අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම්වූ මලපොත පෙරලා
මල ගිය හීයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත්මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ
අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
සමුදුරු ගිරි හෙල් දෙරණතලා මැද
යෞවනවිය පියවර තබනා සඳ
හිස්වන හද විත සපුරාගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ එපමණයි
පීළිසරණ වන්නේ
අදුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිර එ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා.
හිරු තව දවසක් ගෙනැවිල්ලා...
╗ වික්ටර් රත්නායක ╔





