ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
හිතගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවනු මුලා
ඉස්සර වාගේ අත්වැල් බැදගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ
ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුලගේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා
