පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
සයුරින් එහා නිල් අහසෙන් මෙහා...
සිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන හිටියා
...
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    සයුරින් එහා නිල් අහසෙන් මෙහා...
    සිතිජේ ඉරේ හිස තියා
    පැතුමේ වෙලී නෙතු පියා
    හිරු මියෙනා පැයේ
    නුඹ කඳුළක් දරාගෙන හිටියා
    ...

    සබද අපි කදු නොවෙමු අනුන් පරයා නැගෙන.... සුනිල දියදහර වෙමු එකම ගගකට වැටෙන... වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන.... සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින... නපුරු හිනය නොවෙමු ලමුන් නිදි සුව බිදින..... සොදුරු අඩහැරය වෙමු දනන් නින්දෙන් මුදන..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිණි බිඳුවක් වෙන්නට ආසයි
    මිහිමත සිසිළස රැදුණු
    දියරැළ්ලක් වෙන්නට ආසයි
    දොළමත දියරැළ් නැඟුණු
    සිසිළස දෙන්නම් මා සැමදා
    පවනක් වී එන හමා
    සුරකින්නම් සෙනෙහස සැමදා
    ඔබෙ මතකය සිත් පුරා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සබද අපි කදු නොවෙමු අනුන් පරයා නැගෙන.... සුනිල දියදහර වෙමු එකම ගගකට වැටෙන... වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන.... සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින... නපුරු හිනය නොවෙමු ලමුන් නිදි සුව බිදින..... සොදුරු අඩහැරය වෙමු දනන් නින්දෙන් මුදන..


    අළුත් පදයක් වගේ :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පහන් සිල දැල්විලා
    සමිඳු රුව එළිය වී
    අනුරුව සිතින් මවා
    සැනසෙමින් වදින්නම්


    ජගත් වික්‍රමසිංහ
     

    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    රත්නදීප ජන්ම භූමි

    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි

    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    අමරදේව
    :nerd::nerd::nerd::nerd:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අකාසයේ කුරුල්ලෝ පියාඹන්නේ කොයිබදෝ
    අසලා අපේ කතාවන් හඬා වැටුනා ළිහිණියෝ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෝමාන්තික ඔපෙරාවේ
    ඉසියුම් නාද සංරචනයේ
    හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉණු කඳූලද සිඳෙන්නට පෙර
    යදින්නම්.. ඔබ මැකී යනු මතකෙන්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවි වලින් මට
    එකම කවියක්වත් දෙන්න

    නිදා නොනිදා පහන් කළ රෑ
    කෙතරම්ද මේ අහස යට
    කියා ගන්න බැරිව හිටි දුක්
    දන්නෙ කවුරුද ඔබම මිස

    මලානිකවූ මලක් ආයෙත්
    පිපේවිද කොයි කවර ලෙස
    පිපේනම් එය ඔබටමයි
    කාට අයිතිද ඔබටමිස...


    Epa Wennata Pera - Laxman Hewawitharana.Mp3
     

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    සිහිල් නුවන් තුල යහන තනා දෙමි සැතපෙනු මැන සුවසේ..
    එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසා ගනිමි රහසේ..

    ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට නොයනු මැනවි පිටවී...
    සදා මගේ එක දසුනම වී ඔබ එහි සැනසෙනු මැනවී....


    -ක්ලැරන්ස් විජේවර්ධන-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් සමනලයෝ
    පුංචි කැකුළියෝ
    දේදුන්නේ නැගිලා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලාකුළක හැංගිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා .............
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිංහල ජය ගීත හඩට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ....
    සිංහල ජය ගීත හඩට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ....

    මුහුදු වගේ වැව් බැදුනේ
    යෝද විකුම් බල නැඟුනේ
    මුහුදු වගේ වැව් බැදුනේ
    යෝද විකුම් බල නැඟුනේ
    වීර හැඟුම් මල්පිපුනේ....
    සාර රටක් ලොව නැඟුනේ
    ගල්මත බුදු රූ දිලුනේ
    මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝහිස දලු සැලුනේ
    සදහම් පනිවුඩ ඇසුනේ....

    සිංහල ජය ගීත හඩට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ....
    සිංහල ජය ගීත හඩට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ...

    රුදුරුපු තෙද ඔද සිදුනේ
    සුර විරු රණ ගී ගැයුනේ
    රුදුරුපු තෙද ඔද සිදුනේ
    සුර විරු රණ ගී ගැයුනේ
    මව්බිම දියුනට උරනේ
    දහඩිය කදු ගොඩගැසුනේ
    සිරිදලදා රැකවරණේ
    රන්වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අර්ණේ
    යලි උපදිමු මේ දෙරණේ...

    සිංහල ජය ගීත හඩට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ....
    සිංහල ජය ගීත හඩට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ....

    අතුල සෝමසිරි මහතා


     
    Last edited:
    Status
    Not open for further replies.