From FB
ත්රීසම්
====
එක්තරා භික්ෂුවක් කාන්තාවෝ දෙන්නෙක් සමග ඉන්න වීඩීයෝවක් වයිරල් වෙලා නිසා රැඩිකල් සිප්පි කෑලි, කයියො, නිරා ලා මේ දවස්වල ඉන්නේ බොහොම සන්තොසෙන් නේ ද? හැබැයි මේවා දැකලා අහිංසක බෞද්ධයෝ කලබල වෙන්නවත්, සංවේගයට පත් වෙන්නවත් එපා. මීට වඩා සෙල්ලම් දාපු දුසිල්වත් භික්ෂුන් බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නකොටත් ඉඳලා තියෙනවා. අපේ දහම කොලේ වහලා හංගලා ගහපු දහමක් නෙමෙයි. විනය පිටකයේ පාරාජිකා පාළියේ මෛථුන පාරාජිකාවේ තියෙන සිදුවීම්වලින් ටිකක් ඔබ ගේ දැනුවත් වීම පිණිස සඳහන් කරන්නම්.
එක්තරා භික්ෂුවක් වැඳිරියක සමග ලිංගිකව එක් වීම.
එක්තරා පිඩුපිණිස යන භික්ෂුවක් පුටුවක වාඩි වී සිටි දැරියක දැක භික්ෂුව ගේ ඇඟිල්ල ස්ත්රී ලිංගයට ඇතුළත් කිරීම හේතුවෙන් දැරිය මිය යාම.
නැමෙන පිටක් ඇති එක්තරා භික්ෂුවක් තම පුරුෂ ලිංගය තමන් ගේ ම කටට දමා ගැනීම.
එක්තරා භික්ෂුවක් ඇඳ තිබූ චිත්රයකට තමා ගේ පුරුෂ ලිංගය තබා තද කිරීම.
එක්තරා භික්ෂුවක් මට ඇවත් නො වේ යයි සිතා තම මව සමග ලිංගිකව හැසිරීම.
( පෙර බිරිඳ, දුව, නැගෙනිය, භික්ෂුණියක, වේශාවක, ගෘහිණියක, නපුංසකයෙකු සමග ලිංගිකව හැසිරුණු භික්ෂුන් ගැන ද ඇත. )
එක්තරා භික්ෂුවක් ලී බෝනික්කකු ගේ ලිංගාශ්රිත ප්රදේශය තම පුරුෂ ලිංගයෙන් ස්පර්ශ කිරීම.
එක්තරා භික්ෂුවක් සොහොනකට ගොස් නොදිරූ මළ සිරුරක් සමග ලිංගිකව හැසිරීම.
එක්තරා භික්ෂුවක් සොහොනකට ගොස් හිස සිඳුන මළ සිරුරක් දැක වස්ත්රයෙන් වැසූ කටෙහි ලිංගේන්ද්රය ස්පර්ශ කරමින් ඇතුළ් කිරීම.
එක්තරා භික්ෂුවක් එක්තරා ස්ත්රියකට ආලය කර ඇය මිය ගිය පසු සොහොනෙහි තිබු ඇට කටු එකතු කර තම ලිංගේන්ද්රයෙන් ස්ත්රී ලිංගය පිළියෙල කිරීම.
බෞද්ධයෝ මේ ටික මතක තියාගන්න !
ඕනෑම උපසම්පදා භික්ෂුවක් තමන් ගේ පුරුෂ ලිංගයේ තල ඇටයක ප්රමාණයක් චේතනාන්විතව යම් ස්ත්රීයක්, පුරුෂයෙක්, නපුංසකයෙක්, ස්ත්රී පුරුෂ ලිංග දෙකම ඇති අයෙක්, අමුනුෂ්යයෙක්, තිරිසන් සතෙක් යන අය ගේ මුත්රා මාර්ගයේ, ගුද මාර්ගයේ හෝ මුඛයේ ඇතුළත් කරොත් ඒ භික්ෂුව පාරාජිකා වෙනවා. ඒ කියන්නේ ඔහුට භික්ෂුත්වය අහිමි වෙනවා. ( හැබැයි ඒ අයට වුණත් සාමනේර, ගිහි විදියට ඉඳලා කවදා හෝ ධර්මාවබෝධය කරන්න ගැටලුවක් නෑ.)
සිවුර දාගෙන ඉන්න හැමෝම ආර්ය මහා සංඝරත්නය නෙමෙයි. ආර්ය මහා සංඝරත්නය වෙන්නේ සෝවාන් මාර්ගස්ථ, සෝවාන් ඵලස්ථ, සකෘදාගාමි මාර්ගස්ථ, සකෘදාගාමි ඵලස්ථ, අනාගාමි මාර්ගස්ථ,අනාගාමි ඵලස්ථ,අරහත් මාර්ගස්ථ, අරහත් ඵලස්ථ පුද්ගලයෝ විතරයි.
සිවුරු පෙරවන් ඉන්න අන්තරේ, කයියෝ, කුණුහරුප, රැඩිකල්, ඇරියස් සාදුලා ගැන ක්රියාත්මක වෙන්න සර් ජෝන් කොතලාවල වත් ජීවත් වෙලා හිටියා නං හොඳයි කියලා හිතෙන වෙලාවලුත් නැත්තෙම නෑ.
================
උපුටාගැනීමකි ..