තුහ්: නොදකින් ජරා කඩේ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
තුහ්: නොදකින් ජරා කඩේ

ඔන්න අදත් කියන්න යන්නෙ අපේ එවුන්ට වෙච්චි සත්‍ය සිද්ධියක්.

අපේ හැමෝම ස්ටෙලා වෙන්නෙ කැරම් ගහන්න ගරාජියට තමයි. එතනට ඉතින් කොල්ලයි බල්ලයි හැම එකාම එනවා. කොයි වෙලාවෙ බැලුවත් 10ක් 15ක් විතර ඉන්නවා. ඊයෙ අර මහා සුළඟත් එක්ක ෆුල් සුවදායි වැස්සක් වහින වෙලාවේ අපි ගල් බෝතලයක රස විඳිමින් කැරම් සෙල්ලමේ හිටියා.
carrom-game-india.jpg


බයිට් එකට තිබුණෙ චිකන් ඩෙවල් එකක්... අපි ඉන්න වෙලාවට අපෙන් පිනට කෙළින්න එනවා අවුරුදු 55ක විතර බුවෙකුත් ගරාජියට. අපි ඕනි වෙලාවක කඩේ යවන්නෙ ඌව තමයි. ඌත් කිසිම වෙලාවක බෑ කියන්නෙ නෑ, අපි වෙනුවෙන් දර දිය අදින්න ඕනි වෙලාවක සුදානමින් ඉන්නෙ.

ර මහ වැස්සෙ අපිත් හොඳට සප්පායම් වෙලා කැරම් ගසන ගමන් හිමිහිට පොඩි අඩියකුත් අනිනවා. අර මහ වැස්සෙ අපිත් හොඳට සනීපෙට කැරම් ගසන ගමන් හිමිහිට පොඩි අඩියකුත් අනිනවා. ඔන්න එතකොටම තඩි කුඩේකුත් උස්සගෙන අර බුවාත් ඔතනට කඩා පාත් වුණා දෙයියො එව්වා වගේ... හැරෙන තපෑලෙන් ඌව කඩේට යැව්වා සිගරට් ගේන්න.

පොර කඩේට ගිහිල්ලා ආවට පස්සෙ "චන්දරේ දාගනින් පොඩි ශොට් එකක්" කිව්වා විතරයි මූ කට පුරවලා සැන්ඩිත් නැතුව ග්ලාස් එකෙන් එකක් කෙලියා කසිප්පු වීදුරුවක් කෙලිනවා වගේ. "හපන්න කරන්න දේවලුත් ඔතන ඇති".
old_man_drinking-300x223.gif


ටිකක් වෙලා යද්දි ඌට සඳ පුක් අපිටත් වෙරි පුක්. චන්දරයාට චූන් එක වැඩි වෙලා ඌ දැන් අපිට කැරම් ගහන්නත් කියලා දෙනවා. ආයේ හැරෙන තපෑලෙන් මේසෙ ළඟට යනවා ශොට් එකක් දාගන්නවා එනවා. මම දක්කා ඒ අතරෙ ලස්සන සිද්දියක්.

චන්දරයා චිකන් කෑල්ල කාලා, චිකන් කටුව දාන්නෙත් ප්ලේට් එකටමයි. මට අරක්කුත් එපා වුණා ඒක දැකලා. මූ දැන් දිගටම කරන්නෙ අර සීන් එක වෙරිමරගාතෙ. අපේ එකෙකුත් හොඳට වැදිලා ගියා මේසෙ ළඟට දා ගත්තා පොඩි ශොට් එකක්. ගත්තා බයිට් කෑල්ලක් (චිකන් ඩෙවල්) කන ගමන් ඌ බනිනවා මෙන්න මෙහෙම.

"අපෝ බන් ආයෙ නම් මේ ජරා කඩෙන් ගේන්න එපා බයිට්. සමනල එකෙන් ගෙනෙන්. ඒකෙ පෝශන් එක හොඳයි. මේ බලහන්කො මේකෙ මස් නැහැ කටු කෑලි විතරයි තියෙනෙ" කිය කියා අරූ චන්දරයා සූප්පු කරපු චිකන් කටු කනවා.

spicy-chicken-recipes.jpg
 
  • Like
Reactions: DemonAkalanka

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
තුක්‌ තොපි ජරා යක්කු :lol::lol::lol:
ඊය :dull:

ඊයා? :lol: ඊයා වුණාට අරූ හෝටල් කාරයාගෙ අම්මා අප්පා මතක් කර කර කට්ට සූප්පු කළා... ඒක දැක්කා නම් එවෙලෙම කබා යනවා
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊයා? :lol: ඊයා වුණාට අරූ හෝටල් කාරයාගෙ අම්මා අප්පා මතක් කර කර කට්ට සූප්පු කළා... ඒක දැක්කා නම් එවෙලෙම කබා යනවා

    තොපි කියන්න එපෑ යකෝ ඌට.. කබරය දායි වෙරි නැතුවම..
    තොපි වගේ හැත්තක් ආස්සරේ කරන ඌට බූවල්ලෙන් ගහන්න ඕන :rofl::dull:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    තොපි කියන්න එපෑ යකෝ ඌට.. කබරය දායි වෙරි නැතුවම..
    තොපි වගේ හැත්තක් ආස්සරේ කරන ඌට බූවල්ලෙන් ගහන්න ඕන :rofl::dull:

    attention එකේ ඉන්න පුරුදු වෙන්න ඌට දීපු lesson එකක් තමයි ඒක :lol: