දිවියකු සපා කෑ 03ක් රෝහලට
දිවියකු සපා කෑ 03ක් රෝහලට
2015.11.24
======================
දිවියකු සපා කෑමෙන් තුවාල ලත් දික්ඔය ලෙදන්ට් වතුයායේ වතු කම්කරුවන් තිදෙනකු අද දහවල් දික්ඔය රෝහලට ඇතුළත් කැර ඇත.
තේ පඳුරක් තුළ සැඟවී සිටි දිවියන් දෙදෙනකු තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් පසු පස පන්නා ගොස් සපා කෑමට උත්සහ කළ අවස්ථාවේ මෙම වතුකම්කරුවන් තිදෙනා ඇය බේරා ගැනීමට උත්සහ කැර තිබේ.
එම අවස්ථාවේ එක් දිවියෙකු පළාගොස් ඇති අතර අනෙක් දිවියා මෙම පුද්ගලයින් තිදෙනාව සපා කා ඇත.
දිවියාගේ ග්රහණයෙන් මිදුණු එක් අයෙකු ගල්වලින් ගසා දිවියා පළාවා හැර තිබෙන ඇත.
තුවාල ලත් එක් අයෙකුට රෝහලේදී ශල්‍යකර්මයක්ද සිදුකර තිබේ.
(අසේල කුරුළුවංශ)