මම_ඡන්දෙ_දැම්ම_බොලව්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    math JVP ekata dala awa :)
    Anura Kumara nisai damme
    We+All+Salute+You!.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් චන්දේ බලේ ලැබිලා අවුරුදු 7 ක් වෙන්නත් ලඟයි. ඒත් ජනාදිපතිවරනෙට ෆොන්සේකට ගැහුවම ඒකෙන් උන්දෑ පැරදුණු අප්සෙට් එකට ( හොර කරලා පරද්දපු අප්සෙට් එකට) එදායින් පස්සේ කවදාවත් දුන්නේ නෑ මොකෙක්ටවත් ආයේ කාටවත් දෙන්නෙත් නෑ කියලා හිතුවා. ඒත් මෙච්චර කාලෙකට හදාගෙන උන්නු හිත වෙනස් කරගෙන මමත් උදෙන්ම ගිහින් JVP එකට ගහලා ආවා. මම ඉපදිලා තියෙන්නේ JVP කලබල අස්සේ. මුලු ඉස්පිරිතාලෙම ප්‍රසූතිකාගාරය විතරක් විවෘතව තිබ්බ අඳුරු යුගයක. ඒත් අතීතයේ මොන වැරදි තිබ්බත් ඊඩිඅමින් වගේ නායකයෙක්ව මෙල්ල කරන්ට පුලුවන් ශක්තිමත් විපක්ෂයක් හදන වැඩපිලිවෙලට මමත් එකතු උනා. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාලෙකට ගිහින් කුරු‍ටු ගාලා ජන්ද කෝලේ විනාස කරලා අවලංගු කරලා ආපු අම්මගෙයි, අක්කගෙයි චන්දෙත් JVP එකට දාන්න කටයුතු කෙරෙව්වා. සමහර විට JVP එකට දෙවනි තැන වත් නොලැබේවි. ඒත් බහුතරයක් යන වැරදි මාර්ගෙන් අයින් වෙලා හරි දේ කලා කියලා තව අවුරුදු 5ක් යනකන් මගේ හිතේ සතුටක් තියේවි.තව කාලයක් බලලා මම රට අත ඇරලා යන්ට ඉඩ තියෙනවා මට මේ රට ගැන එච්චරටම කළකිරීමක් තියෙන්නේ.කර්ම විපාක පල දෙන්ට පරක්කු වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ එනවා ගොඩක් වෙලාවට මහ උන් රට කන විදිහ දැක්කම.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    math JVP damma palaweni wathawata :yes:

    boru kiyanna one nahane wena aya gana nam danne na JVP eke habai Anura Kumara niyama wadaka athi minihek kiyala theruna nisa JVP ekata chande damma. :)

    JVP dinna natha kamak na aduma tharame niyama wipakshayak hadenawa nam :):)
    11.gif
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හරි වෙලාව 4 යි ඡන්දේ දාන්න ගියේ නැති එවුන් දැන් එහෙම යන්න එපා දැන් ඡන්ද පොල රාඡකාරි අවසානයි :Pබලමු මේ ඡන්ද ප්‍රතිපලෙන් වත් ආන්ඩුවට තියෙන ඡනතා විරෝධය පොඩ්ඩක් හරි දැනේවිද කියලා :yes:

    උදේ පාන්දර ගිහින් ඡන්දේ දානවට වඩා පොඩි ලල් එකක් තියෙනවා අන්තිම විනාඩියේ ගිහින් දැම්මම.:P:P ඔන්න එහෙනම් රට වෙනුවෙන් මමත් යුතුකම් ඉෂ්ට කළා.:):) සුවර්නැත්තේ ආණ්ඩුවෙන් හොර ඡන්ද කීයක් දායිද කියල තමා.:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව කාලයක් බලලා මම රට අත ඇරලා යන්ට ඉඩ තියෙනවා මට මේ රට ගැන එච්චරටම කළකිරීමක් තියෙන්නේ.
    කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????

    කොහෙ හදන්ටද කිඹුලෝ රටේ ඉන්නේ බහුතරයකගේ බ්‍රේන් වොශ් කරන්ට ඕනේ හදන්ට නම්. ඉගෙන ගත්තු කතාව ඇත්ත නිදහස් අධ්‍යයාපනෙන්. ඒත් ඉන්ට බැරිනම්, හදන්ටත් බැරිනම් වෙන මොනවා කරන්නද.බැත් පැකට් එකට, රුපියල් 500 ට චන්දේ දාන ගොන්නු ඉන්නේ රටේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????

    Ey erozan, amilaxp wage aya inne.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහෙ හදන්ටද කිඹුලෝ රටේ ඉන්නේ බහුතරයකගේ බ්‍රේන් වොශ් කරන්ට ඕනේ හදන්ට නම්. ඉගෙන ගත්තු කතාව ඇත්ත නිදහස් අධ්‍යයාපනෙන්. ඒත් ඉන්ට බැරිනම්, හදන්ටත් බැරිනම් වෙන මොනවා කරන්නද.බැත් පැකට් එකට, රුපියල් 500 ට චන්දේ දාන ගොන්නු ඉන්නේ රටේ.

    මම නං ගියත් ආයෙ මෙහෙටම එනවා. මගෙ රටට පුළුවන් තරම් මගෙ දායකත්වය දෙනවා. මේ උඹ කියන ලංකාවෙ ඔය බත් පැකට් එකට රුපියල් 500ට ඡන්දෙ දෙන ගොන්නුයි මේ රට කලකිරිලා අතෑරලා යන ඊට පස්සෙ මේ රට දිහා හැරිලාවත් නොබලන උනුයි අතරෙ කිසිම වෙනසක් නෑ මචෝ.

    මොකද ඔය බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි ඡන්දෙ දෙන්නේ දුප්පත්කම නිසා වගේම කලකිරීම නිසා. මොකාට දුන්නත් වැඩක් නෑ ඒක නිසා වැඩි වාසි පැත්තට දීල එදා වේල කන මානසිකත්වය තියෙන්නෙ.

    එතකොට උගත්කමයි මුදලුයි තියෙන මේ රට කලකිරිලා අතෑරලා යන ඊට පස්සෙ මේ රට දිහා හැරිලාවත් නොබලන උන්ගේ තියෙන්නෙත් මොකාට දුන්නත් වැඩක් නෑ ඒක නිසා රට දාල යන මානසිකත්වය තියෙන්නෙ...

    දැන් වෙනස මොකද්ද දෙගොල්ලොම බලන්නෙ තමන්ගෙ සුඛ විහරණය.

    ඒ අතරේ වීරයෝ ඉන්නවා තමන්ගෙ අනාගත පරපුර වෙනුවෙන් දිවි දෙන්න උනත් පුළුවන්.
    මේ උදාහරණ.....

    ඉතින් මචං රටේ බහුතරයක් ඔය කොල්ලගේ තත්වෙට පත් වෙනවනං..... මම කියන්නෙ මැරෙන්න ඉස්සරහට වරෙන් කියල නෙමේ. උඹට මම කියන එක තේරෙනව ඇති......

    මේ රට ගොඩ එන නවත්තන්න ඔය එක සුදු හැම පොරෝගත්ත හිවල් මොටයියෙකුටවත් බෑ මචෝ....

    අපි උගත්කම අරගෙන සල්ලි හොයමු රට ගොඩ ගන්න එතකොට ඒ අතරේ අර වගේ වීරයෝ හැම දාම කුනුගොඩකින් හරි බිහි වෙයි. අඩුව තියෙන්නෙ බහුතරයක් උගත්තු, සල්ලිකාරයො රට ගැන නොහිතන එක.....

    හැමදේම තිබ්බත් මේ රට ගොඩ ගියොත් හරි පාරෙන් මේ රට තරම් උතුම් රටක් අදටත් හෙටටත් මේ ලෝකෙ කොහෙවත් නෑ. අපේ සංස්කෘතිය, සහජීවනය (ආගම් මරවල කොටවල සල්ලි හොයන බයියල නැති උන දාකට) ස්වභාව ධර්මය, සමබරතාවය තියෙන කන් මේ රට අති උතුම්... අපි තමයි සුපිරි කියල කියාගන්න නෙමේ. ඒත් අපිට තමයි ඉදිමෙන්නෙ නැතුව වාසනාවන්ත විදියට ජීවත් වෙන්න පුළුවන්. :)

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    එහෙනම් බන් එකෙට්ටවත් චන්දෙ දෙන්න වෙන්නෙ නෑ,
    මොකද උනුත් රට කෑවට පස්සේ අපෙ ලමය් කියය්,
    අපෙ මහ එවුන් කරපු ගොන් වැඩෙ ආයෙ අපි කරන්නෑ කියල! :lol: