කාර් එකට ලයිට් පාට් 2 - xenon

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කාර් එකට ලයිට් පාට් 2 - xenon

මචන් හැලජන් ත්‍රෙඩ් එකට රිප්ලයි 50ක්වත් යන්න කලින් ත්‍රෙඩ් එක දානවා මොකද උඹල උඩ දාගෙන ගිහිල්ල උඹලගේ ගෙවල් වල තියෙන ලැම්බොගිනි ෆෙරාරි වලට මගුල් ලයිට් කෑලි අටවලා ලේලන්ඩ් තොරන් වගේ චාටර් කරගන්නවට මගේ බොක්ක කෙලවරෙන්ම බුර බුරා පැන නගින අනුකම්පාව නිසා.

ඕකේ. නව් ලිස්න් චිල්ඩ්‍රන්, ටුඩේස් ටොපික් ඊස් xenon බල්බ්ස්. හරි හරි ඕයි කෑගහන්න එපා. ඔච්චර තමයි ඉන්ගිරිස් කෑලි දාන්නෙ. මොකද මම දන්නෙත් නෑ නේ.

මේ තියෙන්නෙ ඔරිමජිනල් xenon බල්බ් එකක්
battle-of-the-headlights-halogen-vs-xenon-vs-led-26530_6.jpg


මේවට xenon බල්බ් කියන්න හේතුව මේ බල්බ් එක ඇතුලේ තියෙන xenon ගෑස් එකයි. ටෙක්නිකල් පැත්ත ගැන වැඩිය කියන්න යන්නෙ නෑ මචන්ලා ඒවා එච්චර වැදගත් නැති නිසා. ත්‍රීවීලර් එකක් තියා විල්බැරෝවක් වත් හදන්නෙ නැති අපේ රටේ ගොයියොන්ට ඔය ටෙක්නිකල් මගුල් එච්චර වැඩක් නෑ. සමහර xenon බල්බ් වල රසදිය වගේ මිනිස් සෞඛ්‍යට අහිතකර සංයෝගත් තියෙනවා. ගොඩක් වෙලාවට චීනා කරන්නේ ලේසියෙන්ම සහ ලාබෙට අටවන්න පුලුවන් විදි වලට ඔය බල්බ් හදලා අඩුවට විකුනනවා. උන්ගේ බඩු ගද්දි ටිකක් හොයලා බලලා ගනිල්ලා.

HID කියන්නෙත් මේවටම තමයි ඈහ්.

754230873_627.jpg


ආය උඹලා කඩේ ගෝලයට xenon දෙන්න කිව්වම ඌ HID කියල කොටපු පෙට්ටියක බල්බ් එකකුයි වෑර් කෑලි ගොඩකුයි උස්සන් ආවොත් කියන්න එපා මේක නෙවෙයි මට ඕනෙ අර ලයිට් කියල. වස නෝන්ඩිය හොඳේ. සමහර කඩවල් වල ගෝලයෝ ඉන්නව උන්ට කහ ලයිට් එක නෙවෙයි සුදු ලයිට් එක කිව්වම තමයි යාන්තන් තේරෙන්නෙ.

HID කියන්නේ High Intensity Discharge කියන එකයි.

ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපි උඹලා ඔය HID ලෑම්ප් වාහනයක් ඉස්සරහට එද්දි උගේ කිත්තා, කිරිකිත්තගේ ඉඳන් ඉපදෙන්න ඉන්න දරුවා ඇතුලු හත්මුතු පරම්පරාවම සිහි කරල පින් දෙනවා. එච්චරකට ඔය එලිය සැරයි. ඒකට හේතුව හැලජන් බල්බ් එකක කලර් ටෙම්පරේචර් එක (2700K) HID එකට වඩා HID එකේ කලර් ටෙම්පරේචර් එක (4000K) වැඩි වීමයි.

කලර් ටෙම්පරේචර් චාට් එක බලලම අයිඩියා එකක් ගනිල්ලා
color-temp-chart.jpg


සාමාන්‍යයෙන් හොඳ xenon (HID) බල්බ් එකක් පැය 2000ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි HID කිට් එකකට වැයවන මුදල හැලජන් බල්බ් එකකට යන වියදමට වඩා ගොඩක් වැඩී. හැලජන් බල්බ් දෙකක් රු.1500 කට වගේ ගද්දි HID කිට් එකකට රුපියල් රු.7000ක් විතර වැය වෙනවා.

HID කිට් එක මෙන්න මේ වගේ
X002.jpg


HID xenon බල්බ් එක දැල්වෙන්නෙ ඉලෙක්ට්‍රික් ආක් එකකින්. ස්පාක් වෙනවා වගෙ සීන් එකක්. මේ තියෙන්නේ.
e01-14-05.jpg


HID කිට් එකේ තියෙනවා BALLAST කියලා කොටසක්. ඒකෙන් තමයි බල්බ් එක දැල්වීමට අවශ්‍ය කන්ටිනුවස් පවර් සප්ලයි එක දෙන්නේ. ඔය යුනිට් එකේ වඩාත් වැදගත්ම සහ වටිනාම කොටස ඔන්න ඕකයි.


componments-of-HID-ballast-1.jpg



ඒක නිසා උඹලගේ ලැම්බොගිනියෙ HID ලෑම්ප් එකට බඩු බනිස් උනොත් සටස් ගාල ගිහින් පර්ස් එක ඇදල මොනරු හත අටක් විසික් කරල දාන්නෙ නැතුව හොඳ වැඩ්ඩෙක් අල්ලගෙන ඔය යුනිට් එක පොඩ්ඩක් ගලවල සර්කිට් හදන පොරකට පොඩ්ඩක් පෙන්නල බලපන් ඔය BALLAST එකේද වරද තියෙන්නෙ කියල. අනික අලුතෙන් එන ගොඩක් හයිබ්‍රිඩ් වාහන වල HID බල්බ් එක පිච්චුනොත් ඒකට හරියටම මැච් වෙන බල්බ් එකම රිප්ලේස් කරපල්ල. ලාබ චීන පටස් දාල හොඳට තියන ballast එකට කෙලෝගන්න එපා. බ්‍රෑන්ඩඩ් කිට් එකක් රු.60000ක් 70000ක් විතර වෙනවා පුටේ. කාගේ උනත් සල්ලි නේ!


අනේ මේ ඇති බන්. තව කියන්න ගියොත් ත්‍රෙඩ් එක නිකන් හිගන්නගේ හෑල්ල වගේ වෙනවා. මේකත් මතක තියාගනිල්ලා. මේ විස්තර ටිකක් කිව්වට අපෙ තාත්තා සක්කරයා නෙමෙයි හොඳේ. ඒ කියන්නේ මම වයිමත් නෙවෙයි. තොපි මම කියන කුනුහරප අහගෙන ගිහිල්ල හොඳට වැඩ කර කර තිබ්බ හැලජන් බල්බ් එක විසි කරල HID ලෑම්ප් ගහල බඩු බනිස් වෙල ලක්ස ගානක් කෙලෝ ගන්නවා එහෙම නෙවෙයි ඕං. විස්තරයක් දැම්මේ උඹලා අන්න එහෙම කෙලෝ ගන්න එකෙන් වලක්වගන්නයි. දැන් උඹලට නිකන් ලාවට හරි අයිඩියා එකක් ඇති නේ මේ ලයිට් හයි කිරිල්ල නිකන් ආවට ගියාට කරන්න හොඳ නෑ කියලවත්. පොඩි හරි දැනුමක් ලැබුනනන් සතුටුයි මචෝ.

අපි කැපුනා.

ජය හා සතුට!


1 වෙනි කොටස මෙතනින්
 
Last edited:

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    superb thread bro
    You must spread some Reputation around before giving it to ushan.ky again. :sorry::sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න දුන්න තට්ට කුකුළට රෙප්.......
    වටිනව ඈ අම්මපා......මම නං අදෝ සංසාරයක් දන්නෙ නෑඕයි ඔය ඔටෝමොබයිල් කේස්
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    superb thread bro
    You must spread some Reputation around before giving it to ushan.ky again. :sorry::sorry:

    You must spread some Reputation around before giving it to ushan.ky again.
    ela machan

    ඒකට මොකෑ බොලන්, උඩට ගේන්න කොටපු වචන දෙක තුනම මදෑ. තැන්කූ වේවා මචන්ලා
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔන්න දුන්න තට්ට කුකුළට රෙප්.......
    වටිනව ඈ අම්මපා......මම නං අදෝ සංසාරයක් දන්නෙ නෑඕයි ඔය ඔටෝමොබයිල් කේස්

    කිඹුලයියේ නිකන් ඉන්න වෙලාවට ටයර් එකේ ඇන හතර කරකවන විදියවත් ඉගෙන් ගන්. නැත්තන් පාරක් අයිනට වෙලා රෝදේ ගලවන්න තටම තටම ඉද්දි කෙල්ලෙක්වත් ඇවිල්ලා ගලෝලා දුන්නොත් එපා කියන්නද :rolleyes:... නැද්ද මං අහන්නේ. ඇනිවේ තෑන්ක්ස් බ්‍රෝ
     
    Last edited: