ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයන්ගේ රාශිගත වීම සරළ&

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහයන්ගේ රාශිගත වීම සරළ&

    හරි මේකයි ඔය කියන්නේ.සරලව කියල දෙන්නම්.ජ්‍යෝතිෂ්‍යයේදී මේ විග්‍රහකිරීම ටිකක් සංකීර්ණව සිද්ද කලත් සාමාන්‍ය අයට සරලව කියල දෙන එක තමා හොඳ.
    හැමෝගෙම කේන්දරේ කොටු 12ක් තියෙනව.ඒක දන්නවනේ.ග්‍රහයෝ තැන්පත් නොවිච්ච හිස් කොටු දොලහට අපි කියනව භාව 12 කියල.

    53058925.jpg

    භාව 12 ගන වැඩි දුර විස්තර පහත යොමුවෙන් බලාගන්න.
    රාශි 12 දන්නවනේ.
    මේෂ ,වෘෂභ ,මිතුන ,කටක,සිංහ,කන්‍යා,තුලා,වෘෂ්චික,ධනු ,මකර,කුම්භ,මීන

    තමා උපන් ලග්න රාශිය තමා කේන්දරේ පලවෙනි කොටුවට වටෙන්නේ.
    ඔන්න හිතන්ඩ තමා උපන්නේ මේෂ ලග්නෙන් නම් පලවෙනි කොටුව තමයි මේෂ රාශිය.එතන ඉඳලා ඉතුරු රාශි 11 පිළිවෙලට ඉතුරු කොටු11ට අයිති වෙනව.

    මේෂ රාශිය ,වෘෂභ රාශිය ,මිථුන රාශිය ,කටක රාශිය,සිංහ රාශිය ,කන්‍යා රාශිය ,තුලා රාශිය ,වෘෂ්චික රාශිය ,ධනු රාශිය ,මකර රාශිය ,කුම්භ රාශිය ,මීන රාශිය

    අපි හිතමු ලග්නය වෘෂභ නම් කේන්දරේ පලවෙනි කොටුව වෙන්නේ වෘෂභ රාශිය.එතන ඉඳලා රාශි 12 පිළිවෙලට ඉතුරු කොටු 12ට අයිති වෙනව.

    උදාහරණයක් විදිහට උපන්නේ මේෂ ලග්නෙන් හිතමු.එතකොට රාශි 12 වෙන්නේ මෙන්න මේ පහත ආකාරයට.

    63058925.jpg

    අපි හිතමු උපන්නේ වෘෂභ ලග්නයෙන් කියල.එතකොට රාශි 12 වෙන්නේ මේ ආකාරයට.
    53058925.jpg

    අපි හිතමු උපන්නේ කුම්භ ලග්නයෙන් කියල.එතකොට රාශි 12 වෙන්නේ මේ ආකාරයට.
    73058925.jpg

    ඉතිරි ලග්න වලටත් මේ විදිහටම තමා රාශි බෙදෙන්නේ.

    ඊලඟට මේ එක් එක් රාශියට අධිපති ග්‍රහයෝ ඉන්නව.අපි කියනව ඒ ගොල්ලන්ට රාශිය අධිපති ග්‍රහයා කියල.අපි කටින් කියන භාෂාවෙන් නම් කියනව රාශියාධිපති කියල ලේසියට.

    එක් එක් රාශියට අධිපති ග්‍රහයෝ

    මේෂ රාශියට අදිපති ග්‍රහයා - කුජ ග්‍රහයා

    වෘෂභ රාශියට අදිපති ග්‍රහයා - සිකුරු ග්‍රහයා එහෙම නැත්තම් ශුක්‍ර කියලත් හඳුන්වනව

    මිථුන රාශියට අදිපති ග්‍රහයා - බුධ ග්‍රහයා

    කටක රාශියට - චන්ද්‍ර ග්‍රහයා

    සිංහ රාශියට - රවි ග්‍රහයා

    කන්‍යා රාශියට - බුධ ග්‍රහයා

    තුලා රාශියට - (සිකුරු ) ශුක්‍ර ග්‍රහයා

    වෘෂ්චික රාශියට - කුජ ග්‍රහයා

    ධනු රාශියට -ගුරු ග්‍රහයා

    මකර රාශියට - ශනි හෙවත් සෙනසුරු

    කුම්භ රාශියට - ශනි හෙවත් සෙනසුරු

    මීන රාශියට - ගුරු ග්‍රහයා

    දැන් බලමු මොකක්ද මේ ග්‍රහයෝ රාශි ගත වීම කියන්නේ කියල.

    උදාහරණයක් විදිහට මේ වර්ශයම ගනිමු.මේ අවුරුද්දේ ඊයේ පෙරේදා ශනි තුලා රාශි ගත වුනා කියල හැමතැනම පත්තර වල ලිපි පල වුනේ.අපි බලමු මොකක්ද මේ කියන්නේ කියල.

    අපි දන්නව ලංකා කේන්දරේ ලග්නය කුම්භ කියල.කුම්භ ලග්න කේන්දරේ තුලා රාශිය තියෙන්නේ කොහෙද? 9 වෙනි කොටුවෙ නේද? ආන්න අපි කියනව ශ්‍රීලංකා කුම්භ ලග්න කේන්දරේ 9 වැන්න හෙවත් තුලා රාශියට සෙනසුරු පැමිණියා කියල.ඔන්න මේ කාලයේ ළමෙක් ඉපදුනොත් අපි කියනව සෙනසුරු තුලා රාශි ගතව ඉපදිලා කියල.

    83058925.jpg

    ඔන්න ඒ ළමයා කුම්භ ලග්නෙන් ඉපදුනා නම් ඒ ලමයගේ සෙනසුරු ඉන්නේ 9 වෙනි කොටුවේ.හිතමු මේෂ ලග්නෙන් ඉපදුනා කියල.එතකොට සෙනසුරු ඉන්න තුලා රාශිය මේෂ ලග්න හිමි අයගේ තියෙන්නේ කීවෙනි කොටුවෙද? 7 වෙනි කොටුවේ නේද?
    ඉපදිලා තියෙන්නේ වෘෂභ ලග්නෙන් නම් සෙනසුරු ඉන්ඩ ඕනේ 6 නේද.

    ඔන්න ඔය විදිහට ඉතුරු ග්‍රහයෝ කේන්දරේ කොටු වල පිහිටීම අපි කියනව රාශි ගතවෙලා ඉන්නව කියල.තමා උපන් වර්ෂයේ තමා උපන් දිනයේ තමා උපන් වෙලාවේ තිබුන ග්‍රහ පිහිටීම තමයි කේන්දරේ සටහන් වෙලා තියෙන්නේ.

    හිතන්ඩ මේෂ ලග්නෙන් උපන් කෙනෙක් එයා උපන් වෙලාවේ කුජ කියන ග්‍රහයා රාශි වළල්ලේ හිටියේ තුලා රාශියේ කියල.එහෙනම් එයාගේ කුජ මේෂ ලග්නයෙන් 7 වෙනි කොටුව වන තුලා රාශියේ තැන්පත් වෙනව කියල කියනව.

    මේශ ලග්න හිමියෙක්ගේ 7 වැන්න අධිපති ග්‍රහයා කවුද කියල කවුරු හරි ඇහුවොත් කොහොමද හොයා ගන්නේ?

    බලන්ඩ මේෂ ලග්නෙන් 7 වන රාශිය මොකක්ද කියල.7 කියන්නේ තුලා රාශිය නේද?එහෙම නම් තුලා රාශියට අධිපති කවුද කියල මම උඩින් ලියල තියෙනව.තුලාවට අධ්පති ග්‍රහයා තමයි ශුක්‍ර (සිකුරු ).කේන්දර බලද්දි අපි බලනව මේ 7 වන්න අධිපති සිකුරු තමාගේ කේන්දරේ කොහෙද පිහිටලා තියෙන්නේ කියල.මම මේ උදාහරණයක් විදිහට මේෂ ලග්නේ ගත්තේ.ඉතුරු ලග්න වලටත් එහෙමයි කේන්දර බලද්දි බලන්නේ.

    මොනව හරි ගැටලු තියෙනව නම් මේ ගැන විතරක්, අනිකුත් ජ්‍යෝතිෂ්‍යයේ එන කරුණු කාරණා ගැන නෙමේ මේ හා සම්බන්ධව විතරක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.පුද්ගලිකව කේන්දර බලන්ඩ කියල අහන්ඩ නම් එපා.ඒක මේ වෙලාවේ කරන්ඩ බෑ.සමාවන්න.:no:

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    අපි කොහොමද දැන ගන්නේ ?????

    1.අපි කොහොමද දැන ගන්නේ වර්ෂයෙන් වර්ෂයට හ්‍රහ පිහිටීම වෙනස් වන්නෙ කොහොමද කියලා???
    2.උපන් වෙලාවෙන් කොහොමද ලග්නය හදාගන්නේ කියලා ??? :no::no::no:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1.අපි කොහොමද දැන ගන්නේ වර්ෂයෙන් වර්ෂයට හ්‍රහ පිහිටීම වෙනස් වන්නෙ කොහොමද කියලා???
    2.උපන් වෙලාවෙන් කොහොමද ලග්නය හදාගන්නේ කියලා ??? :no::no::no:

    1. මොකද්ද බන් ඒ අහපු ප්‍රශ්නේ?
    ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහ මාරු බලාගන්නේ ලිතෙන්

    2.සූර්ය උදාවත් සමඟ නැගෙනහිර ක්ෂිතජයේ උදවා වී ඇති ලග්නය ( උදා ලග්නය ) සිට තමන් උපන් වේලාව දක්වා ගණිතමය ක්‍රමයකින් මැන එම උපන් වේලාවේදී නැගෙනහිර ක්ෂිතජයේ උදාවී තිබූ ලග්නය තමාට හිමිවන ලග්නය වේ.මේ සරලම පැහැදිලි කිරීමයි.
     
    • Like
    Reactions: pannisl

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    දන්නෙ නැති හින්දා අහන්නේ ඔව්වා අපිට අලුත&#

    1. මොකද්ද බන් ඒ අහපු ප්‍රශ්නේ?
    ජ්‍යෝතිෂ්‍යයේ ග්‍රහ මාරු බලාගන්නේ ලිතෙන්

    2.සූර්ය උදාවත් සමඟ නැගෙනහිර ක්ෂිතජයේ උදවා වී ඇති ලග්නය ( උදා ලග්නය ) සිට තමන් උපන් වේලාව දක්වා ගණිතමය ක්‍රමයකින් මැන එම උපන් වේලාවේදී නැගෙනහිර ක්ෂිතජයේ උදාවී තිබූ ලග්නය තමාට හිමිවන ලග්නය වේ.මේ සරලම පැහැදිලි කිරීමයි.

    ඒකට වෙනම ලිතක් තියෙනවද? "තව අවුරුදු 10යි මාස 5ක් හොදයි කියන්නෙ" තව අවුරුදු 10යි මාස 5කින් දැනට තිබෙන හ්‍රහ පිහිටිම වෙනස් වෙනවා කියන එකද?.
    ග්‍රහ මාරුව බලා ගන්නේ ලිතෙන් නම්
    තව අවුරුදු ගනනක් ඉදිරියට ලිත් තියෙනවාද?

    උපන් ස්තානයේ වෙනස බලන්නෙ කොහොමද? දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයටද?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද??
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒකට වෙනම ලිතක් තියෙනවද? "තව අවුරුදු 10යි මාස 5ක් හොදයි කියන්නෙ" තව අවුරුදු 10යි මාස 5කින් දැනට තිබෙන හ්‍රහ පිහිටිම වෙනස් වෙනවා කියන එකද?.
    ග්‍රහ මාරුව බලා ගන්නේ ලිතෙන් නම්
    තව අවුරුදු ගනනක් ඉදිරියට ලිත් තියෙනවාද?

    උපන් ස්තානයේ වෙනස බලන්නෙ කොහොමද? දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයටද?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද??

    1. ඔය දසාව කියන එකත් එක්ක පටලන් ඉන්නේ.මම මේගැන හොඳටම පැහැදිලි කරල පෝස්ට් කීපයක්ම දාල තියෙනව.ආයේ ආයේ ඒකම ලියන්ඩ අපහසුයි.

    මිනිස් ජීවිතේ ජ්‍යෝතිෂ්‍යට අනුව උපරිම ආයු කාලය වර්ෂ 120ට ගනනය කරල තියෙනව.ඉතින් ඔය 120 එක එක ග්‍රහයන්ගේ පාලන කාලයන්ට එක එක කාල සීමාවේදී යටත් වෙනව.ඒකට තමයි අපි දශා ක්‍රමය කියන්නේ.ඒ ඒ ග්‍රහයාගේ දශාව ලැබුවම මනුෂ්‍යයාගේ ජීවන රටාව වැඩිපුර පාලනය කරන්නේ අර ලබපු මහ දශා අධිපතිය.අවුරුදු 120 රවිට අවුරුදු 6 චන්ද්‍ර 10 කුජට 7 රාහුට 18 ගුරුට 16 ඔය විදිහට ඉතුරු ග්‍රහයන්ටත් බෙදෙනව.

    2. ලංකාවේ තියෙන ලිත් නම් අවුරුද්දකට තමා හදල තියෙන්නේ.ඒත් ජ්‍යාත්තන්තරව හදල තියෙන රෆායල් වගේ ලිත් ඉදිරි අවුරුදු 50ටම වගේ ගනනය කරල තියෙනව.

    3. ලිතේ තියෙනව ස්ටෑන් කාල අදිකය ගනනය කරල.ඒකෙන් බලාගන්ඩ නගරෙන් නගරයට කාල වෙනස.ග්‍රිනිච් ටයිම් එකෙන් ලංකාවේ නැගෙනහිර මුහුදේ ඇඳෙන මනංකල්පිත රේඛාවකට තමයි අපි මේ වෙලාව කියන්නේ.ඉතින් හරියට කාලය ගන්ඩ හරිම නගරයට තියෙන කාල වෙනස අඩු කර ගන්ඩ ඕනේ.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    ගොඩක් ස්තුතියි

    ගොඩක් ස්තුතියි. දැන් ටිකක් තේරුනා.
    එ කියන්නෙ ඉදිරිය ගැන කියන්නේ දසාව අනුව කියන එකද?.දසාව දැන ගත්තට පස්සේ කොහොමද අනාවැකි කියන්නෙ ඒ කාලයේ ග්‍රහ පිහිටිම අනුවද?
    මිනිස් ජීවිතයේ අයු කාලය 120 බෙදලා දසාව හදා ගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද?
    එක් එක් කෙනගේ දසාව වෙනස් වෙන්නේ ලග්නය සමගද? සම වයසේ දෙදෙනෙක් නම්,