කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට රෝගියෙකු බැලීම සඳහා තනියම කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ ඇති 14 හැවිරිදි පිරිමි දරුවෙකු කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේදී බරපතල ලිංගික අතවරයකට පත් කරන ලදැයි කියන ෆිනෑන්ස් කොම්පැණියක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
ඊයේ (17) පස්වරුවේදී මෙම අතවර සිද්ධියවී ඇත. කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවා අසනීප තත්ත්වයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද තම සොයුරියගේ සැමියා බැලීම සඳහා තනියම පෙරේදා කුරුණෑගලට පැමිණ ඇත.
එදින පස්වරුවේ රෝගියා බැලීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල සිට ආපසු නිවසට යාම සඳහා දුර ගමන් සේවා බසයකට නැඟ ඇත. සිංහල භාෂාව නොදත් ඔහු මඩකලපුව දෙසට යන බසයකට යැයි සිතා නැඟ ඇත්තේ වාරියපොළ හරහා අනුරාධපුරට යන බසයකටය. මඟ දුරක් ගොස් ටිකට් ගැනීමට යාමේදි මේ බව දැනගත් එම බසයේ කොන්දොස්තරවරයා ඔහු යන්තම්පලාව නගරයෙන් බස්සවා ආපසු කුරුණෑගලට යන ලෙසට උපදෙස්දී ඇත.
සිංහල භාෂාව වචනයක් හෝ කතා කිරීමටවත් තේරුම් ගැනීමටවත් නොදත් ඔහු කුරුණෑගල නගරයට ආපසු යන ආකාරය අසා දැන ගැනීම සඳහා යන්තම්පලාව නගරයේ තිබෙන ෆිනෑන්ස් කොම්පැණියක් වෙත පස්වරු 6.00 ට පමණ ගොස් තිබේ.
එම අවස්ථාවේදී එහි සේවයේ යෙදී සිටි තරුණයන් තිදෙනෙකු ඔහුට විස්තර ලබා දෙන මුවාවෙන් ආයතනය ඇතුළට රැගෙන ගොස් ඔහුව පැයකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් බරපතළ ලිංගික අතවරයකට ලක් කර තිබෙන බව මේවනවිට සිදු කෙරෙමින් පවතින පොලිස් පරීක්ෂක වලින් අනාවරණය වී තිබේ.
පසුව ඉතා අසීරුවෙන් එම ස්ථානයෙන් පැනගෙන ඇති ඔහු යන්තම්පලාව නගරයේ එම අවස්ථාවේදී රැඳී සිටි මුස්ලිම් තරුණයන් පිරිසකට හමුවී ඇති අතර ඔවුන් ඒ බව තමන් දන්නා යන්තම්පලාව සිංහල වෙළඳ සංගමයේ සාමාජිකයන් පිරිසකට දැනුම්දී ඇත. වෙළඳ සංගමයේ සාමාජිකයන් වහාම ක්‍රියාත්මකවී මෙම සිද්ධිය කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම්දී ඇත.
පොලීසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් අතවර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ඒවනවිටත් එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර ආයතනයේ දොරවල් කඩා පරීක්ෂා කිරීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.
සිද්ධිය ආරංචි වීමත් සමඟ එම ස්ථානයට විශාල පිරිසක් එක්රොක්ව සිටි අතර මත සැකකරුවන් පලා යාම සම්බන්ධයෙන් ප්රකෝපවී සිටි එම පිරිස් පාලනයට පොලිස් කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් පවා කැඳවීමට සිදු විය.
යන්තම්පලාව සිංහල වෙළඳ සංගමයේ සාමාජිකයන් මැදිහත්වී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දරුවා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
අතවර සිද්ධියට සම්බන්ධ ෆිනෑන්ස් කොම්පැණියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරේ.
-
https://www.ada.lk/breaking_news/14-හැවැරදි-පිරිමි-දරුවෙකුට-බරපතල-ලිංගික-අතවර-කළ-තිදෙනෙක්-පොලිසිය-සොයයි/11-403516
Ethakota mulin kiwwa ewa boruda? Munge hama ekema police lokkath innawa. honda yaluweo wage
https://www.athugalacredit.com/ceoappoint.php
https://www.athugalacredit.com/single.php