sunco eka hodai da man LDNIO ekak order krnna haduwe sunco ganne nathuwa
Sunco නම් මෙලෝ රහක් නෑ බන්.අර මම කිව්ව පරණ එක්ස්ටෙන්ෂන් කෝඩ් ඔක්කොම සන්කෝ තමයි.ප්ලග් ටොප් සෙට් වෙන ප්ලේට් ඔක්කොම වගේ මලකඩ කනවා.නැමිලම යනවා කාලයක් පාවිච්චි කරද්දි.ලූස් කනෙක්ෂන්,ගිනි ගන්නත් බැරි නෑ..අපේ ගෙදර තියෙන කෝඩ් 2ක්ම උණු වෙලා
EU,US වගේ ප්ලග් ටොප් තියෙන චාර්ජර් ,ඩිවයිස් තියෙන නිසා ඉතින් පරණ සන්කෝ එක්ස්ටෙන්ෂන් එක තියාගෙන ඉන්නවා. කෙවිල්ටන්,ඔරේන්ජ් ඔක්කොම දැන් UK ප්ලග් බේස් විතරයි නේ එන්නේ.
ඔරේන්ජ් එකෙන් ගත්තා එක්ස්ටෙන්ෂන් ටිකක්.අරන් මේ ජාතියේ ඇඩැප්ටර් තුනක් ගත්තා.එකක් ගෙදර දානෙකට උයන්න ආපු එකෙන් උගේ පොල් ගාන මැෂිමත් එක්ක ගලවගෙන ගිහින්.එකක් කාලයක් පාවිච්චි කලා ඊට පස්සේ වැඩ නැතුව ගියා.අනික නම් තාම වැඩ.මන් හිතන්නේ නිතරම ප්ලග් කරන්න ගියාම තමයි කෙල වෙනවා ඇත්තේ.
පස්සේ LDNIO එකේ මේ UK ඇඩැප්ටර් ටිකක් ගන්න අයිඩියා තිබ්බා.එකකට දෙදාහකට කිට්ටුවෙන්න වියදම් කරල අර කලින් ගත්තු ඇඩැප්ටර් වගේ වැඩ නොකර ගියොත් අපරාදේ හැබැයි.
ඊට වඩා හොඳයි කියලා හිතෙනවා මේ Universal ප්ලග් බේස් දෙක තුනක් අරන් sunk box වලට සෙට් කරලා කෝඩ් එකක් හදාගන්න එක. හැබැයි ඉතින් මේවායේ ප්ලේට් වල කොලිටිය නම් කොහොමද දන්නේ නෑ.