ඔව් බං දැන් උගේ හිත වෙනස් වෙලා ඉවරයි.
නැවෙන හිතෙන් මොකුත් කරන්න බැ.
අපිත් ලස්සන කෙල්ලෝ දැක්කම බලනවා.
ඒ උනාට බොක්කේ ඉන්න කෙල්ල හැම වෙලේම හිතේ
Ube Kidney case eka dan hodatama hodai neda machan.
ඔව් බං දැන් උගේ හිත වෙනස් වෙලා ඉවරයි.
නැවෙන හිතෙන් මොකුත් කරන්න බැ.
අපිත් ලස්සන කෙල්ලෝ දැක්කම බලනවා.
ඒ උනාට බොක්කේ ඉන්න කෙල්ල හැම වෙලේම හිතේ
Contact Dr.Lelwala G. Godakanda of
Vendol Lanka company, No.102 Kandy rd, Wewaldeniya.
He has been developing a "Ayurvedic" medicine to such kind of desease, that ur girl is having.
He may give you a solution.![]()
උබට කියන්න කතා දෙකක් තියනවා
1. මගේ නැන්දගේ දුව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. එකී ඔය උබ කියන විදිහේ කෙල්ලෙක්. හැබැයි මාරම ටැලන්ට් ඒ වගේම rock Solid කෙල්ලෙක් . අරුට පන වගේ ආදරේ කලේ. කෙල්ලගේ අවාසනාවට ඒකිට ඔලුවේ ගෙඩියක් හදුනා. අරු මේකිට පල නොකියා පලා බෙදුවා. මහා ජරා විදිහට අයින් කලේ. නන්දා මැරුණා කෙල්ල දිහා බලන්න බැරි නිසා. අපේ තාත්තා තමා ඊට පස්සේ බැලුවේ. නුවර හොස්පිටල් එකේ මාස ගානක් තියල පේරාදෙණියේ යැව්වා. එහෙන් කිවා දෙකෙන් එකයි හිටියොත් මැරෙනවා. ඒ නිසා ඔපරේට් කරලා අයින් කරමු කියල. 39% chance එකක් තිබ්බේ. පස්සේ කෙල්ලගේ වාසනාවට මොලේ ගෙඩිය stable එකක් නෙමේ නිකන් ඇලිලා තිබිලා තියෙන්නේ. ඉතිං පැය 12 ක ඔප් එක පය 4 න ඉවරයි. අරුට වම් පෙනහල්ලේ පිළිකාවක් හදුනා. කෙල්ල හොද වෙන්න කලින්. උව බලන්න බැරි ගානට හිටියේ. මෙකි කිසිම කෙනෙක්ට නොකිය උ ලග හිටියා මරෙනකන්ම.. උ පුදුම විදිහට විදවල මරුනේ.
2. දැනටත් ජිවත් වෙන යාලුවෙක් ඉන්නවා. අපේ මල්ලිගේ හොදම යාලුවෙක්. උ ජපුර degree ඉවර උන ගමන් diagnosis උනා ස්නායු මැරෙන ලෙඩක්. ලක්ෂෙකට එකයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ උගේ ඇගේ හැම පද්දතියකටම ස්නායු සම්බන්දෙ අඩපන වෙලා. දැන් ඇදෙ ඉන්නේ. උට බොක්කෙන් හිටි කෙල්ලෙක් හිටියා. එකී මහා කතා විදිහට අයින් උනා උගෙන්. උ සිංහල බෙහෙත් කළා. එකෙන් උට හොද වේගෙන අවේ. කෙල්ල පස්සේ බන්දා වෙන එකෙක්ව. මුට එක දරගන්නම බැරුව ගියා. පස්සේ මුව ඇදටම වැටුනා. මල්ලි මායි තව උගේ යාලුවෝ 2 කුයි තමා තාම බලන්නේ. සැහෙන ගානක් යනවා මාසෙට. මොනවා කරන්නද අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැනේ බං. අර්කිටත් වැඩේ සිද්ද උනා. බැදපු එකා වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනා. මේකිට වද දෙන්න ගත්තා. පස්සේ එකී දෙපාරක් suicide කරගන්න ගියා. ඒකිගේ ජිවිතේ අනාත්ම උනා. පස්සේ හොදටම ඇග දුර්වල වෙලා. දැන් මාතර ඒකිගේ ගෙදර ඉන්නේ. කතා කරන්න බැ අනික්වා හොදට කරගනන්ව. මොනවා කරනනද බං කල දේ පල දෙනවා
සෝ උබට කියන්න තියෙන්නේ අද කාලේ යන විදිහට හැම කෙල්ලෙක්ම බලන්නේ හොද අත්තක එල්ලෙන්න. ඉතිං උබ ඒකිව දාල වෙන එකියක් ලගට ගිහින් උබට අර වගේ වැඩක් උනොත් එකී උබව අතාරිනවා මට සැහෙන්න සුඅර් . මොකද උබ දෙයක් එකෙක්ට කල නිසා. එදා උබට ලෙඩ අදක ඉදං කල්පනා කරනකොට හිටිහෙයි හැම දේම. ඒ වගේම උබට වැඩි කාලයක් ඉන්න බැරි වෙයි. උබේ එකම විසදුම විදිහට උබ සිය දිවි නසා ගැනීම කරයි.
හොදට හිතපන් කිව්වා දේ
Ube Kidney case eka dan hodatama hodai neda machan.
තොපි හොන්ඩර කරගහන් මොනවාද කරන්නේ අහනවා, අපි නිකන් අනුන්ට දුක් දීල පවු පුරවගන්නවා.උබේ කතාවේ හැටියට උබ ඒකිට ආදරේ නෑ. දැන් ඉතින් අනේ උයාගෙ ටනේ පොඩියි, අරක වකයි, මේක කලුයි කිය කිය ඒකිගේ අඩුපාඩූ කියල හිත නරක් නොකර, තොට වල්ල හැලෙන මාරාන්තික ලෙඩක් තියෙනවා, හෝමෝන් අවුල් වෙලා සයිඩ් එකෙන් කිබ්බක් එනවා වගේ ලයින් එකක් දාල අයින් වෙන්න බලපන්.
![]()

පොටො එකක් බලන්නේ නැතුව කියන්න බැ ඉතින් කැමති නම් නම්බර් එක දීපන් මම තේරුම් කරල දෙන්න බලන්නම්





Machan oya kella umba ekka yalu wenna kalin wena kollek ekka yalu wela hitiyada. Oya wagema seen ekak mage yaluwek kiwwa uge xgf gana.
ලස්සනනම් අවුලක් නෑ කියමුකො. ඒකිගෙ ලෙඩේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ බන්. කොදු ඇට පේලිය ඇද වීම දැනට 10° ඒක 40° වගේ පැන්නම නැගිට ගන්නවත් බැරි වෙනවාලු බන්.
මම උඹට කතාවක් කියන්නම්. මම අවුරුදු 15දී කෙල්ලක් එක්ක යාලු වෙන්න ඇහුවෙ. එයා එදාම බෑ කිව්ව. එත් මම උත්සහ කරන එක නැවැත්තුවේ නෑ, මොකද එයත් වෙන කෙනෙක් එක්ක යාලු උනේ නැති නිසා. a/l වලට මාස දෙකක් තියලත් අහපුවහම කිව්වේ බෑ කියල. මට මල පැනල මම එයාට කුණුහරපෙන් බැන්න හැමෝම ඉස්සරහ. ඒත් මට වචනයක්වත් නොකියපු එයා කලේ බිම බලාගෙන අඬපු එක. විබාගෙට දවස් දෙකකට කලින් එයා මාව හම්බ වෙලා විශ් කලා. මම සතේකට ගණන් ගත්තේ නෑ. විබාගේ ඉවර වෙලා සතියකට පස්සෙ එයාගේ යාළුවා මට ලියුමක් දුන්න. ඒක අදටත් මගේ ළඟ තියනව.
"එදා සිදුවීම අමතක කරලා දාන්න. ඔයා එක්ක මම තරහා නෑ. ඔයා මා ගැන නොදන්නා නිසා එහෙම කිව්ව බව මම දන්නවා. ඒ ගැන ඔයාට වරදක් කියන්නෙ නෑ. මේ විකාර වැඩ ඔක්කොම අමතක කරලා හොදින් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව. ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න.
මම ඔයාට කැමති වුනේ නැත්තෙ ඔයාගෙ අඩුපාඩුවක් දැකලා නෙමෙයි. පේනවට වඩා ගොඩාක් අඩුපාඩු මගේ ලග තියෙන නිසයි. මම සුවකල නොහැකි පිළිකා රෝගියෙක් කියලා දන්නෙ මගේ හොදම යාලුවා විතරයි. වැඩි ආයුෂ නැති මම වගේ කෙනෙක් වෙනුවෙන් ඔයාගෙ ලස්සන අනාගතය නාස්ති කරන්න බැරි නිසයි මම කැමති උනේ නැත්තෙ.
ඔයාලට කලින් මැරෙන බව දැන දැනත් මගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න හැකිතරම් ඉගෙන ගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ. ඒක හිතන තරම් ලේසි නෑ. සැරෙන් සැරේට මාව අසනීප වෙනවා. ඔයා එදා මට බැන්න වෙලේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මා ගැන ඇත්ත කථාව ඔයාට කිව්වෙ නැතිනං ඔයාගෙ වැරදි වැටහීම නැති වෙන්නෙ නැති බව දන්න නිසයි ගොඩාක් හිතලා මේ කෙටි ලිපිය ලිව්වේ."
මේක කියවල මට දැනුන දේ විස්තර කරන්න වචන නෑ මචං. ඒක නිසා මම කියන්නෙ ලෙඩක් නිසා කවදාවත් ඔය කෙල්ලව දාල යන්න එපා.

