උබ කිව්ව විදිහට තමයි උනේ. මේකට තව තොරතුරු ටිකක් එකතු කරන්න කැමතියි.
අවුරුදු 80 පිරෙන්න මාස තුනකට කලින් තමයි ආනන්ද හාමුදුරුවො එක්ක ඒ සංවාදය ඇති උනේ. ඒ කියන්නෙ අවුරුදු 79යි මාස 9යි. බුදු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ට සතර සෘද්ධිපාදයන් ගැන විස්තරයක් පැහැදිලි කරන ගමන් තමයි ඉඳලා තියෙන්නෙ. එතකොට දේශනා කරලා තියෙනවා, මේ සතර සෘද්ධිපාදයන් හොඳට වඩපු කෙනෙකුට, නැවත නැවතත් ප්‍රගුණ කරපු ඕනෑම කෙනෙකුට. ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට ටිකක් වැඩියෙන් හෝ ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. ආයුෂ් කල්පයක් කියන්නෙ සාමාන්‍ය ව්‍යවහරයෙන් කියනව නම් පරමායුෂ. ඒකාලේ නම් අවුරුදු 120ක් තිබිලා තියෙනවා. දැන් නම් 60-70ට බැහැලනෙ තියෙන්නෙ. එතකොට ආයුෂ් කල්පය කියන්නෙ අවුරුදු 120යි. අයුෂ් කල්පයට ටිකක් වැඩියෙන් කිව්වම 120ට වඩා තව අවුරුදු 20-30ක් වගේ ප්‍රමාණයක්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවො ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩියෙන් හරි මොන විදිහකට හරි අරාධනා කරා නම් බුදු හාමුදුරුවො ඒ ආරාධනාව පිළි අරගන්නවා. ඒත් මාරයට බුදු හාමුදුරුවන්ව ඉක්මනින්ම පිරිණිවන්පාවන්න ඕනකම තිබ්බ නිසා ආනන්ද හාමුදුරුවන්ගෙ ඇඟට වැහිලද කොහේ සිහිය විකෘති කරලා ඒ අවස්ථාව මග හැරෙව්වා. මාරයා දැනගෙන හිටියා ඊට පස්සේ ආරාධනා කරාට ඒ ආරධනාව පිලිගන්නෙ නැති බව. ඒ නිසා මාරයා ආනන්ද හාමුදුරුවන්ට කරපු බලපෑම අයින් කරා. එතකොට ටිකක් වෙලා ගියාට පස්සෙ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගෙ සිහිය ආපු වෙලේ ගිහින් ආරාධනා කරත් බුදු හාමුදුරුවො ඒක පිලිගත්තේ නෑ.
ආනන්ද හාමුදරුවන්ගෙ කතා කියවන්ඩ මම හරි ආසයි..
එක පාරක් කවුද මංද ගෑනියෙක්ටත් අහු වෙලා හිටියලු නේද..
රහත් වුණෙත් අමුතු විදියට..





