ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

ගබ්සාවට..

  • කොන්දේසි විරහිතව එකඟයි.

    Votes: 51 29.3%
  • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 79 45.4%
  • කලලය ආබාධිත නම් එකඟයි.

    Votes: 84 48.3%
  • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    Votes: 41 23.6%
  • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 35 20.1%
  • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    Votes: 29 16.7%
  • කොන්දේසි විරහිතව විරුද්ධයි.

    Votes: 30 17.2%

  • Total voters
    174

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමාජ අපවාදය එකක් විතරයි.තව කොච්චර දේවල් තියෙනවද?අඩු වයසින් මවක් වෙන එක දැරියකගේ මනසට බලපාන විදිය තේරෙන් නැද්ද?දූෂණයට ලක් උන එකේ මතකය සමග ඒ මතකයත් එක් උනාම නැවත ඇයට සාමාන්‍ය ජීවිතයකට යන්න පුලුවන් කියල හිතනවද? දරුවා උපන් පසු හදනවද නැද්ද කියල තීරණය කරන්න ඇයට පුලුවන් නම් ඇයි ඇයට බැරි දරුවට උපත දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න.ඒක ඇගේ අයිතිය.
    ප.ලි. රිය අනතුරකින් ආබාධිත වූවෙකු සහ ඩවුන්ස් සින්ඩ්‍රෝම් වගේ ආබාධයක් ඇති කෙනෙක් අතර වෙනස ඔබට වටහා ගැනීමට නොහැකිද?පුදුමයි.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,

    Does the life begin only once it passes through the vagina?
     
    • Like
    Reactions: icepack

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සමාජ අපවාදය එකක් විතරයි.තව කොච්චර දේවල් තියෙනවද?අඩු වයසින් මවක් වෙන එක දැරියකගේ මනසට බලපාන විදිය තේරෙන් නැද්ද?දූෂණයට ලක් උන එකේ මතකය සමග ඒ මතකයත් එක් උනාම නැවත ඇයට සාමාන්‍ය ජීවිතයකට යන්න පුලුවන් කියල හිතනවද? දරුවා උපන් පසු හදනවද නැද්ද කියල තීරණය කරන්න ඇයට පුලුවන් නම් ඇයි ඇයට බැරි දරුවට උපත දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න.ඒක ඇගේ අයිතිය.
    ප.ලි. රිය අනතුරකින් ආබාධිත වූවෙකු සහ ඩවුන්ස් සින්ඩ්‍රෝම් වගේ ආබාධයක් ඇති කෙනෙක් අතර වෙනස ඔබට වටහා ගැනීමට නොහැකිද?පුදුමයි.
    ගබ්සාව කලාහම මනස සුවපත් වෙනවද? දරුවා හදනවා ද නැද්ද කියන්න්නේ මරණවාද නැද්ද කියන එක නෙවෙයි නේද? මම දන්න පවුලක පොඩි කෙල්ලෙක් ඉන්නවා බයික් ඇක්සිඩන්ට් එකකින් ඔලුවට සිදු වෙච්ච හානිය නිසා අවුරුදු ගාණක් ගිහිනුත් කතා කරන්න බැ‍රි ඇවිද ගන්න බැරි. ඔබට ඒ ගැනත් පුදුමයිද?
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ...............
    අමිහිරි ප්‍රශ්නවලට මිහිරි පිළිතුරු ලැබෙන්නේ ද නැත. මට වැටහෙන පමණින් ගබ්සා කළ යුත්තේ දරු ගැබ නොව මිනිසුන්ගේ මුග්ධ ආකල්පයි.
    මම දැකපු හරිම උත්තරය (y)
     
    • Like
    Reactions: sakuntha1996

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ප්‍රශ්නය තමන්ගේ වන තෙක් පිලිතුර දාර්ශණිකයි. දරු ගැබ දරන්නා අම්මාය. අම්මාගේ කැමත්තට ඉඩ දිය යුතුය. අම්මාගේ කැමත්ත ඇයගේ බුද්ධිය, තර්කණය, ඇයගේ විශ්වාසයන් මත පදනම් වේ.
    ඇයට ඇයගේ destiny eka තිරණය කිරිමට ඉඩ දෙන්න.
     
    • Like
    Reactions: Sathira529

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මම කියන්නේ කොන්දේසි විරහිතව විරුද්ධයි කියන සෙට් එකගෙන් monthly ගානක් කැපෙන විදියට fund එකක් හදල ගබ්සාව නොකරපු නිසා අසරණ වන (විශේෂයෙන් rape victims, unplanned births..etc ) ළමයින්ගේ සුභ සිද්ධිය සඳහා යොදවන්න ඕනා. එතකොට බලන්න පුළුවන් ඔකුන්ගේ කටවල් 😂 😂

    ප්‍රශ්නය තමන්ගේ නොවනකල් පිළිතුර දාර්ශනිකයි කියන්නේ ඕකට තමා . :yes::yes:
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අවස්ථාව මත තීරණය විය යුතු දෙයක් මිස, මේක හරිය-මේක වැරදිය කියලා වෙන්කරලා හදුනගන්න පුලුවන් දෙයක් නොවෙයි.

    මම පෞද්ගලිකව ගබ්සාවට විරුද්ධයි.

    නමුත් තවත් කෙනෙක් ගබ්සා කරගැනීමේ වුවමනාවකින් පසුවෙනවා නම් ඒක ඒ පුද්ගලයාගේ කැමැත්තය යන එකටත් මම එකගයි.

    වෙනස් වෙන්න ඔ්නේ මිනිස්සුන්ගේ ආකල්ප- මේ උත්තරය මෙම කලින් ක්වෝට් කළා.

    මේක තමයි විය යුත්තේ. ගබ්සාවක් කර නොගෙන, අපචාරයකින් හෝ වේවා, ආබාධ සහිත හෝ වේවා දරුවෙක් භාරගන්නා පවුලකටත්, අනෙක් පැත්තෙන් ගබ්සාවක් කරගෙන, දරුවෙක් ප‍්‍රතික්ෂේප කරන පවුලකටත් (කාන්තාවන් කීම වඩා සුදුසුයි මම හිතන්නේ) සමාජය සළකන්නේ එකම විදිහකට නෙවෙයි ද?

    අපචාරයක් වී ගබ්සාවක් කරනොගත්තා නම්- අපචාරයට ලක්වීමේ අපවාදයන් ඒ කාන්තාවටත්, දරුවාටත් විදින්න සිදුවෙන්නේ නැති ද?

    ආබාධ සහිත දරුවෙක් ඇති බව දැනගෙන ගබ්සාවක් කර නොගත්තා නම්- එවැනි දරුවක් ලැබී තිබෙන්නේ පෙර කළ පාප කර්මයක් නිසා යැයි කියා කියන කී දෙනෙක් නම් සිටිනු ඇති ද?

    *මෙතැන යමක් සදහන් කළ යුතුයි. ගර්භණී සමයේ මුල් කාලයේම දරුවාට ආබාධ සහිත යැයි හදුනාගැනෙනවා නම් (බරපතල ආබාධ) වෛද්‍යවරුන්ම ගබ්සාවක් නිර්දේශ කරනවා. එය භාර ගැනීම හෝ නොගැනීම ඒ කාන්තාවට සහ පවුලටම අදාළ දෙයක්.

    ඒ වගේම ගබ්සාවකට යොමුවුනහොත්,

    පෙර සදහන් කළ ආකාරයටම අපවාද සහ චෝදනා වෙනස් ආකාරයකින් නැගෙන්නේ නැති ද?

    වැරදිය කියා සමාජයම හදුන්වලාදී තිබෙන සන්දර්භයක පිළිසිද ගන්නා දරුවෙක් මරා දැමීම මේ සියල්ලට විසදුමය කියා සිතන්නට බැහැ. මගේ අදහස නම්, එසේ පිළිසිද ගන්නා දරුවෙකුගේ වගකීම සමාජයක් හැටියට භාරගැනීමේ සාමූහික වගකීමක් අපි ඇති කරගන්න වුවමනායි.
     
    • Like
    Reactions: shadow134

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    • කලලය ආබාධිත නම් එකඟයි.
    • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.
    • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.
    • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් ඔය එකග වෙන හැමෝම. කියන දේවල් වල සාරාන්ශය තමයි.
    උන් බලාපොරොත්තු වෙනව ස්වර්ව සම්පූරන මිනිස්සු විතරක් සමාජයේ ඉන්න ඕනෙ කියලා.
    ආබාදිත නම් නැත්නම් සම්මත් විවාහයකින් උපදින් දරුවෙක් නෙමෙයි නම්.ඔවුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැහැ ඒ අයට අනුව.

    මේ ලෝකෙ වෙනස් කලේ සුජාත හරි උපතින් හැමදේම ලැබුන පෆෙක්ට් මිනිස්සුම විතරක් නෙමෙයි.

    ඔකත් හරියට හිට්ලර්ගේ මාස්ටර් රේස් එක වගේ තමයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගබ්සාව කලාහම මනස සුවපත් වෙනවද? දරුවා හදනවා ද නැද්ද කියන්න්නේ මරණවාද නැද්ද කියන එක නෙවෙයි නේද? මම දන්න පවුලක පොඩි කෙල්ලෙක් ඉන්නවා බයික් ඇක්සිඩන්ට් එකකින් ඔලුවට සිදු වෙච්ච හානිය නිසා අවුරුදු ගාණක් ගිහිනුත් කතා කරන්න බැ‍රි ඇවිද ගන්න බැරි. ඔබට ඒ ගැනත් පුදුමයිද?
    ඒ පොඩි කෙල්ලට උපතින්මද එහෙම උනේ?නෑ නේද?
    ගබ්සාවෙන් මනස සුවපත් වෙන්නෙ නෑ.නමුත් අනාගතේ ඇති වෙන ගොඩක් ප්‍රශ්න වෙන්නෙ නෑ එතකොට.තවම මේ ලෝකෙට ඇවිත් නැති කෙනෙක් වෙනුවෙන් දැනටම මේ ලෝකෙ ඉන්න කෙනෙක්ගෙ ජීවිතය අපායකට ඇදල දාන එක වැරදියී කියල හිතෙන් නැද්ද?දූෂකයාගෙ දරුවෙක්ට උපත දෙන්ම ඇයට අවශ්‍ය නැති නම් ඒ අයිතියට ගරු කරන්න ඕන නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔය එකග වෙන හැමෝම. කියන දේවල් වල සාරාන්ශය තමයි.
    උන් බලාපොරොත්තු වෙනව ස්වර්ව සම්පූරන මිනිස්සු විතරක් සමාජයේ ඉන්න ඕනෙ කියලා.
    ආබාදිත නම් නැත්නම් සම්මත් විවාහයකින් උපදින් දරුවෙක් නෙමෙයි නම්.ඔවුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැහැ ඒ අයට අනුව.

    මේ ලෝකෙ වෙනස් කලේ සුජාත හරි උපතින් හැමදේම ලැබුන පෆෙක්ට් මිනිස්සුම විතරක් නෙමෙයි.

    ඔකත් හරියට හිට්ලර්ගේ මාස්ටර් රේස් එක වගේ තමයි.
    ඒකෙ වරද මොකක්ද? අංග විකල/ලෙඩ ජාන සමාජෙන් අයින්වෙන්නත් ඕනෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒකෙ වරද මොකක්ද? අංග විකල/ලෙඩ ජාන සමාජෙන් අයින්වෙන්නත් ඕනෙ
    Roman covolization eketh upannata passe durwala lamai maruwalu, eka OK da?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    විරුද්ධයි.​

    අපට අපවත් අයිති නැ,එකයි සිය දිවි නසාගන්න එකත් අපරාදයක් වෙන්නෙ,එහෙව් එකේ කලලයක් මරන්න කිසි ලෙසකවත් බැ,මොන එකා මොනවා කිව්වත් මානුශිය වශයෙන්,සමාජිය,ආගමික මේ හැම අතින්ම මේක අපරාධයක්,කලලයක් කියන්නෙ ජිවියෙක්,කිසිම ජිවියෙක් කිසිම ජිවියෙකුට මරන්න ලයිසන් නැ සෝබාධර්මයෙන්...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    • කලලය ආබාධිත නම් එකඟයි.
    • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.
    • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.
    • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.
    Oya hethu arunama monawada abortion ekak karanna hithena reasons?

    Salasumakin thorawa kiyanne irresponsible, namuth eka responsibility eka bara ganna kemati ne kiyana eka neda?
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    • කොන්දේසි විරහිතව එකඟයි.
    • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.--අනිවාර්යෙන් ගබ්සා කල යුතුය .වේදනාව විදින්නේ වින්දිතයා සහ සමීපතයන් .
    • කලලය ආබාධිත නම් එකඟයි.---අනිවාර්යෙන් ගබ්සා කල යුතුය .වේදනාව ,දුක ,කරදර විදින්නේ දරුවා,මව .
    • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.----බාලවයස්කාරිය ලිංගිකව එකතු වූ අය ඇයට විවාහයකට නුසුදුසු පුද්ගලයෙක් නම් .ඔපපතිකයන් වේ .
    • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.----තවත් දරුවෙක් ලබන්න ,ආර්ථිකය ,තත්වය,වයස සියලු කාරණා දන්නේ බිරිද සැමියා .
    • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි--
    • ලිංගික ක්‍රියාවලියට ...නිවසේ ආර්ථිකය නොතේරේ .
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒ පොඩි කෙල්ලට උපතින්මද එහෙම උනේ?නෑ නේද?
    ගබ්සාවෙන් මනස සුවපත් වෙන්නෙ නෑ.නමුත් අනාගතේ ඇති වෙන ගොඩක් ප්‍රශ්න වෙන්නෙ නෑ එතකොට.තවම මේ ලෝකෙට ඇවිත් නැති කෙනෙක් වෙනුවෙන් දැනටම මේ ලෝකෙ ඉන්න කෙනෙක්ගෙ ජීවිතය අපායකට ඇදල දාන එක වැරදියී කියල හිතෙන් නැද්ද?දූෂකයාගෙ දරුවෙක්ට උපත දෙන්ම ඇයට අවශ්‍ය නැති නම් ඒ අයිතියට ගරු කරන්න ඕන නැද්ද?
    උපතින්ම නෙවෙයි. අවුරුදු 5 න් වගේ. දැන් අවුරුදු 9ක් වෙනවා. ජීවිත කාලෙම ඔහොම තමයි. අධ්‍යාපනයක් ලබන්න බෑ. තනිව දෙයක් කරගන්න අමාරුයි. හරියට කතා කරගන්න බෑ. නැගිටලා ඇවිදින්න බෑ. එහෙනම් විකෘති දරු ගැබට දෙන මරණ වරෙන්තුව මේ දරුවට නොදෙන්න එක හේතුවක් කියන්න.
    දූෂකයගේ දරුවා, මිනීමරුවගේ දරුවා, බේබද්දගේ දරුවා. මේහෙම දරුවෝ ඉන්නවද?