ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

ගබ්සාවට..

  • කොන්දේසි විරහිතව එකඟයි.

    Votes: 51 29.3%
  • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 79 45.4%
  • කලලය ආබාධිත නම් එකඟයි.

    Votes: 84 48.3%
  • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    Votes: 41 23.6%
  • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 35 20.1%
  • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    Votes: 29 16.7%
  • කොන්දේසි විරහිතව විරුද්ධයි.

    Votes: 30 17.2%

  • Total voters
    174

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    2. කලලය ආබාධිත නම් එකඟයි.

    අනිත් හැම හේතුවක්ම, ''වැඩේ'' වැරදුන තැන, ලේසිම ක්‍රමය විදියට abortion එකකට යන්න හදා ගත්ත ඒවා. හැබැයි ඉතින් මෙහෙම එක එක හේතු හදලා, අපි කොහෙන්ද line එක draw කරන්නේ.
    That being said, in more than 30+ states of the US(i don't have a knowledge of SL laws regarding this matter), killing a pregnant woman considers a double homicide. So, If an unborn baby has no rights or as someone above mentioned a ''පරපෝෂිතයෙක්'' how come that law prevails? එහෙම ගැබිනි කාන්තාවක් ඝාතනය කිරීම ද්විත්ව මිනීමැරුමක් කියල සළකනව නම්, කොහොමද ගබ්සාවක් නීතියෙන් පිළිගන්න තැනකට ගේන්නේ?
    My body my choice point එක අනුව කාන්තාවකට එහෙම අයිතියක් දෙන එක ටිකක් ''අවුල්'' වගේ. And රජයක් ඒක නීතිගත කරනව කියන්නෙ, රාජ්‍ය අනුග්‍රහය යටතේ මිනීමැරීම වගේ දෙයක් නේ.
    Anyway, we must have an open discussion regarding this matter and be more responsible for what you're doing.
     
    • Like
    Reactions: Sen-lu

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ

    දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි...​

    ගොඩක් කට්ටිය මේක තේරැම් ගන්නේ නෑ...අන්තිමට දෙමව්පියෝත් දුක්විදිනවා..ලමයිතුත් දුක් විදිනවා

    කොන්දේසි විරහිතව එකඟයි
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    කොන්දේසි විරහිතව විරුද්ධයි.

    කලලයක් යනු දුක සතුට දැනෙන ජීවියෙක්. ඉපදුනු ලමයෙක්ව මරන්න බෑ වගේම බඩේ ඉන්න ලමයෙක්වත් මරන්න කාටවත් අයිතියක් නෑ. ඒක 100% මිනී මැරුමක්මයි.
     
    • Like
    Reactions: Ragna_SL

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,464
    874
    113
    මම කොන්දේසි විරහිතව විරුද්ධයි.

    වෛද්‍යය විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ගබ්සාවට යනවයි කියන්නේ තාම මිනිස්සු ඉන්නේ රජ කාළේ වෙන්න ඕන.

    කලලය ආබාධිත නම් එකඟයි.

    ආබාධිත උනත් ජීවිතයක් නසන එක වැරදියි.

    දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු උනා නම් පෑ 72ක් තියෙනවා ආරක්ෂා වෙන්න. පෑ 72ක් ඇතුලත ගන්න පුලුවන් ගන්න තියෙන බෙහෙත් ගත්තා නම් කළලයක් ඇති වෙන්නේ නෑ.

    සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    කාමරත් කුලියට අරගෙන වෙලාවල් හදාගන්න සැළසුම් කරන්න පුලුවන් නම් කොන්ඩම් එකක් අරගන්න හරි ප්‍රොස්ටිනෝර් දෙකක් අරගන්න සැලසුම් කරන්න බැරි වෙන එක පුදුමයි. ඒක නොසැලකිල්ල !

    දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    මේකට තමා මිඩ් වයිෆ්ලා උපත් පාලන ක්‍රම ගැන කියලා දෙන්නේ. කොන්ඩම් බැරි නම් මිතුරි පෙති හරි !

    මේ හැමදේටම පාසල් කාළයේ ඉදලා නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්යයයි !!!!
    agreed
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    ආබාධිත එක ඇරුනම අනිත් හැම එකම කලලයක් හැදෙන්න කලින් නවත්තගන්න පුලුවන් ඒවා. ඒ අවශ්‍ය පියවර නොගෙන ඉදල පස්සෙ ජීවිතයක් විනාශ කරන එක සාධාරණද?

    ආබාධිත කිවුවම ඒකෙත් ශරීර ආබාධ මං දකින් නෑ පට්ට අවුලක් විදිහට. ශරීර ආබාධ එක්ක ඉපදිල හොද තැන්වල ඉන්න මිනිස්සු ඉන්නව. මොලේ ආබාධ විතරමයි ඔතන පොඩ්ඩක් හරි අවුල් එක. (හෝ වෙනත් මාරාන්තික තත්වයක්)
     
    • Like
    Reactions: Sen-lu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    This is a widely debated issue anywhere. There are ethical, moral & religious issues.
    Personally I would consider an abortion
    1. If the pregnancy poses a serious threat on the life of the mother.
    2. If early stages of the foetus shows serious genetic defects.
     
    • Like
    Reactions: Sen-lu

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොන්දේසි විරහිතව විරුද්ධ yi .
    Budhda Dharmaye thaham kala nisa.

    කිසිම අවස්තාවක එකග වෙන්න බැහැ.
    කටවත් කාගෙවත් ජිවත් වීමේ අයිතිය තීරනය
    කරන්න බැහැ.

    මම කොන්දේසි විරහිතව විරුද්ධයි.

    වෛද්‍යය විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ගබ්සාවට යනවයි කියන්නේ තාම මිනිස්සු ඉන්නේ රජ කාළේ වෙන්න ඕන.

    කලලය ආබාධිත නම් එකඟයි.

    ආබාධිත උනත් ජීවිතයක් නසන එක වැරදියි.

    දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු උනා නම් පෑ 72ක් තියෙනවා ආරක්ෂා වෙන්න. පෑ 72ක් ඇතුලත ගන්න පුලුවන් ගන්න තියෙන බෙහෙත් ගත්තා නම් කළලයක් ඇති වෙන්නේ නෑ.

    සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    කාමරත් කුලියට අරගෙන වෙලාවල් හදාගන්න සැළසුම් කරන්න පුලුවන් නම් කොන්ඩම් එකක් අරගන්න හරි ප්‍රොස්ටිනෝර් දෙකක් අරගන්න සැලසුම් කරන්න බැරි වෙන එක පුදුමයි. ඒක නොසැලකිල්ල !

    දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    මේකට තමා මිඩ් වයිෆ්ලා උපත් පාලන ක්‍රම ගැන කියලා දෙන්නේ. කොන්ඩම් බැරි නම් මිතුරි පෙති හරි !

    මේ හැමදේටම පාසල් කාළයේ ඉදලා නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්යයයි !!!!

    කොන්දේසි විරහිතව විරුද්ධයි.

    abortion අවුලක් නෑ කියල කියනව නම් ඉපදිලා ඉන්න පොඩි එකෙක් ගෙ බෙල්ල මිරිකල මරල දාන එකත් අවුලක් නැති වෙන්න ඕන.
    දෙකම එකයි.

    කොන්ද‌ේසි විරහිතව විරුද්දයි..

    සරලවම කලලයක් යනු ජීවයක්.
    කාටවත් බැ කාග‌ෙවත් ජිවතයක් ගැන තිරනයක් ගන්න.
    ගබ්සාව යනු පැහැදිලිවම සැලසුම් කරන ලද ප්‍රාණගාතයක්.

    කොන්දේසි විරහිතව විරුද්ධයි.​

    කොන්දේසි විරහිතව විරුද්ධයි.
    අනුන්ගේ ජීවිත ගැන තීරණ ගැනීමට තවකෙකුට අයිතියක් නැත.

    For all those who commented "කොන්දේසි විරහිතව එකඟයි"

    Abortion is simply taking a life. Regardless of why you do it, it is what it is.
    In all other cases of taking a life, you are either convicted of manslaughter or murder.

    I don't agree with nitpicking reasons to justify abortion. Because it becomes harder and harder to draw the line, and people can conveniently side with these reasons when they need to go through an abortion.

    කොන්දේසි විරහිතව විරුද්ධයි.

    කලලයක් යනු දුක සතුට දැනෙන ජීවියෙක්. ඉපදුනු ලමයෙක්ව මරන්න බෑ වගේම බඩේ ඉන්න ලමයෙක්වත් මරන්න කාටවත් අයිතියක් නෑ. ඒක 100% මිනී මැරුමක්මයි.

    කොන්දේසි විරහිතව විරුද්ධයි.

    මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    • කලලය ආබාධිත නම් එකඟයි.
    • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.
    • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.
    • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.
    Voted for above all reasons!!!
    same here
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    1623739985761.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?
    මේ වගේ rare cases අල්ලන් abortion leagalize කරනව කියන්නෙ විකාරයක්. තාත්ත තර්ජනය කරල දුවව තියන් දූෂණය කරන තැනක ලමයෙක් ඉදියත් නැතත් ජීවිතේ අපායක්. ලමයෙක් හම්බ නොවී ඉදියම ජීවිතේ සුඛිත මුදිත වෙයිද ඒ කෙල්ලන්ගෙ?
    Abortion නෙමේ මුලින්ම ඒ කෙල්ලොන්ව ඒ මිනිස්සුන්ගෙන් ගලවගන්න ඕනෙ. ලමයව කෙල්ල හදාගන්න කැමති නැත්තන් රජයෙන් ලමා නිවාස හරහා හෝ බලාගන්න ක්‍රමවේදයක් හදන්න ඕන.

    මොන තර්ක ගෙනාවත් මිනීමැරුමක් සාධාරණීකරනය කරන්න බෑ. බඩේ ඉන්න ලමය මැරුවම අවුලක් නැත්තන් ඉපදුන ලමයව මරන එකත් අවුලක් නැති වෙන්න ඕනෙ.
     
    Sen-lu

    Well-known member
  • මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?
    ඕකට හරිම කියලා උත්තරයක් නෑ නේද? ජීවිතයක් කියන්නෙ ජිවිතයක්. මෙහෙම ඔය ප්‍රශ්නෙ ඇහුවොත්. දැනට ජීවත්වෙලා ඉන්න කෙනාගේ ජීවිතේ කොහොමද ඉපදෙන්න ඉන්න කෙනෙක්ගෙ ජීවිතේට වඩා වටින්නෙ?

    Adoption procedure එක දියුණු කරන එක විදිහක්. කොහොමත් ඕක 100% සාර්ථක උත්තර තියන ප්‍රශ්නයක් නෙවෙයි. ලමයා හදන එක තමයි මට තේරෙන විදියට හොඳම option එක අම්මම එක කරන්න ඕන නෑ that's when Adoption coming in handy
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුරු දාර්ශනිකයි?

    හරි අමාරුයි ඕක අපිට තීරණය කරන්න නේ. එහෙම දෙයක් උනොත් ඒ දරුවයි, ඒ දරුවගෙ මානසික සහ කායික වෛද්‍යවරුන් තමා තීරණය කරන්න ඕනෙ.

    සරලව කිව්වොත් ඔයවගේ දෙයකට යුනිවර්සල් එකඟතාවයකට එන්න බැරිවෙයි මේ කපේට. එහෙම කියලා ප්‍රායෝගික ක්‍රියාමාර්ග නොගෙන ඉන්නද...
    ඉහත සඳහන් කරපු අයට කැමති තීරණයක් ගන්න කියන්න වෙනවා...

    කොන්දේසි විරහිතව එකඟ/විරුද්ධ යන දෙගොල්ලන්ගෙන්ම ගන්න දේවල් තියනවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ වගේ rare cases අල්ලන් abortion leagalize කරනව කියන්නෙ විකාරයක්. තාත්ත තර්ජනය කරල දුවව තියන් දූෂණය කරන තැනක ලමයෙක් ඉදියත් නැතත් ජීවිතේ අපායක්. ලමයෙක් හම්බ නොවී ඉදියම ජීවිතේ සුඛිත මුදිත වෙයිද ඒ කෙල්ලන්ගෙ?
    Abortion නෙමේ මුලින්ම ඒ කෙල්ලොන්ව ඒ මිනිස්සුන්ගෙන් ගලවගන්න ඕනෙ. ලමයව කෙල්ල හදාගන්න කැමති නැත්තන් රජයෙන් ලමා නිවාස හරහා හෝ බලාගන්න ක්‍රමවේදයක් හදන්න ඕන.

    මොන තර්ක ගෙනාවත් මිනීමැරුමක් සාධාරණීකරනය කරන්න බෑ. බඩේ ඉන්න ලමය මැරුවම අවුලක් නැත්තන් ඉපදුන ලමයව මරන එකත් අවුලක් නැති වෙන්න ඕනෙ.
    මේව rare cases කියලද හිතන්නේ? දන්නවද ලංකාවේ දවසකට ලමා අපයෝජන කීයක් වෙනවද කියලා.ඒවගෙනුත් වැඩි ප්‍රමාණයක් වෙන්නේ පියා,සහෝදරයා වගේ පවුලෙ අයගෙන්.ලමයගෙ ශරීරය වෙනස් වෙනකොට කොහොමත් ඒ ලමයව අපයෝජකයින් ගෙන් මුදාගෙන කරපු අයව අල්ලනවා.ලමය ඊට කලින් කට ඇරියොත් ඊටත් කලින් අල්ලනවා.දරුව ලැබුනම එයාට සාමාන්‍ය ජීවිතයක් ලැබෙන් නෑ.ලමය දකින ගානෙ එයාට මතක් වෙන්නෙ එයා මූණ දීපු අමිහිරි අත්දැකීම.දරුවෙක් නොහිටියොත් එයාට යම් කාලෙකදි සාමාන්‍ය ජීවිතයකට එන්න පුලුවන්.ලමයෙක් හිටියොත් ඒක කරන්න බෑ.කිසිම වරදක් නොකරපු කෙනෙක්ට තමාව බලහත්කාරයෙන් දූෂණය කරපු එකේ ප්‍රතිපලයක් විදියට ලැබෙන දරුවගෙ වගකීම පටවන එක කොච්චර අසාධාරණද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුරු දාර්ශනිකයි?

    හරි අමාරුයි ඕක අපිට තීරණය කරන්න නේ. එහෙම දෙයක් උනොත් ඒ දරුවයි, ඒ දරුවගෙ මානසික සහ කායික වෛද්‍යවරුන් තමා තීරණය කරන්න ඕනෙ.

    සරලව කිව්වොත් ඔයවගේ දෙයකට යුනිවර්සල් එකඟතාවයකට එන්න බැරිවෙයි මේ කපේට. එහෙම කියලා ප්‍රායෝගික ක්‍රියාමාර්ග නොගෙන ඉන්නද...
    ඉහත සඳහන් කරපු අයට කැමති තීරණයක් ගන්න කියන්න වෙනවා...

    කොන්දේසි විරහිතව එකඟ/විරුද්ධ යන දෙගොල්ලන්ගෙන්ම ගන්න දේවල් තියනවා.
    ඔව්.ඒ අත්දැකීමට මුහුණ දීපු අයගෙ කැමැත්ත කරන්න ඕන.ඒක රජයට තීරණය කරන්න බෑ
    ------ Post added on Jun 15, 2021 at 12:43 PM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?
    "මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?"

    එතකොට දරු ගැබ විනාශ කරන්නේ සමාජ අපවාදය නිසා ද?
    නැතිනම් උපදින දරුවා බරක් නිසා ද?
    මේ හේතූන් දෙකම නිසා ද?

    බාල වයස්කාර දැරියකට ත්මන්ගේ පියාගේ අතින් අවැඩක් වුණා කියමුකෝ. දැන් ගබ්සාව කළහම ප්‍රශ්නය ඉවරද? පියාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි නැද්ද?

    ගබ්සාව කරලා නීතියත් ක්‍රියාත්මක කළා කියමු. ඉතින් සමාජය ඕක දැන ගන්නේ නැද්ද? ඕය වගේ සිද්ධියකට මිනිහෙක්ව අත්තඩංගුවට ගත්ත ගමන් ගමම නෙවෙයි රටම දන්නවනේ ඕක ගැන. ඉතින් අර ගෑනු ළමයට සමාජ අපවාදය එල්ල වෙන්නේ නැද්ද? මහ එකා එක්ක නිදි වැදුන එකී කියලා මිනිස්සු නොකියයිද? ගබ්සාව සමාජ අපවාදයෙන් බේරෙන්න උපකාරී වෙනවද?

    අනෙක් අතට බාල වයස්කාර නම් පරිවාස හා ළමාරක්ෂක එක මැදිහත් වෙනවා නේද? එතකොට ඒ ළමයා කොහොමත් පරිවාසෙ යටතේ නේද? දරුවට උපත දුන්නට පස්සේ හදාගන්නවද නැද්ද කියන එක ඒ දැරිවිගේ තීරනයක් නොවෙද?
    උපන් දරුවා හදාවඩා ගැනීමට වෙනත් පවුල්වලට ලබා දෙනවා නේද? නැතිනම් අනත් දරු නිවාසවලින් පහසුකම් දෙනවා නොවෙද?
    ඇරත් උපන් එකා හැමදාම දරුවෙකු සේ ඉන්නේ නෑ නේද?

    ඒ ඇරත් සමාජ අපවාදය නිසා තවකෙකුගේ ජීවිතය නැසීම යුතුද? අප මෙන්ම අංග සම්පූර්ණව උපන් නමුත් පසුව සිදු වූ අනතුරු වලින් ජීවිත කලෙටම ආබාධිත වූ දරුවන් දැක නැතිද? උපතට පෙර අබ්බගාත වූවන් මරන්නේ නම් පසුව අබ්බගාත වූවන් කුමට ජීවත් කරන්නෙද?
    අමිහිරි ප්‍රශ්නවලට මිහිරි පිළිතුරු ලැබෙන්නේ ද නැත. මට වැටහෙන පමණින් ගබ්සා කළ යුත්තේ දරු ගැබ නොව මිනිසුන්ගේ මුග්ධ ආකල්පයි.
    එය හුදු මගේ මතයයි.