

    එල එල.
     
    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත්තුමා අපේ ගෙදරට අවුරුද්දකට රුපියල් 7000 ක් විතර වරිපනම් ගෙවන්න ඕනෑ. ඒත් අපිට දැන් කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා අපිට ආදායම් මාර්ගයක් නැති නිසා වරිපනම් බද්දෙන් නිදහස් වෙන්න කිසියම් ක්‍රමයක් තියෙනවද?

    ඒක මචං ග්‍රාමසේවක එක්ක කතා කරලා කරගන්න ඕන දෙයක්.
    ග්‍රාමසේවක නිර්දේශ කරලා ඇඇරියොත් වරිපනම් වලින් නිදහස් වෙන්න පුළුවන්.
     
    thanujaka

    Well-known member
  • මටත් නීතිමය ගැටලුවක් තියෙනවා හැකිනම් පිළිතුරක් ලබාදෙන්න ස්තුතියි. මගෙ ගැටලුව මේකයි.

    අපේ නිවසක් අවුරුදු පහකට වෙනත් පාර්ශවයකට බද්දට දීලා තියෙනවා. ඒත් ඒ අය අසල්වාසීන්ට කරදර වන විදියට හැසිරීම නිසා අපිට ඒ අයව බදු කාලසීමාව අවසන් වීමට පෙර ගෙදරින් යවන්න ඕනෑ. එහෙම බද්දට ඉන්න අයව නියමිත කාලසීමාව අවසන් වීමට පෙර නිවසින් යවන්න පුලුවන් අවස්ථා මොනවාද? එහෙම යවන්න අපි ගත යුතු පියවර මොනවාද?

    බදු කොන්දේසි කඩ කල කියලා නෙරපාහැරීමේ නියෝගයක් ගන්න ඕන උසාවියකින්.
    ඒකට නඩු කියන්නම වෙනව.
     
    thanujaka

    Well-known member

  • picture.php

    අපේ ඉඩම තියෙන්නේ මේ විදියට
    1 කියන්නෙ අපි ඉන්න කොටස, 2 හා 3 කියන්නෙ වෙන අයගෙ කොටස්. මැදින් ඇදලා තියෙන්නෙ පොදු පාර අඩි 10යි
    A, B කියලා තියෙන්නෙ පිලිවෙලින් අපේ කොටසට හා 2 කියන කොටසට පොදු පාරෙන් යන්න තියන තැන්.ඔප්පුවෙ පොදු පාර කියලා පැහැදිලිව තියනවා

    දැන් ගැටලුව තියෙන්නෙ 3 කියන කොටසෙ අයිතිකාරයා මම මේ C කියලා ලකුණු කරලා තියන සම්පූර්න කොටසම,ඒ කියන්නෙ A කියලා ලකුණු කරලා තියන පාර පහුවුනු ගමන්ම තියන සම්පූර්ණ කොටස තනිකර ඒ පුද්ගලයාගෙ පුද්ගලික දේපලක් විදියට භාවිතා කරන්නෙ
    අනික ඒ පුද්ගලයා ගෙදර හදලා තියෙන්නෙ පාරෙ මායිමේ ඉදන් අඩියක් විතර තියලා ඒක නිසා අනිවාර්යෙන් වාහනයක් එහෙම නතර කරොත් පාරෙ කෙලවර අනිවාර්යෙන් ඇහිරෙනවා
    දැනට මේ C කියන කොටස සම්පූර්නයෙන් ගල් සහ ගඩොල් දාල බ්ලොක් කරලා තියෙන්නෙ
    මේකට මොකද කරන්න පුලුවන්, මොකද අපේ ඉඩම දිගයි සහ ස්ලෝප් එකක් තියන ඉඩමක් ඒක නිසා අනිවාර්යෙන අපිට අපේ ඉඩමෙ පිටිපස්ස කොටසට යන්න පාරෙ C කියන කොටසෙ කෙලවරින් යන්න වෙනවා, සහ අපි ඉස්සර ඉදන් මේ පාරෙ කෙලවරින් අපේ ඉඩමට යන්න පාරක් තිබුනා.

    මේකට මොකද කරන්න පුලුවන්, අපිට ඕන පාර ක්ලියර් කරලා තියෙන්න. වාහන සහ ගල්ගොඩවලා අයින් කර ගන්න.

    මෙහෙමයි.
    ඔයාට ඔප්පුවෙන් පාර දීල තියෙනවනේ.
    ප්‍රායෝගිකව ඔයාට ඉඩමේ කොටසටක ඇතුලු වෙන්න ආමාරුයි කියල තව තැනකින් ඉඩමට ඇක්සස් ඉල්ලන්න බෑ එහෙම.
    සරලව කිව්වොත් ඔයාට මාර්ග අයිතියක් ඉල්ලල ඉන්න බෑ ඔතනින්.
    හැබැයි එහෙමයි කියල එහෙම පාරක් උගේ හිතුමනාපයට ඌට භුක්ති විදින්නත් බෑ.
    මාර්ගය අවහිර වෙනවා සහ එහෙම දේවල් කර කර මාර්ගයට හානි කරනවා කියලයි ඌට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්.
    පොලිසියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න. විභාහ කරන්න ආවම තත්වේ පෙන්නල පැහැදිලි කරන්න.
    එතකොට ඒව අයින් කරගන්න වෙනවා.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ලක්ශ 20 අරගත්ත 20% පොලියට.:eek:
    බදු ඔප්පුවක් ලිව්වද ඕකට

    බදු නෙවේ ඔප්පුව දීල මෙච්චර ගානක් සල්ලි මේ පොලියට දෙනවා කියලා ලියලා අරගෙන තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මෙහෙමයි.
    ඔයාට ඔප්පුවෙන් පාර දීල තියෙනවනේ.
    ප්‍රායෝගිකව ඔයාට ඉඩමේ කොටසටක ඇතුලු වෙන්න ආමාරුයි කියල තව තැනකින් ඉඩමට ඇක්සස් ඉල්ලන්න බෑ එහෙම.
    සරලව කිව්වොත් ඔයාට මාර්ග අයිතියක් ඉල්ලල ඉන්න බෑ ඔතනින්.
    හැබැයි එහෙමයි කියල එහෙම පාරක් උගේ හිතුමනාපයට ඌට භුක්ති විදින්නත් බෑ.
    මාර්ගය අවහිර වෙනවා සහ එහෙම දේවල් කර කර මාර්ගයට හානි කරනවා කියලයි ඌට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්.
    පොලිසියේ ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න. විභාහ කරන්න ආවම තත්වේ පෙන්නල පැහැදිලි කරන්න.
    එතකොට ඒව අයින් කරගන්න වෙනවා.

    එල
    බොහොම ස්තූතියි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    අම්මපා එක පාරක් සත්තකටම ඔය ලගින් යන දෙයක් උනා.
    මේකේ එකෙක් උසාවියේදි මාව අදුරගෙන තිබුනා.
    ඌ ගෙදර ඇවිල්ලා මට pm එකක් දාල තිබුනා අද ඔබතුමාව මම දැක්ක. ඒ උනාට කතා කරන්න පොඩ්ඩක් බය හිතුනා කියල.
    මම ඌට 15000ක් දඩත් ගහලා.:oo:
    ප්‍රසිද්ධිම එකෙක් එලකිරියේ නාකි කුකුලෙක්.:rofl:
    දැක්කොත් මේක මරු විකල්ලෙන් දුවන් එයි.

    :rofl::rofl::rofl::rofl:
    scuvry awoth kohomada athal eka :baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • බදු නෙවේ ඔප්පුව දීල මෙච්චර ගානක් සල්ලි මේ පොලියට දෙනවා කියලා ලියලා අරගෙන තියෙන්නේ

    සොරි සොරි මටත් වචන පැටලෙනවා බං බදු නෙමෙයි උකස්කරයක් ලිව්වද?
    එහෙමත් නැත්තන් පොරොන්දු සින්නකරයක් හරි එහෙමත් නැත්තන් කෙලින්ම සින්නක්කර ඔප්පුවක් හරි ලියල දුන්නද?
    නැත්තන් නිකංම ඌට ඔප්පුව දුන්නද ලෝයර් කෙනෙක් ඉස්සරහ නොලියා උඹ නිකං ලියුමක් ලියල?
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    සොරි සොරි මටත් වචන පැටලෙනවා බං බදු නෙමෙයි උකස්කරයක් ලිව්වද?
    එහෙමත් නැත්තන් පොරොන්දු සින්නකරයක් හරි එහෙමත් නැත්තන් කෙලින්ම සින්නක්කර ඔප්පුවක් හරි ලියල දුන්නද?
    නැත්තන් නිකංම ඌට ඔප්පුව දුන්නද ලෝයර් කෙනෙක් ඉස්සරහ නොලියා උඹ නිකං ලියුමක් ලියල?

    ලෝයර් ඉස්සරහ ගන්න ගාන ලියලා ගෙවන්න ඕන ගාන ලියලා ඔප්පුව දීලා තියෙන්නේ

    උකස්කරේ පොරොන්දු සින්නක්කරේ වෙනස මොකද්ද
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මචන් credit card එකක් මාස හයකට වඩා default කලොත් බැංකුවට ගන්ඩ පුළුවන් action මොනවද.
    උන්ට අපිට විරුද්දව නඩු දාන්ඩ පුලුවන්ද?

    ස්තුති