මම රැවටුනු තැන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113

    true machan..!:(

    නෝටි බබා;21880198 said:

    :):)

    sira macho.....deyak dunnama unge wagakeema return dena eka......samahara eun maara dial inne...hithagantawath ba.....passe gihin illana eka digatama karantath ba...apita wena wada nadda...:oo::baffled:

    තියාගෙන නෑ කියන්නයි, මූන බලන් බෑ කියන්නයි බැරි කම නිසානෙ බන් මේ ඔක්කෝම. මම නම් පොඩ්ඩ පොඩ්ඩ පාඩම් ඉගෙන ගෙන බන් ඉන්නෙ. ඔය කිව්වට ඒ වෙලාවට අසරන වෙනවා බන්:baffled::baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපෝ ඔහොම එවුන් දැන් වැහි වහලා. ලොවෙත් නැති මර්සි දාන්නේ.
    කලින් මහරගම පැත්තේ ගෑනු කෙනෙක් හිටියා බෙහෙත් ගන්න කියලා සල්ලි ඉල්ලනවා බස් එකේ. පස්සේ කොන්දා ඇවිල්ලා බැනලා එලෙව්වා. එයා එහෙම සල්ලි එකතු කරලා හවසට හොදට බොනවලු. :baffled:
    උබ හොද වැඩක්නේ කරලා තියෙන්නේ මොනවා උනත්. :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා....
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ රටේ බලන බලන තෑන හිගන්නු, හොරු, මනුස්සයෙක්ට පාඩුවේ ජීවත් වෙන්න විදියක් නෑ.. වාහන හප්පන උන්, බොරුවට කකුල උඩින් ගියා කියලා සල්ලි ඉල්ලන උන්, පාලු පාරවල් වල පිහි පෙන්නලා සුද්ද කරන උන්, ගසාකන්න පුලුවන් හෑම විදියටම මිනිස්සු ගසාකන සූරාකන මුදලාලිලා, නොදන්න මනුස්සයෙක් ආවම අන්දලා දත ගලවන බිස්නස් කාරයෝ.

    ආන්ඩුවේ ලොකු එකාගෙ ඉදලා කන්තෝරුවේ පියන්ට වෙනකන්ම පගා ඩෑසිල්ල කොමිස් ගෑසිල්ල

    සුද්දෙක් සුද්දියෙක් දෑක්කොත් මුලුවන් තරම් උන්ව හූරගෙන කන්න බලන ජාතියක්, මොන ට්‍රෑවල් සයිට් එකේ බෑලුවත් පිලිකුල් වෙච්ච රටක්.

    ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.

    මමනම් ප්‍රාර්තනා කරන්නේ ආයේ ජීවිතේට මේ කාලකන්නි රටේ ඉපදෙන්න එපා කියලයි. ඕස්ට්‍රලියාවේ, නවසීලන්තේ, කෑනඩාවේ හෝ එන්ගලන්තේ ඉපදේවා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    දවසක් MC එක ඉස්සරහා අර පරණ බිල්ඩින් එක ගාවදි කොල්ලේ කතා කළා අතේ හෙල්මට් එකකුත් අරන්. එතන bike පෝලිමේ ගහල තිබ්බා. ඒ එකක් පෙන්නලා කිව්වා පර්ස් එක නැතිඋනා, පෙට්‍රල් ඉවරවෙලා රු150ක් වගේ තිබ්බොත් ඇති කිව්වා. වැඩ කරන තැනයි, ඉන්න දිහයි කිව්වා , දැන් මතක නෑ. මමත් ඉතින් කොල්ලෙක්නේ කියලා 200ක් දුන්නම මගේ විස්තර අහලා no ඒකත් ඉල්ලුවා ආයේ සල්ලි දෙන්නම් කියලා. මම කිව්වා ආයේ සල්ලි ඕනේ නෑ කියලා ගියා. මට ඌව හොදට නෝට් උනා මොකද ඒ පෙනුම තියෙන මගේ යාලුවෙක් ඉන්න නිසා.
    ඊට මාස ගානකට පස්සේ දවසක මම mc එක පැත්තෙන් යද්දී මුහුද පැත්තට යන පාර පැත්තේන් එකෙක් අවා. මෙන්න අරූමයි. එදත් හෙල්මට් එකක් අතේ, මූ අයියේ කියද්දිම මම මල්ලි, පර්ස් එක නැතිඋනා නේද? ගෙදර යන්න සල්ලි නෑ නේද කියල ඇහුවාම අරූ තක්බීර් වෙලා බලන් ඉදලා, නෑ අයියේ ඒ මම නෙවෙයි, වෙන කෙනෙක් වෙන්න ඇති, වෙන්න බෑ කිව්වා. මම ඉතින් ටිකක් ඇමතුවා. අන්තිමේ කොල්ලෙක් නේද? ලජ්ජා නැද්ද බන්? කියලා ඇහුවම බිම බලාගෙන ශේප් එකේ mc එක පැත්තට ගියා.
    උබලටත් ඌ හම්බෙයි සමහරවිට. office යන්න වගේ කිට් එකක් ගහපු ,ටිකක් මහත, සුදු, මුඩු රැවුල ටිකක් තියෙන එකෙක්.
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    දවසක් MC එක ඉස්සරහා අර පරණ බිල්ඩින් එක ගාවදි කොල්ලේ කතා කළා අතේ හෙල්මට් එකකුත් අරන්. එතන bike පෝලිමේ ගහල තිබ්බා. ඒ එකක් පෙන්නලා කිව්වා පර්ස් එක නැතිඋනා, පෙට්‍රල් ඉවරවෙලා රු150ක් වගේ තිබ්බොත් ඇති කිව්වා. වැඩ කරන තැනයි, ඉන්න දිහයි කිව්වා , දැන් මතක නෑ. මමත් ඉතින් කොල්ලෙක්නේ කියලා 200ක් දුන්නම මගේ විස්තර අහලා no ඒකත් ඉල්ලුවා ආයේ සල්ලි දෙන්නම් කියලා. මම කිව්වා ආයේ සල්ලි ඕනේ නෑ කියලා ගියා. මට ඌව හොදට නෝට් උනා මොකද ඒ පෙනුම තියෙන මගේ යාලුවෙක් ඉන්න නිසා.
    ඊට මාස ගානකට පස්සේ දවසක මම mc එක පැත්තෙන් යද්දී මුහුද පැත්තට යන පාර පැත්තේන් එකෙක් අවා. මෙන්න අරූමයි. එදත් හෙල්මට් එකක් අතේ, මූ අයියේ කියද්දිම මම මල්ලි, පර්ස් එක නැතිඋනා නේද? ගෙදර යන්න සල්ලි නෑ නේද කියල ඇහුවාම අරූ තක්බීර් වෙලා බලන් ඉදලා, නෑ අයියේ ඒ මම නෙවෙයි, වෙන කෙනෙක් වෙන්න ඇති, වෙන්න බෑ කිව්වා. මම ඉතින් ටිකක් ඇමතුවා. අන්තිමේ කොල්ලෙක් නේද? ලජ්ජා නැද්ද බන්? කියලා ඇහුවම බිම බලාගෙන ශේප් එකේ mc එක පැත්තට ගියා.
    උබලටත් ඌ හම්බෙයි සමහරවිට. office යන්න වගේ කිට් එකක් ගහපු ,ටිකක් මහත, සුදු, මුඩු රැවුල ටිකක් තියෙන එකෙක්.

    Sadun buwada dannaa sirikotha yanagaman:dull:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    :):)

    තියාගෙන නෑ කියන්නයි, මූන බලන් බෑ කියන්නයි බැරි කම නිසානෙ බන් මේ ඔක්කෝම. මම නම් පොඩ්ඩ පොඩ්ඩ පාඩම් ඉගෙන ගෙන බන් ඉන්නෙ. ඔය කිව්වට ඒ වෙලාවට අසරන වෙනවා බන්:baffled::baffled:


    :):):)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    oka eththa ban matath ohoma un hamba vela thiyenava mamanam dunne ne..
    ohama un hinda ape ekek hadisiyata eththatama karadareka vetuna velavakavath kavuruvath udavvata enne ne...
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අපොයි.. මටත් ඕවා නම් ගොඩක් වෙලා තියෙනවා..
    01. දවසක් ගංගාරාමේ කිට්ටුව මන් කෑම එකක් ගන්න යද්දි එකෙක් ඇවිත් ඌට වකුගඩු අමාරුවෙයි අරකෙයි මේකෙයි කියලා කතා කර කර මගේ පස්සෙන්ම ඇවිත් කෑම එකක් අරන් දෙන්න කිව්වා.. කෑම එකක් නේ පව් නේ කියල හිතල මන් ඉතින් කෑම බට්ටෙක් ලගට මූ එක්ක ගියා.. මූ ගිය ගමන් රු300ක විතර කෑම එකක් බදලා ගත්තා.. මට සීන් එක තෙරිලා මන් මූට ඔහොම ඉන්න මන් අරන් දෙන්නම් කියලා රු 70ක කෑම එකක් අරන් දුන්නා.. ඌ මල පැනල වගේ ඒකත් අරන් මූනවත් බැලුවෙ නැතුව මාරු උනා.. පස්සේ කඩේ එකා කිව්වා මල්ලී උබ එහෙම කරපු එක හොදයි.. ඌ ඔය කෑම එක ගෙනිහින් වෙන තැනකට විකුනනවා කියලා..

    02. තව දවසක් ටවුන් හෝල් කිට්ටුව අන්කල් කෙනෙක් උදේ පන්දර වැඩට යද්දි ඇවිත් හොස්පිටල් එකේ ඉදලා එනගමන්ය මෙහෙන් රාගමට යන්න කිව්වා කියලා මගෙන් රාගමට පයිමන් යන්නේ කොහොමද කියලා පාර ඇහුවා.. මන් කිව්වා පයින් යන්න නම් බෑ දුරයි බස් එකේ යන්න ඕනි කියලා.. ඊට පස්සේ, කාත් කව්රුවත් නෑ.. අතේ සල්ලිත් නෑ කියලා කිව්වා.. සුදු ඇදුමක් ඇදගෙන අතේ ප්ලාස්ටර් එකකුත් ගහගෙන තමයි එයා උන්නේ.. මන් ඉතින් රු.100ක් අතට දිලා බස් එක ගන්න පුලුවන් තැනට එක්කගෙනත් ගිහින් මට පරක්කු වෙන නිසා මන් අවා.. මන් ටිකක් දුර ඇවිත් හැරිලා බලද්දි මිනිහා අයෙම මට හමුවුනු පැත්තට යනවා දැක්කා.. පස්සේ මගේ යලුවෙක්ගෙනුත් ඔය විදියටම ඒ අන්කල් සල්ලි අරන් තිබ්බා..

    03.තව දවසක් රාජගිරියෙදි කොල්ලෙක් හොදට කිටක් එහෙම දාගෙන ඇවිත් මාත් එක්ක කතා කරලා කිව්වා මචන් මන් පර්ස් එක ගෙදර දාලා ඇවිල්ල බන් නුගේගොඩට ගිහින් වැඩට යන්න තියෙන්නේ පුලුවන් නම් රු100ක් දීපන් මන් හවසට අනිවා ගෙනත් දෙන්නම් කියලා.. කොල්ලෙක්නේ කියලා හිතලා ඌටත් දුන්නා.. මන් කෝකටත් කියලා බලන් උන්නා ටිකක් උගේ දිහා.. ඒ පොඩ්ඩට ඌ 3න් දෙනෙක්ගෙන් විතර සල්ලි ඉල්ලනව මන් දැක්කා..

    ඉතින් කොහොමද බන් කෙනෙක්ට උදව්වක් කරන්නේ හිත හොදින්.. මුන් ඔක්කොම හොරු :no::frown:
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    meaka nam matath set una... raa 10ta witara dehiwaladi
    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    Eka parak bus eke yaddi awurudu 10 withara podi kollekuyi ganu kenekuyi bas ekata nagga.kata kapala senaga.tika durak yaddi e amma kiyanawa podi ekkenata wamane wage ayina denna puluwanda kiyala.mamath mage latapata tika ehe mehe karala podi ukula udin thiyagena awa.ayi tikakin podi ekage amma kiyanawa wamane age dayida danne na malli mata shit eka denawada kiyala.man dunna.mokada wamane nanna bari nisa me ra.mwnna e podi ekata kisi wamanayak na yasa ageta awa.passe hirapu ganu kenek kiwwa hama sikuradama oya gollo yanne me bus eke.mokak hari boruwak kiyala shit ekak aragannawa kiyala .
     
    මං දවසක් බස් එකේ සීට් එක දුන්නා ගෑනු මනුස්සයෙකුට ඉස්පිරිතාලෙ යනවා කියපු හින්දා. ඒ ගෑණි සීට් එක වෙන ගෑනියෙකුට දීලා මගින් බැහැලා ගියා කියපි.