මන් නම් කියන්නේ ඔය බල්බ් එක මෙහේ තහනම් කරන්න ඕන කියලා..මොකටද ඔච්චර එළියක් අපේ උන් මීදුමේ වාහන පදිනවද..එච්චරටම සේෆ් වාහන පදින රටනේ මේක..මගේ කලින් වාහනේට 40,000ක විතර එකක් ඒ කාලේ හයි කලේ..ඕක හයි කර වෙලේ ඉඳන් පාරේ යන්න බෑ..ඩිම් කරපිය ඩි කරපිය කියල ඉස්සරහින් එන වාහන මැරෙන්න යනවා..මේ ඩිම්ය මෙන්න හෙඩ් එක කියල හෙඩ් එකත් ගැසුවම නාග සලන් වෙලා යනව ඇති..
මම හරියටම කියන්න දන්නේ නෑ ඔය ලයිට් සෙට් කර හයි කලාට පස්සේ වෙච්ච සීන් වලින් එකක තමා ඔය සීන් එක..ඊට අමතරව කාර් බැටරියේ සීන් එකක් ආවා..මන් දන්නේ නෑ ඒකට හේතු උනේ ඕකමද කියලා.. අනික් එක වාහනේ ඉස්සරහ ප්රධාන ලාම්පුව ඇතුලෙන් දුර්වර්ණ වෙලා යන එකක් උනා..කොහොම හරි ඔය සෙට් එකේ එක බල්බ් එකකට කෙල උනා..එදා ආයේ කහ බල්බ් දෙකකට මාරු උනා..දැන් වාහනෙත් ඔය කිට් එක තියෙනවා ඒක ඩිසේවල් කරල කහ බල්ඩ් දෙකක් දාල තියෙන්නේ..
වගේම මේකත් කියන්න ඕන..xenon bulb ඇහැට අමාරුයි තමා හැබැයි ඊට වඩා අමාරුයි තොරණ වෙන්න ලයිට් අටවපු ත්රී වීලරයක් පස්සෙන් තියන්න යන්න සෙට් වෙන එක..