උබල ඔහොම කිව්වට එකෙක් එක දවසක් ලොකු තර්කයක් දාල කිව්වේ බුදු දහම විශ්වාස කරන්නේ නැති කෙනෙක් අපායේ යනවා කියල..
එක වෙන්නේ දේව වාදී ආගම් වගේ සරල විදියකට නෙමෙයි...
බුදු වරයෙක් දේශනා කරන ලෝක ධර්මය පිළිගන්නේ නැති කෙනාගේ මනසේ කරියාකරිතත්වයෙන් අකුසල් රැස් වෙනව, නිවන් මාර්ගයක යන්න කිසි උත්සාහයක් නොදරන නිසා , ප්‍රතික්ශේප කරන නිසා එකෙන් ඔහු රැස් කරගන්න අකුසල් ප්‍රමාණය ප්‍රාණ ගාතනයකින් රැස් කරගන්න අකුසල් ප්‍රමානෙට වඩා වැඩි කිව්වා..
මිට වඩා සැහෙන්න ලොකු විස්තරයක් කරා..
ඒ ත්‍රෙඩ් එකේ කවුරුත් ඌ කියපු දේ වැරදි කිව්වේ නෑ හැබැයි...
එකත් මේ වගේ දිගට ඇදුන ත්‍රෙඩ් එකක්, හැබැයි උබල 3 දෙනාම ඔහොම කියන නිසා මම හිතනවා ඕක වෙන්න ඇති කියල සාමාන්‍ය බෞද්ද මතය මේ ගැන තියන...එත් එතන කෙනෙක් එක නිවැරදි නොකරපු එකයි පුදුමේ
මන් කියනදේ තේරිලා නෑ උබට. . බුදුදහම විශ්වාස නොකලොත් අපායේ යනවාද? සරල උත්තරේ නෑ. .
පස්පව් කලොත් අපායේ යනවද? සරල උත්තරේ ඕව්. මොන ආගමක එකෙක් වුනත් දැන හෝ නොදැන පව් කරනවනම් අපායේ යන්න පුලුවන් ප්‍රබල පිනක් නැත්තන්. .
ඔතනදී ඌ කියන කතාව හරි. . බුදුදහම විශ්වාස කරන්නේ නෑ. . ඒ කියන්නේ සම්මා දිට්ටියේ නැති නියත මිත්‍යා දුශ්ටිකයෙක්. .
මේ තියෙන්නේ ඒ කාරනා. .
නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.
දැන් සම්මා දිට්ටිය පිලිනොගන්න කෙනා හොද කරයිද? නරක කරයිද?
බහුතරය නරක කරයි. . ඒ නරක නිසයි අපායේ යනවනම් යන්නේ. .
තමන්ට ආගමක් නැතත් පව් නොකර ඉන්නවනම් කිසි කෙනෙක් අපායේ යන්නේ නෑ. . ඒකයි කියන්නේ බුදුදහම ස්වබාව දර්මයේ නීතිය සොයලා දෙන්නේ කියලා. .


