මිනිසුන් නැති හිස් තැනක් සොයා
තනිවී ඉන්නට හිත කීවා
පාළුව තනිකම දැනෙන තුරා
තනිවී ඉන්නට හිත කීවා
තනිවී ඉන්නට හිත කීවා
පාළුව තනිකම දැනෙන තුරා
තනිවී ඉන්නට හිත කීවා

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක
මා හැර දමා ගිය මියුලැසී.....
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ
කවිය ඔබ...
ඔබ ලියූ කවි කියවා
මං අසරණව වුන්නා
යෞවනේ...තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා...