තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දිය කර සාගරේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැර දා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
~ගායනය: විශාරද ගුණදාස කපුගේ~
~ගේය පද: ලුෂන් බුලත්සිංහල~
ඉර හඳ මිරිකා දිය කර සාගරේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැර දා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
නුවර උයන් මැද හමුවු ලඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසුදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි
~ගායනය: විශාරද ගුණදාස කපුගේ~
~ගේය පද: ලුෂන් බුලත්සිංහල~




)