දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේ ම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේ ම දැන් මගෙ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
ලස්සන ම සිහිනෙකී ඔයා
මේ සීත වස්සානේ පාලුව ම මං උන්නේ
තනිකමයි හදවත සරන්නෙ
මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
සෝ සංඛා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
ලස්සන ම සිහිනෙකී ඔයා
සඳ නේන රෑ යාමේ සසල ව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේ දෝ හිඳින්නේ
කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී
ලස්සන ම සිහිනෙකී ඔයා
දුන්නු වේදනා .........
ගායනය :- නිරෝෂා විරාජිනී