අවස්ථාව මත තීරණය විය යුතු දෙයක් මිස, මේක හරිය-මේක වැරදිය කියලා වෙන්කරලා හදුනගන්න පුලුවන් දෙයක් නොවෙයි.
මම පෞද්ගලිකව ගබ්සාවට විරුද්ධයි.
නමුත් තවත් කෙනෙක් ගබ්සා කරගැනීමේ වුවමනාවකින් පසුවෙනවා නම් ඒක ඒ පුද්ගලයාගේ කැමැත්තය යන එකටත් මම එකගයි.
වෙනස් වෙන්න ඔ්නේ මිනිස්සුන්ගේ ආකල්ප- මේ උත්තරය මෙම කලින් ක්වෝට් කළා.
මේක තමයි විය යුත්තේ. ගබ්සාවක් කර නොගෙන, අපචාරයකින් හෝ වේවා, ආබාධ සහිත හෝ වේවා දරුවෙක් භාරගන්නා පවුලකටත්, අනෙක් පැත්තෙන් ගබ්සාවක් කරගෙන, දරුවෙක් ප‍්‍රතික්ෂේප කරන පවුලකටත් (කාන්තාවන් කීම වඩා සුදුසුයි මම හිතන්නේ) සමාජය සළකන්නේ එකම විදිහකට නෙවෙයි ද?
අපචාරයක් වී ගබ්සාවක් කරනොගත්තා නම්- අපචාරයට ලක්වීමේ අපවාදයන් ඒ කාන්තාවටත්, දරුවාටත් විදින්න සිදුවෙන්නේ නැති ද?
ආබාධ සහිත දරුවෙක් ඇති බව දැනගෙන ගබ්සාවක් කර නොගත්තා නම්- එවැනි දරුවක් ලැබී තිබෙන්නේ පෙර කළ පාප කර්මයක් නිසා යැයි කියා කියන කී දෙනෙක් නම් සිටිනු ඇති ද?
*මෙතැන යමක් සදහන් කළ යුතුයි. ගර්භණී සමයේ මුල් කාලයේම දරුවාට ආබාධ සහිත යැයි හදුනාගැනෙනවා නම් (බරපතල ආබාධ) වෛද්‍යවරුන්ම ගබ්සාවක් නිර්දේශ කරනවා. එය භාර ගැනීම හෝ නොගැනීම ඒ කාන්තාවට සහ පවුලටම අදාළ දෙයක්.
ඒ වගේම ගබ්සාවකට යොමුවුනහොත්,
පෙර සදහන් කළ ආකාරයටම අපවාද සහ චෝදනා වෙනස් ආකාරයකින් නැගෙන්නේ නැති ද?
වැරදිය කියා සමාජයම හදුන්වලාදී තිබෙන සන්දර්භයක පිළිසිද ගන්නා දරුවෙක් මරා දැමීම මේ සියල්ලට විසදුමය කියා සිතන්නට බැහැ. මගේ අදහස නම්, එසේ පිළිසිද ගන්නා දරුවෙකුගේ වගකීම සමාජයක් හැටියට භාරගැනීමේ සාමූහික වගකීමක් අපි ඇති කරගන්න වුවමනායි.