පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දෙනෙත් අගින් කඳුළැළි පීදේ
සිතට මගේ තව දුක දී...
ආදරේ මටමයි කියා කීවා
කීවා මතකයි දිවුරා එදා
මා හැරදමා ඔබ ගියා
 
Jan 15, 2009
9,238
368
0
අමකර කුරවි සරින් තෙපලූ මධුර කතා
නිමකළ නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා
අමකර කුරවි සරින්

මග රද නොමද තෙදක් විදී සැර ආදරේ
රඟ ඔබ මවෙත යළිත් කෙදින පැමිණේවිදෝ

හසතුඩු ගැටුණු සැණින් කැකුළ මත්වූවා
මතකයි නොහිමි සුවෙන් දිනක් ගතවූවා

අමකර කුරවි සරින් තෙපලූ මධුර කතා
නිමකළ නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා
අමකර කුරවි සරින් . . .

- W. ප්‍රේමරත්න
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
හිතින් මා නොසැලී හිදිද්දී
කදුල නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලි සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ...

තවම මා නොදුටූ සිනාකැන්
හමු නොවූ යාමේ
කදුල මට කරුනා කරන්නයි
අයදිමී නිබදේ......
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    When I got to the garden party, they all knew my name
    No one recognized me, I didn't look the same
    But it's all right now I learned my lesson well.
    You see, ya can't please everyone, so ya got to please yourself
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කෝ ඔබේ ඒ පොරොන්දුව කෝ
    මා රැවටුනා රැවටුනාවත් දෝ...
    පෑ ලයාදර හැඟුම් කොහිදෝ
    මා මුලාවේ දැමුවාවත්දෝ
    පෑ ලයාදර හැඟුම් කොහිදෝ
    මා මුලාවේ දැමුවාවත්දෝ

    විශ්වාසය නැති තැනක
    ආදරයක් පවතීදෝ..
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඔයා මගේ සුරංගනා කතාවේ
    ලස්සන සුරංගනාවී
    දසන් විදා සිනා නගන වෙලාවේ
    හදවත සිසිල් කරාවී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අම්මා.. ජීවන උයන් තෙරේ
    නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
    ඔබ මට සුවය ගෙනේ

    සඳවතුරින් ලොව රුහිරෙන් දියකොට
    අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන
    සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
    මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන

    කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
    රණමඬලේ මිණි පහනක් වෙනු මැන
    දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
    මා තුරුළට ගෙන නිඹඳ සරනු මැන

    අම්මා.. ජීවන උයන් තෙරේ
    නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
    ඔබ මට සුවය ගෙනේ...
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    දෙනෙත් අගින් කඳුළැළි පීදේ
    සිතට මගේ තව දුක දී...
    ආදරේ මටමයි කියා කීවා
    කීවා මතකයි දිවුරා එදා
    මා හැරදමා ඔබ ගියා

    Maxxa track eka!
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි

    සෝගී උල්පත සංකා ගඟවී
    සන්තාපයේ සාගරය සොයයි //

    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි

    දහසක් වටිනා මුතුහර කුමටද
    සිතුසේ ගෙල පළඳන්න බැරි
    හදබැති නංවන පුදසුන කුමටද
    පැතු දෙයින් ජය ගන්න බැරි

    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි

    මගෙ හිමියාටයි පිදු ආලයටයි
    කොහොමද එකවර හිත දෙන්නේ
    නොයිඳුල් පෙම හා හිමිබැති සටනේ
    ඉරණම කෙලෙසද විසඳන්නේ //

    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි



    රුක්මණී දේවී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පායන්න සඳ මීදුමේ
    ඇයි ඉන්නෙ සැඟවී සඳේ
    හිනැහෙන්න මේ නිල්විලේ
    ඔබ ඉන්නෙ කොහෙදෝ ප්‍රියේ

    ආවාම තරු රෑනේ පායා
    දිස්වේවි දෙව්ලියක සේයා
    ඔය නෙත්විලේ කැල්මන් දිළේ
    ඔබ පායන්න සඳ මීදුමේ
    පායන්න සඳ සේ රැයේ

    ඡායාව මතකේ රැඳේ
    සඳූ සේම පායා දිළේ
    ඔය නෙත්විලේ පාවි ගිලේ
    රහසින්ම බැඳී ආදරේ
    ඔබ ආවාද මීදුම් තලේ

    මා ගාව තුරුළේ වෙලී
    විඳගන්න මේ ආදරේ
    තරුමල් විලේ පායා දිළී
    හිනැහෙන්න සඳ සේ රැයේ
    ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ...
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි

    සෝගී උල්පත සංකා ගඟවී
    සන්තාපයේ සාගරය සොයයි //

    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි

    දහසක් වටිනා මුතුහර කුමටද
    සිතුසේ ගෙල පළඳන්න බැරි
    හදබැති නංවන පුදසුන කුමටද
    පැතු දෙයින් ජය ගන්න බැරි

    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි

    මගෙ හිමියාටයි පිදු ආලයටයි
    කොහොමද එකවර හිත දෙන්නේ
    නොයිඳුල් පෙම හා හිමිබැති සටනේ
    ඉරණම කෙලෙසද විසඳන්නේ //

    ආදරයයි කරුණාවයි
    හිමි බැතියයි මා සිත පාරයි
    ආදරයයි



    රුක්මණී දේවී

    nice sis
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

    රෑ දවසේ නොමැකී ලාසඳ සේ සැපදී
    රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

    පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා
    මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

    දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී


    ගායනය සුරේන්ද්‍ර පෙරේරා

    පද රචනය කැළුම් ශ්‍රීමාල්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    හැමදා තනි වෙන්නම්
    ආසිරි ගී මැද පෝරුව මත හිඳ
    මහපටැඟිලි බැඳ අතපැන් වත්කර
    ඔබ කැඳවා යන්නම් නැතිනම් තනි වෙන්නම්
    ජීවන ගමනේ බාදක දුක සැප
    එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ
    තනියට ළඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම්
    සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    හැමදා තනි වෙන්නම්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    shorty just drive with me
    baby just drive with me...

    wanna get down with you
    just wanna b around yo girl...

    watever to note gotta love u for life girl...

    there's a beautiful girl i gonna get it on
    i wanna take care with u i never do it wrong
    my girl love u for life i really mean that
    ur special to me i wanna keep that
    im your boy tonight so b ready to ride

    you calling ma name but i got away
    im only think about you coz ur my soulmate
    i know ur family thing that im the wrong type
    but girl i regret to laid coz now ur my life...
     
    Status
    Not open for further replies.