බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කල

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කල

    බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කල අයුරු

    hqdefault.jpg


    [FONT=&quot]බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකය මත වැඩ සිටිද්දී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස තථාගතයන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් පසුව ශ්‍රී දේහය සම්බන්ධයෙන් කටයුතු කල යුත්තේ කෙසේද” කියලා. [/FONT]
    [FONT=&quot]එදා බුදුරජාණන්වහන්සේ වදාළා " ආනන්දය ඒ ගැන නුබලා කලබල විය යුතු නැහැ. තථාගතයන් වහන්සේ ගැන පැහැදුණු රාජරාජ මහාමාත්‍යවරුන්, ගෘහපතියන්, බ්‍රාහ්මණ පණ්ඩිතවරුන් සිටුවරුන් සිටිනවා. ඒ පිරිස සක්විති රජ කෙනෙක්ගේ දේහය අදාහනය කරන පරිද්දෙන්ම හොදින් පොළන ලද අළුත් කපු පුළුන් වලින් පන්සිය වතාවක් වෙළා රනින් කරන ලද ලෙනක ශ්‍රී දේහය බහා රන්දෙන වසා සඳුන් දර වලින් කරන ලද චිතකයක් මත තැන්පත් කර ආදාහනය කල යුතුයි” කියලා.[/FONT]
    [FONT=&quot]බුදුරජාණන්වහන්සේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්ථන සාළ උද්‍යානය තුල පිරිනිවන් පෑමෙන් පසුව ශ්‍රී දේහය දින හතක් පුරා මහත් වූ පුද සත්කාර කරමින් මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කලා. බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පා සත්වැනි දවසේ සම්බුදු සිරුර උපවර්ථන සාළ උද්‍යානයේ කෙළවරක ආනන්ද හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි සිනිඳු සළු වලින්ද අළුතින් පොළාගත් කපු පුළුන් පටලයකින්ද පන්සිය වතාවක් ඔතා රං දෙනක තැන්පත් කොට රන්දෙන වසා නොයෙකුත් සුවඳ දරවලින් කරන ලද සඳු[FONT=&quot]න් [/FONT] චිතකයක් මත තැන්පත් කොට ආදාහනය කිරීමට කටයුතු කලා.[/FONT]
    [FONT=&quot]එදා දහස් සංඛයාත භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකාවන් රැස්වා සිටියදී කෙළෙස් සහිත බොහෝ දෙනෙක් හඬා වැලපෙමින් සිටිය දී මල්ල රජදරුවන් හතර දෙනෙක් හොඳින් නා පිරිසිදු වී සුදු වස්ත්‍ර ඇඳ චිතකයට ගිනි දල්වන්න සූදානම් වුනා. එහෙත් කෙතරම් උත්සහා කලත් චිතකයට ගිනි දල්වන්න ඔවුන්ට නොහැකිවුණා. මල්ල රජදරුවන් අටදෙනෙක්, දාසයදෙනෙක්, තිස්දෙදෙනෙක් ආදී වශයෙන් පිළිවෙලට පැමිණිලා චිතකයට ගිනි දල්වන්නට උත්සහ කලද ඒ කිසිවෙකුටත් එම කාර්‍ය සිදු කිරීමට නොහැකි වුනා.[/FONT]
    [FONT=&quot]ඒ සිදුවීමෙන් පුදුමයට පත්වුන මල්ල රජ දරුවන් දිවැස්ලාභී භික්ෂූන් අතරින් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් චිතකය නොදැල්වීමට හේතුව විමසුවා . එවිට උන්වහන්සේ[/FONT]
    [FONT=&quot] “රජදරුවනි දේවතාවන්ගේ අදහස වෙනත් එකක්, දෙවියන්ගේ කැමැත්තක් නෑ දැන්ම චිතකයට ගිනි දල්වන්න” කියලා කීවා. [/FONT]
    [FONT=&quot]මල්ල රජදරුවන් අහනවා “ස්වාමීනී දේවතාවන්ගේ අදහස කුමක්ද..?? “ කියලා. “රජදරුවනි මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ පන්සීයක් භික්ෂූන්වන්සේලා සමගින් පාවා නුවර ඉදන් කුසිනාරාව කරා වැඩම කරනවා, අනේ මට අවසාන වතාවට බුදුරජානන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් වන්දනා කරගන්න ඕන කියන අදහසින්. ඉතිං මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ බුදුරජානන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් වන්දනා කරන තෙක් චිතකයට ගිනි නොදැල්වේවායි යන්න දේවතාවන්ගේ අදහසයි” කියල අනුරුද්ධ මහරහතන් වහන්සේ රජදරුවන්ට කියා සිටියා.[/FONT]
    [FONT=&quot]ඊට පස්සේ මල්ල රජදරුවන් සියළු දෙනාම දේවතාවන්ගේ අදහස එයනම් එසේම වේවා කියමින් මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරන තුරු බලාගෙන සිටියා. එදා බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබුණ සඳුන් චිතකය අසලට වැඩම කල මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ හැඳ සිටි පාංශුකූල සිවුර ඒකාංශ කොට පොරවාගෙන දොහොත් මුදුන්[FONT=&quot]දී[/FONT] වන්දනා කරමින් තුන් වතාවක්ම චිතකය වටා යමින් බුදුරජානන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් චිතකයෙහි පිහිටි ස්ථානය ඉදිරියෙහි වැඩසිටිමින් අභිඥ්ඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිට මේ ආකාරයේ අධිෂ්ඨානයක් කලා. [/FONT]
    [FONT=&quot]“දහසක් නිම් වළලුවලින් යුතු චක්‍ර ලකුණුවලින් සමන්විත වූ මාගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සිරිපතුල් යුගල තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුළුන් පටල පන්සියයද සිනිදු වස්ත්‍ර යුගල් පන්සියයද රන් දෙන්ද සඳුන් දර සෑයද යන මේ සියල්ල දෙබෑ කරගෙන මාගේ හිස මත පිහිටන සේක්වා”[/FONT]
    [FONT=&quot]ඒ අධිෂ්ඨානයත් සමගම මහා කාරුණික බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය ඔතා තිබූ කපු පුළුන් පටල පන්සියයද සිනිදු වස්ත්‍ර යුගල් පන්සියයද රන් දෙන්ද සඳුන් දර සෑයද යන මේ සියල්ල දෙබෑ කරගෙන බුදුරජානන් වහන්සේගේ දහසක් නිම් වළලුවලින් යුතු සිරිපා යුගල මහා කාෂ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත පිහිටියා. මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ සිරිපා යුගල හිස මුදුනේ තබාගෙන දොහොත් මුදුන් දී වන්දනා කළා. ඒ අසිරිමත් සිදුවීම දුටු භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකාවන් හා මල්ල රජදරුවන්ද අහසේ රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත දෙ[FONT=&quot]වි [/FONT]දේවතාවුන්ද සාදුකාර දෙමින් සුවඳ මල් චිතකයට ඉසිමින් වන්දනා කලා.[/FONT]
    [FONT=&quot]මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේ සමග වැඩම කල පන්සීයක් භික්ෂූන්වන්සේලාද සම්බුදු සිරිපා වන්දනා කොට අවසන් වනවාත් සමගම මහා කාෂ්‍යප මහරහතන් වහන්සේගේ හිස මත පිහිටි සම්බුදු සිරිපා යුගලය ඉන් මිදී සදුන් චිතකයත් රං දෙනත් නොසෙලී පෙර තිබූ පරිද්දෙන්ම පිහිටියා. ඒත් සමගම දෙවි දේවතාවුන්ගේ ආනුභාවයෙන් ඉබේම චිතකයට ගිනි දැල්වුනා.[/FONT]
    [FONT=&quot]සාමාන්යෙන් ශරීරයක් ආදාහනය වෙද්දී සම් මස් පිළිස්සී යද්දී අළු දැලි ආදී කොටස් ඉතිරි වෙනවා. නමුත් බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙද්දී රන්දෙන තුල අළු දැළි ආදී කිසිවක්ම ඉතුරු නොවී බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨානය අනුව සර්වඥ ධාතුන් වහන්සේලා පමණක් විසිරී පැවතුණා. ඒ විතරක් නෙමෙයි තවත් ආශ්චර්මත් සිදුවීමක් ගැන සඳහන් වෙනවා, ඒ තමා සම්බුදු සිරුර ඔතා තිබුනු පන්සියයක් බැගින් වූ කපු පුළුන් පටල හා සිනිඳු සළු අතරින් යම් වස්ත්‍රයක් සියල්ලටම [FONT=&quot]ය[/FONT]ටින් පැවතුනාද ඒ වස්ත්‍ර දෙකම නො[FONT=&quot]දැ[/FONT]වී ඉතිරි සියළුම වස්ත්‍ර හා කපු පුළුන් පටළත් දැවී පිළිස්සී තිබුන බව සදහන් වෙලා තියනවා.[/FONT]

    [FONT=&quot]ගෞතම බුදුරදුන්ගේ ධාතුන් වහන්සේලා බෙදාගත් ආකාරය මීලඟ කොටසින්….[/FONT]

    මේ මහා බද්‍ර කල්පයේ පහළ වූ බුදුවරුන්ගේ ධාතූන් හන්සේලාගේ බෙදී විසිරුණු ආකාරය



     
    Last edited: