බුදුහාමුදුරුවො

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:

    ඒකනෙ බන් මම මුලින්ම කිව්වෙ. අපිට පොත්වල තියෙන සේරම කවර් කරන්න බැරි වෙයි. ඒත් අපි භෞතිකෙන් යන්න පුළුවන් උපරිම දුරක් යමු. හාද? ඔක්කොම බැරි නිසා කතා කරලා වැඩක් නෑනේ. ඒ නිසා ඔන්න ඔහේ අල්ලලා දාමුද. අනේ මන්දා බන් උබේ කැමැත්තක්. මොකෑ කියන්නෙ?
    ඉතින් ඒක තමා මම මේ උදේ ඉඳන් කියන්නේ. මම මගේ මතය කිවා බෞද්ධ අය කැමති එකක් විස්වාස කරන්න මට කිසි ප්‍රශ්නයක් නෑ මට ඒක වැරදි කියන්න උවමනාවකුත් නෑ මේක මගේ මතේ ඕක ඔයාගේ මතේ වැඩේ ඉවරයි. එහෙම බෑ ලු නෙ මෙයාලට මොකෝ කරන්නේ ඉතින්. මම කුරුස කාරයෙක් ලු මම මේ කුමන්ත්‍රණයක් කරන්ඩ හදනවලු කිය කිය පස්සෙන් එනවා.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිව නිරාගමික නම් මොන දේකටද ආගමික දේවල් ගැන කතාකරන්නෙ අවශ්ය නැ පාඩුවෙ හිටිය..මෙයාලට වෙලා තියෙන්නෙ මෙයාලගෙ ආගම්වල හෙලුව තමන්ට වැටෙහෙන්ඩ පටන් ගන්නව..එතකොට කරන්නෙ අනිත්
    ආගම්වලට අපහාසකරල තමන්ගෙ ආගමේ තත්වයටම වට්ටගන්ඩ පුලුවන්ද කියල බලන එක..ඒත් මේක බුදු දහම කිසිම තැනක වැරදි නැ , අකාලිකයි...

    නිරාගමිකයි,ස්වාධීනයි පට්ට රැඩිකල් වචන දෙක හැබැයි .
    දැන් ට්‍රෙන්ඩ් එක එකනේ :yes:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මම වාද කරන්නේ නෑ මාව කෝට් කර කර කර මගෙන් අහන ඒවට උත්තර දෙන එක මේ කරන්නේ. :yes: මම කාගෙන්වත් ප්‍රශ්න ඇහුවෙත් නෑ උත්තර බලාපොරොත්තු උනෙත් නෑ මොකක්වත් මෙතන ඔප්පු කරන්න අවෙත් නෑ. බලෙන් පස්සෙන් එල්ලී එල්ලී අහද්දී නොදැක්ක වගේ ඉන්න බෑ නෙ ඒකයි මේ වෙලා තියෙන්නේ.

    ඔහෙ කියුව එකක් ගැන මටත් එකඟ වෙන්ඩ වෙනව. අර වෛරය වපුරුවන එක ගැන. කාලකණ්නි දේශපාලකයො රට පාලනය කරන්න බිහි වෙන්නේ රටේ මිනිස්සුන්ගෙ කර්ම ශක්තිය මත. ස්විස්/නෝවේ/ඩෙන්මාක් වගෙ රටවල්වල මිනිස්සු සන්තෝශයෙන් ඉන්නෙ, සාපේක්ෂව එහෙ සාධාරණ පාලකයො ඉන්නෙ එ මිනිස්සුන්ගෙ පුණ්‍ය ශක්තිය මත. හැබැයි ඔය කාටත් නිවන් මග නැ. හැබැයි අපට තියෙනව. ඒක අනික් පැත්ත.

    ඔය ඔහෙ හීන් නුලෙන් පහර ගහපු අය මිනිස්සුන්ගෙ අකුසල කර්මයට පහල උන දේශපාලකයොන්ට හෙන ඉල්ල ඉල්ල තවත් මින්සසුන්ගෙ හිත්වල වෛරය ජනිත වෙන විදිහට සංකාර කරනව. අනේ පවු ඉතින්. නමුත් එයා උනත් නාම මාත්‍රිකව හරි බෞද්ධයෙක් නෙ. ඔහෙ පවු ඒ අතින්. ඔහෙ ඒ තරමටවත් විශ්වාසයක් නැහැනෙ. අනෙ මන්ද ලෝකෙ හදන්ඩ බැහැ කියල බුදු හාමුදුරුවන්ගෙ ධර්මයෙ කියන්නෙ. ඔහෙලගෙ පුණ්‍යකර්ම/පාපකර්ම මතයි මේ දැන් වෙන කතාව පවා වෙන්නෙ.

    තව ටිකකින් බුදු දහමෙ නාමයෙන් අම්ම මුත්ත මතක් කරගන්ඩත් පුලුවන්. ඕකයි වැඩෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගමික විස්වාස කියන්නේ ඔප්පු කරන්න පුළුවන් ජාතියක් නෙවේ ඒවා අදහන මිනිස්සුන්ට හරි කියල ඔප්පු කරන්නත් බෑ නැති මිනිස්සුන්ට නෑ කියල ඔප්පු කරන්නත් බෑ. ඒවා ගැන අදහස් දක්වන්න විතරයි පුළුවන්. මේ විස්වාසේ ගැන මගේ අදහස මම කිවා මිසක් අනික් ඒවා වැරදියි මේක හරි කියල මට මෙතන ඔප්පු කරන්න උවමනාවක් නෑ. මම කිවා මේකේ ඔය එල්ලී එල්ලී එන මනුස්සයට බෞද්ධ අය විස්වාස කරන එක ඔයාල විස්වාස කරන්න මට කමක් නෑ මේක මගේ විස්වාසේ එච්චරයි. මගේ පස්සෙන් එල්ලී එල්ලී මම කියන එක ගැන හාර හාර ඇහුව මිසක් මම කාගේවත් පස්සෙන් එල්ලී එල්ලී මොකක්වත් මෙතන ඔප්පු කරන්න ගියේ නෑ.

    කවුරුවත් ඔයාගෙ පස්සෙ එල්ලි එල්ලි ආවෙ නැ ඔයා බෞද්ධයන් පස්සෙ එල්ලි එල්ලි එනව මිසක්..මෙතන ප්‍රශ්නෙ ඇතිකරේ ඔයා මිසක් අපි නෙමේ..නොදන්න දේවල් ගැන කතා කරේ ඔයා අපි නෙමේ..ධර්මය කතාකර කර ඉන්න තැනට පැනල කතෝලික මනසින් අහුලා ගත්ත ධර්මය විවරනය කරන්ඩ ගියෙ ඔයා අපි නෙමේ..අරක වැරදි ඇති මේක වැරදියි ඇති අනිත් එක වැරදි ඇති ඔය ඔක්කොම කියෙවුවෙත් ඔයා අපි නෙමේ..බෞද්ධයන්ට පිලිකුලක් උනේ ඔයාගෙ හැසිරීම..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඉතින් ඒක තමා මම මේ උදේ ඉඳන් කියන්නේ. මම මගේ මතය කිවා බෞද්ධ අය කැමති එකක් විස්වාස කරන්න මට කිසි ප්‍රශ්නයක් නෑ මට ඒක වැරදි කියන්න උවමනාවකුත් නෑ මේක මගේ මතේ ඕක ඔයාගේ මතේ වැඩේ ඉවරයි. එහෙම බෑ ලු නෙ මෙයාලට මොකෝ කරන්නේ ඉතින්.

    මේ කෝට් එක, මුවා වී දමා ගසන ගල් කැබලි කොටු කැබලි වලින් ඔබ්බට ගිහින් ඔප්පු කිරීමෙන් ප්‍රත්‍යක්ශ කර ගන්න කරපු ආරාධනාවක් කියලා හිතාගනින්කො. බැයි නම් කමක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒක තමා මම මේ උදේ ඉඳන් කියන්නේ. මම මගේ මතය කිවා බෞද්ධ අය කැමති එකක් විස්වාස කරන්න මට කිසි ප්‍රශ්නයක් නෑ මට ඒක වැරදි කියන්න උවමනාවකුත් නෑ මේක මගේ මතේ ඕක ඔයාගේ මතේ වැඩේ ඉවරයි. එහෙම බෑ ලු නෙ මෙයාලට මොකෝ කරන්නේ ඉතින්. මම කුරුස කාරයෙක් ලු මම මේ කුමන්ත්‍රණයක් කරන්ඩ හදනවලු කිය කිය පස්සෙන් එනවා.

    තමන්ගෙ නිරුවත තමයි උදේ ඉදන් ප්‍රදර්ශනය කරන්නෙ..හිතේ කුහකකම තියාගෙන දෙන්නම් වැඩේ කියල ඇවිල්ල අල උනාම ඔහොම තමයි..මීට පස්සෙවත් නොදන්නා බුදු දහම ගැන කතෝලික මනසින් විචාර දෙන එක නවත්තන්ඩ, ඒක බොහොම පිලිකුල් සහගත ක්‍රියාවක්..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඔහෙත් හරි ට්‍රිකී මට දැන්මෙ හිතුනෙ. මෙහෙමයි, යමක් ගැන තර්ක කරනකොට ප්‍රායෝගිකව අත්හදා නොබල තර්ක කරන එක වැරදි නේද ? මම කියනව දෙහි ඇඹුල් කියල. එතකොට ඔහෙ කියනව දෙහි තිත්තයි මලපහ වගෙ කියල. ඉතින් කවදාවත් ඕක කතා කොරල ඉවර කරන්ඩ පුලුවන්ද ? බැහැනෙ. ඔහෙ මුලින්ම දෙහි බෑය දිවේ උලල බලන්ඩ ඕනෙ මොන රහද කියල. ඉතින් ඒක තමා බෞද්ධ නොවුනත් කසින භාවනාවක් වගෙ කරල සමාධිය වඩවගන්න එක. ඒකෙන් තමාට නිකන් පොඩි පීක් එකක් දමන්ඩ පුලුවන් නිවනට යන පාරෙ තාර ටික දිහාට. තේරුනාද ? අනෙ මන්ද මම කලිනුත් කිව්ව වගෙ ඔහෙගෙ කරුමය අනුව තමයි ඉතින් මේව හැදිල තියෙන්නෙ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉතින් ඒක තමා මම මේ උදේ ඉඳන් කියන්නේ. මම මගේ මතය කිවා බෞද්ධ අය කැමති එකක් විස්වාස කරන්න මට කිසි ප්‍රශ්නයක් නෑ මට ඒක වැරදි කියන්න උවමනාවකුත් නෑ මේක මගේ මතේ ඕක ඔයාගේ මතේ වැඩේ ඉවරයි. එහෙම බෑ ලු නෙ මෙයාලට මොකෝ කරන්නේ ඉතින්. මම කුරුස කාරයෙක් ලු මම මේ කුමන්ත්‍රණයක් කරන්ඩ හදනවලු කිය කිය පස්සෙන් එනවා.

    උබයි මචන් ඇවිදින් හීන් නුලෙන් බොරු ටිකක් කියාගෙන ගියේ.
    එක කියවපු ඕන කෙනෙකුට තේරෙනවා උබ මොකක්ද කරන්න ගියේ කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුවත් ඔයාගෙ පස්සෙ එල්ලි එල්ලි ආවෙ නැ ඔයා බෞද්ධයන් පස්සෙ එල්ලි එල්ලි එනව මිසක්..මෙතන ප්‍රශ්නෙ ඇතිකරේ ඔයා මිසක් අපි නෙමේ..නොදන්න දේවල් ගැන කතා කරේ ඔයා අපි නෙමේ..ධර්මය කතාකර කර ඉන්න තැනට පැනල කතෝලික මනසින් අහුලා ගත්ත ධර්මය විවරනය කරන්ඩ ගියෙ ඔයා අපි නෙමේ..අරක වැරදි ඇති මේක වැරදියි ඇති අනිත් එක වැරදි ඇති ඔය ඔක්කොම කියෙවුවෙත් ඔයා අපි නෙමේ..බෞද්ධයන්ට පිලිකුලක් උනේ ඔයාගෙ හැසිරීම..
    ඔව් ඔව් :yes: දැන් මාව කෝට් කරලා අරක මොකද්ද මේක මොකද්ද කියල පාඩුවේ හිටපු මාව ඇදල ගත්තේ කවුද මමද. මම සද්ද නැතුව ඉද්දි කුරුස කාරයෙක් කියල ත්‍රෙඩ් එකේ බොරුවක් දාල අර අහක හිටපු මිනිස්සුන්ට මාව ටාගට් කෙරෙව්වේ කවුද මමද. අනික් මිනිස්සුන්ට දාන රිප්ලයි වලටත් පැන පැන බලෙන් රිප්ලයි දදා මේක අදින්නේ මමද :eek: ඔව් ඔව් මම තමා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මිනිස්සුන්ට තමන්ගේ මත කියන්න තමා ෆෝරම් කියල ජාතියක් හදල තියෙන්නේ නැත්තන් අහවල් එකටද GT මේවා නඩත්තු කරන්නේ දුන් අල්ල අල්ල ඉන්න නෙවේ නෙ :eek: බෞද්ධ නෙවේ ඕනෙම එකක් ගැන මේකේ ත්‍රෙඩ් එකක් දාපුවම මගේ මතේට එකඟ උනත් නැතත් මම මගේ අදහස දානවා ඒක මගේ හැටි. ඔයාට ඒක පිළිගන්න බැරි නං නොදැක්ක වගේ ඉන්නකෝ කිසි ප්‍රශ්නයක් නෑ නෙ. මම කිවේ නෑනේ මේක බෞද්ධ මතය කියල මම මගේ මතය කියන්නේ. ඔයාට විස්වාස නං ඔයා අදහන එක මගේ මතේ මොකක් උනත් ඔයාට එක බලපාන්න විදිහක් නෑ. ඔයාගේ මතේට එකඟ ඒවා විතරයි මේකේ තියෙන්න ඕනේ කියල හිතනවනං එක්කෝ තමන්ටම කියල ෆෝරම් එකක් හදාගන්න ඕනේ එතකොට මම වගේ අයව බෑන් කරන්න පුළුවන්.

    ආ..... මේ මොකද මේ? :D

    මම මුකුත් එපා කිවුවද? නෑ නේ?

    සරල ප්‍රශ්නයක් නේ ඇහුවේ!

    එකම මතය...,
    හැමදාම....,
    දකින දකින බුදු දහම සම්බන්ද thread එකේ....,
    දැන් අවුරුදු ගානක්...,
    එකම විදිහට....,
    ඉගන ගත්ත කිසි දේකුත් නැතුව...,
    ඉගන ගන්න උවමනාවකුත් නැතුව...,
    වෙන එකෙකුට ප්‍රයෝජනෙකුත් නැතුව...,

    ඇයි මේ කියලා ඇහුවේ? නිකන් දැන ගන්න! මොකද්ද "අරමුණ"?

    LazyLizard,

    අයිතිකරයෙක් නැති පාලු ඉඩමක හරි මුහුදු වෙරළක හරි කක්කා දාන්න ඕන කෙනෙකුට පුළුවන්. ප්‍රශ්නේ කවුද එහෙම තිබ්බ පලියට දාන්නේ කියන එක!
    ඉඳලා හිටලා කැලේ ට්‍රිප් එකක් ගිහාම හදිස්සියක් වෙලා කැලේට කක්කා දාන්න යනවා තමයි. ප්‍රශ්නේ කවුද හැමදාම උදේට කැලේට යන්නේ කියන එක!
    ඒක අපේ රටේ "සදාචාර සම්පන්න" නෑ නේ?

    මගුල් ගෙදරක buffet එකේ ඕන තරං කන්න පුළුවන් ඇති. ප්‍රශ්නේ කවුද ගිහින් 5-6 පාරක් කන්න දුවන්නේ කියන එක!
    එතකොට චාරයක් නෑ නේ? මැනස් නෑ.

    දැන් මේක 5-6 පාරක් නෙවේ නේ? :shocked:

    දැන් බුදු දහම සම්බන්ද thread එකක බෞධයෙකුට අරමුණක් තියෙන්න පුළුවන්.

    මන් අහන්නේ මොකද්ද ඔයාට තියෙන්නේ? ( නිකන් දැන ගන්න අහන්නේ!)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් පොඩි දෙයක් කියන්නම් දැනගන්න. .
    මම එකට කාපු බීපු කතෝලිකයෝ ගොඩක් කිරියේ ඉන්නවා. . ගමයා, සොහොන වගේ. .
    උන්ට කවදාවත් ඕන වුනේ නෑ බුදුදහමට පහර ගහන්න. . අදටත් එහෙමයි. . අපිට ඕන වුනෙත් නෑ උන්ගේ ආගමට පහර ගහන්න. .
    අපි හම්බවුනොත් ඔය ආගම් ප්‍රශ්න ඇදලා ගන්නේ නෑ කොටින්ම ආගම් ගැන කතාකරන්නෙත් නෑ. .
    කිරියෙන් පිට වෙනත් ආගම්වල මගේ යාලුවෝ වුනත් ඕනතරම් ඉන්නවා. .

    මගේ ඉල්ලීම මේකයි ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්න උත්සහ කරන්න එපා. .
    මන් කලින් කිව්වා වගේ බුදුදහම ගැන ප්‍රශ්නයක් නම් ත්‍රිපිටකයෙන් උපුටලා මෙතන වැරදී කියලා කියන්න. .
    එහෙම බැරිනම් මත ඉදිරිපත් නොකර ඉන්න. .
    පුලුවන්නම් තමන්ට වැඩක් නැති, ඉගෙනගන්න උනන්දුවක් නැති ආගම් ගැන මත නොදා ඉන්න. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබයි මචන් ඇවිදින් හීන් නුලෙන් බොරු ටිකක් කියාගෙන ගියේ.
    එක කියවපු ඕන කෙනෙකුට තේරෙනවා උබ මොකක්ද කරන්න ගියේ කියලා.
    ඒ මොකද්ද මම කියාපු බොරුව :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කෝට් එක, මුවා වී දමා ගසන ගල් කැබලි කොටු කැබලි වලින් ඔබ්බට ගිහින් ඔප්පු කිරීමෙන් ප්‍රත්‍යක්ශ කර ගන්න කරපු ආරාධනාවක් කියලා හිතාගනින්කො. බැයි නම් කමක් නෑ.
    ඔප්පු කරන්න කාටවත් බැරි දෙයක් ඔප්පු කරන්න ලු ඉතින් කාටද ඕවා කරන්න පුළුවන් :no: අදහස් දක්වන්න විතරයි පුළුවන් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් :yes: දැන් මාව කෝට් කරලා අරක මොකද්ද මේක මොකද්ද කියල පාඩුවේ හිටපු මාව ඇදල ගත්තේ කවුද මමද. මම සද්ද නැතුව ඉද්දි කුරුස කාරයෙක් කියල ත්‍රෙඩ් එකේ බොරුවක් දාල අර අහක හිටපු මිනිස්සුන්ට මාව ටාගට් කෙරෙව්වේ කවුද මමද. අනික් මිනිස්සුන්ට දාන රිප්ලයි වලටත් පැන පැන බලෙන් රිප්ලයි දදා මේක අදින්නේ මමද :eek: ඔව් ඔව් මම තමා.

    මමද තමුන්ගෙ අභද්ද වචනය ඉස්සල්ලාම කෝට් කරේ?? තමුන්ට මමද මුලින්ම උත්තර දීල තියෙන්නෙ??? මමද මුලුන්ම තමුන් කතෝලිකයෙක් කියල කියුවෙ?? ගිහින් බලන්ඩ මුලට මොකක්ද වෙලා තියෙන්නෙ කියල..තමුන්ට වෙලා තියෙන්නෙ දෙකොන මාරු උන වැඩක්..තමන් කියපුව තමන්ටම අමතක වෙලා..හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ පලමුව දෙවනුව ආගමික දේවල් ගැන කතාකරන්ඩ...
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ආ..... මේ මොකද මේ? :D

    මම මුකුත් එපා කිවුවද? නෑ නේ?

    සරල ප්‍රශ්නයක් නේ ඇහුවේ!

    එකම මතය...,
    හැමදාම....,
    දකින දකින බුදු දහම සම්බන්ද thread එකේ....,
    දැන් අවුරුදු ගානක්...,
    එකම විදිහට....,
    ඉගන ගත්ත කිසි දේකුත් නැතුව...,
    ඉගන ගන්න උවමනාවකුත් නැතුව...,
    වෙන එකෙකුට ප්‍රයෝජනෙකුත් නැතුව...,

    ඇයි මේ කියලා ඇහුවේ? නිකන් දැන ගන්න! මොකද්ද "අරමුණ"?

    LazyLizard,

    අයිතිකරයෙක් නැති පාලු ඉඩමක හරි මුහුදු වෙරළක හරි කක්කා දාන්න ඕන කෙනෙකුට පුළුවන්. ප්‍රශ්නේ කවුද එහෙම තිබ්බ පලියට දාන්නේ කියන එක!
    ඉඳලා හිටලා කැලේ ට්‍රිප් එකක් ගිහාම හදිස්සියක් වෙලා කැලේට කක්කා දාන්න යනවා තමයි. ප්‍රශ්නේ කවුද හැමදාම උදේට කැලේට යන්නේ කියන එක!
    ඒක අපේ රටේ "සදාචාර සම්පන්න" නෑ නේ?

    මගුල් ගෙදරක buffet එකේ ඕන තරං කන්න පුළුවන් ඇති. ප්‍රශ්නේ කවුද ගිහින් 5-6 පාරක් කන්න දුවන්නේ කියන එක!
    එතකොට චාරයක් නෑ නේ? මැනස් නෑ.

    දැන් මේක 5-6 පාරක් නෙවේ නේ? :shocked:

    දැන් බුදු දහම සම්බන්ද thread එකක බෞධයෙකුට අරමුණක් තියෙන්න පුළුවන්.

    මන් අහන්නේ මොකද්ද ඔයාට තියෙන්නේ? ( නිකන් දැන ගන්න අහන්නේ!)

    මම එ පුද්ගලය ගැන දන්නෙ නැ. ඒත් ඔහෙ කියනවා වගෙ එකක් නම් කරන්නෙ. මම අර කියාපු දෙහි බෑය තමයි අදාල. තමන් දන්නෙත් නැති දේකට, අසාවක්, කැමැත්තක් හෝ ඒ හැටි අරමුණකුත් නැතිව නිකන් පැනල ස්පොයිල් කරනව කියන්නෙ කැත වැඩක්. හරියට ඉංජිනියරින් ක්ලාස් එකකට ගිහින් රටේ නැති වැල් බයිල අහල අර කවද හරි ග්‍රැචුවේට් වෙන අරමුණින් ලෙක්චර්ස් ආපු අයවත් කන වැඩක් ඒක. එහෙම නම් මාත් එකඟ නැහැ ඒ මහත්තය කරන දේට. ඒ උනාට බුදු දහමට අනුව උන්දැගෙ හිතත් ඔහෙගෙ හිතත් මට ඕනෑ විදිහට පවත්වන්න බැහැ නෙව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පු කරන්න කාටවත් බැරි දෙයක් ඔප්පු කරන්න ලු ඉතින් කාටද ඕවා කරන්න පුළුවන් :no: අදහස් දක්වන්න විතරයි පුළුවන් :yes:

    එහෙනම් ඔප්පු කරන්ඩ බැරි දේවල් කියවන්නෙ නැතුව ඉන්ඩ..ඔයා නොදන්න දේවල් ගැන කතා කරන තැනකට මැද්දට පැනල, කියවන්ඩ යන්ඩ එපා, ඔප්පු කරන්ඩ ඔයා ලග සාක්කි නැත්තන්..කතෝලික මනසින් බුදු දහම විචාරනය කරන්ඩ යන්ඩ එපා කියල මෙතනදි මේ කට්ටියම කියන්නෙ..ඔයා ඔයාගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉන්ඩ, අපිත් ඒ විදිහටම ඉන්නව..ඔයා මේ ආගම් අතර ප්‍රශ්න ඇති කරන්ඩ හදන්ඩ එපා..:no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ..... මේ මොකද මේ? :D

    මම මුකුත් එපා කිවුවද? නෑ නේ?

    සරල ප්‍රශ්නයක් නේ ඇහුවේ!

    එකම මතය...,
    හැමදාම....,
    දකින දකින බුදු දහම සම්බන්ද thread එකේ....,
    දැන් අවුරුදු ගානක්...,
    එකම විදිහට....,
    ඉගන ගත්ත කිසි දේකුත් නැතුව...,
    ඉගන ගන්න උවමනාවකුත් නැතුව...,
    වෙන එකෙකුට ප්‍රයෝජනෙකුත් නැතුව...,

    ඇයි මේ කියලා ඇහුවේ? නිකන් දැන ගන්න! මොකද්ද "අරමුණ"?

    LazyLizard,

    අයිතිකරයෙක් නැති පාලු ඉඩමක හරි මුහුදු වෙරළක හරි කක්කා දාන්න ඕන කෙනෙකුට පුළුවන්. ප්‍රශ්නේ කවුද එහෙම තිබ්බ පලියට දාන්නේ කියන එක!
    ඉඳලා හිටලා කැලේ ට්‍රිප් එකක් ගිහාම හදිස්සියක් වෙලා කැලේට කක්කා දාන්න යනවා තමයි. ප්‍රශ්නේ කවුද හැමදාම උදේට කැලේට යන්නේ කියන එක!
    ඒක අපේ රටේ "සදාචාර සම්පන්න" නෑ නේ?

    මගුල් ගෙදරක buffet එකේ ඕන තරං කන්න පුළුවන් ඇති. ප්‍රශ්නේ කවුද ගිහින් 5-6 පාරක් කන්න දුවන්නේ කියන එක!
    එතකොට චාරයක් නෑ නේ? මැනස් නෑ.

    දැන් මේක 5-6 පාරක් නෙවේ නේ? :shocked:

    දැන් බුදු දහම සම්බන්ද thread එකක බෞධයෙකුට අරමුණක් තියෙන්න පුළුවන්.

    මන් අහන්නේ මොකද්ද ඔයාට තියෙන්නේ? ( නිකන් දැන ගන්න අහන්නේ!)
    එළකිරියේ වැටෙන ත්‍රෙඩ් එකක රිප්ලයි දාන්න ආය අරමුණක් ඕනේ නෑ :yes: අදාළ මාතෘකාව අනුව තමන්ට හිතෙන දේ කියන්නයි තියෙන්නේ. එක්කෙනෙක් කියන එක අනික් මනුස්සයට කක්කා දානව වගේ පේන්නත් පුළුවන් මල් හිටවනවා වගේ පේන්නත් පුළුවන් ඒක ඉතින් එක එක මනුස්සය බලන විදිහ. තමන්ගේ අදහස් වලට ගැලපෙන්නේ නැති ඒවා ඉතින් එහෙම පේන එකේ අවුලක් නෑ :yes:

    මම මේ වගේ වෙන ත්‍රෙඩ් වලත් ඕනේ තරං පෝස්ට් දානවා කවුරුත් දුවගෙන එන්නේ නෑ ඇයි ඔයා මේකේ පෝස්ට් එකක් දැම්මේ අහගෙන. ඔයා කවදාවත් එහෙම අහල නෑ නෙ ඇයි ලේසිලිසාර්ඩ් ඔයා හැමදාම අර ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ මොකද්ද අරමුණ කියල. මොකෝ මට එහෙම එක ජාතියක ඒවට විතරක් ටාගට් කරලා පෝස්ට් දාන පුරුද්දක් නෑ හැම එකේම දානවා. ඔයාට එක ජාතියක් විතරක් විශේෂයෙන් පෙනුනට මම මේ එදිනෙදා පෝස්ට් දාන තව එක ත්‍රෙඩ් එකක් විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඔප්පු කරන්න කාටවත් බැරි දෙයක් ඔප්පු කරන්න ලු ඉතින් කාටද ඕවා කරන්න පුළුවන් :no: අදහස් දක්වන්න විතරයි පුළුවන් :yes:

    භෞතිකේ ඔය හිතන තරම් අමාරුවක් නෑ බන්. මිනිස්සු නිකම් බොරුවට බය වෙන එක විතරයි තියෙන්නෙ. උවමනාව තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්.

    littea4.gif

    littea3.gif

    littea3.gif
     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඔප්පු කරන්න කාටවත් බැරි දෙයක් ඔප්පු කරන්න ලු ඉතින් කාටද ඕවා කරන්න පුළුවන් :no: අදහස් දක්වන්න විතරයි පුළුවන් :yes:

    මහත්තයො ඔහෙ හරි අසාධාරණයිනෙ, ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකක් කොහොමද ඔහෙට පෙන්වන්නෙ. හරියට වර්ණ අන්ධතාවයෙන් පෙනෙන එකෙක්ට පාට පෙන්වන්ට කිව්ව වගෙ.

    මේ භාවනාව සබැඳි ආගම් හරිද වැරදිද බලාගන්ඩ මහත්තයට කරන්න පුලුවන් ලේසිම දේ මම කිව්වෙ. තැනත් හොයල දෙන්ට බලාගෙන. ඔහෙ ඒකට කැමති නැහැ නමුත් දිගටම වාද කරන්න යනව.

    හරියට පූල් එකට බහින්නෙ නැතිව ඕක සීතලද රස්නෙද කියුව වගෙ වැඩක්. දෙහි කවදාවත් නොකා ඒක ඇඹුල් නැහැ තිත්ත රහයි කිව්ව වගෙ වැඩක්. ලෝකෙ වෙන කිසිම දහමක් ඔප්පු කරන්න බැහැ. නමුත් මේකේ පුලුවන්. හරි සරළයි, සමාධියක් නගාගෙන බලන්ට තියෙන්නෙ කියන දේ. කියල වැඩක් නැහැ. ඔහෙට කතා කරන එක වෙලාව කෑමක් මම අර කලිනුත් කිව්ව වගෙ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    භෞතිකේ ඔය හිතන තරම් අමාරුවක් නෑ බන්. මිනිස්සු නිකම් බොරුවට බය වෙන එක විතරයි තියෙන්නෙ. උවමනාව තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්.

    littea4.gif

    littea3.gif

    littea3.gif
    ප්‍රහේලිකා තෙරේන්නේ නෑ බන් අහන එකක් වචනෙන් අහන්න