බාගයක් එලියේ......

blue_in_rio

Well-known member
  • මේ කියන ඇබද්දිය උනේ එක්තරා පාසලක ගනන් උගන්නන සර් කෙනෙකුට.මේක පිරිමි පාසලක්.කොල්ලො සර්ගෙ නම කිව්වත් බයයි.සර් උගන්නන වෙලාවට, පන්තියෙ උන් එකෙක්වත් හ්ම් නැහැ.අඩු ගානේ ලඟ ඉන්න එකාගේ මූන බලලා හිනා වෙන්නෙවත් නෑ.ඉතින් දවසක් සර් හය වසර පන්තියකට ගනන් උගන්නමින් ඉන්නවලු...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සර් කලු ලෑල්ලේ ගනන් වගයක් ලියලා, කට්ටියට ඒවා හදන්න කියලා ඇවිත් ගුරු පුටුවෙ වාඩි උනාලු.පන්තියෙ ඉස්සරහ පේලියෙ එකෙක්, උගෙ ඇහෙන් අනිත් එවුන්ට සර්ගෙ මොකක් හරි අඩුපාඩුවක් පෙන්නලා.ඉස්සරහ පේලියම හිනා වෙන්න ගත්තලු. :oo::oo::oo::oo: සර්ට මල පැනපු පාර ඉස්සරහ පේලියේ ඉන්න ඔක්කොම එවුන්ටික කනෙන් අල්ලලා එලියට දැම්මලු.දාලා ඇවිත් පුටුවෙ වාඩි උනාලු.විනාඩියක් ගියෙ නෑ මෙන්න යකෝ දෙවෙනි පේලියේ එවුන් ටිකත් හිනා වෙනවා. :confused::confused::confused::confused:
    සර් උන් ටිකවත් කලින් වගේම එලියට දාලා ඇවිත් වාඩි උනාලු.පුදුමේ කියන්නේ, මෙන්න තුන්වෙනි පේලියත් සර් දිහා බලලා හිනා වෙනවා. :baffled::baffled::baffled::baffled: අම්බානක තද වෙච්ච සර්, උන්ටිකට ගහලම එලියට දැම්මලු.දැන් පන්තියෙන් බාගයක්ම එලියේ.සර් ඇවිත් ආයෙත් පුලුවෙ වාඩි උනා. :frown::frown::frown::frown::frown:
    එතකොට තමයි අනිත් පේලියේ එවුන්ට වැඩේ තේරුනේ.සර් කලිසමේ සිප් එක වහලා නෑ.හිටගෙන ඉන්නකොට නම් පෙනුනේ නැතුවට, පුටුවෙ වාඩි වෙච්ච ගමන් සර්ගේ බාගයක්ම එලියේ.කොච්චර අමාරුවෙන් හිනාව වලක්වන්න හැදුවත් කට්ටියට නොදැනිම හිනා ගියා.සර්ට තරහයි වගේම පුදුමයි මේ හිනාවට හේතුව.හොදටම තරහා ගිය සර් මුලු පන්තියටම ඇහෙන්න මෙන්න මෙහෙම අවවාදයක් දුන්නා......
    :dull::dull::dull::dull::dull:
    "මම දැන් බාගයක්ම එලියට දාල තියෙන්නේ...ඉතුරු බාගෙත් දාන්නද " ?? :lol::lol::lol::lol::lol:


    ප.ලි. ආරන්චියෙ හැටියට සර් මාසයක් විතර යනකම් ඒ පන්තියට ගනන් උගන්නන්න ගිහින් නෑ.මාසෙකට පස්සෙ වෙන පාසලකට මරුවකුත් හදා ගත්තලු. (සත්‍ය කතාවක් ඇසුරින් ගොතනලදී..)

    හිනා ගියා නම් මොනවා හරි කොටලා යන්න.රෙප් ++ දුන්නත් තරහා නෑ.මේවා කරන්න කම්මැලියි වගේ නම්, B U M P කියන අකුරු ටික type කරලා Post Quick Reply කියන Button එක Click කරන්න. :D:D:D:D:D