>>මොක්කුද

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ආපදාවක් උනාම රටේ ඉන්න මිනිස්සු එකතු වෙලා උදව් කරනවා. PET scan එකක් නෑ කිවම මිනිස්සු සල්ලි එකතු කරලා දෙනවා. ආපදා කළමනාකරණ, අර කළමනාකරණ කියලා ඇමතිලා, ආමාත්‍යංශ තියෙනවා. එකෙක් දන්නේ නෑ හරිහමන් විදිමත් විදිහක් මේවට මුහුණ දෙන්න. 8 පාස් නැති උන් ප්‍රිතිපාදන සම්පාදනය කරන්න කියලා යවලා තව අපේ උන් හුරේ දානවා. රටේ මහා ව්‍යසනයක් වෙන වෙලාවක, අහිංසක මිනිස්සු කරවටක් වතුරේ ගිලිලා ඉද්දි මුන් 7 series ගෙන්න සල්ලි පාස් කරගන්නවා. මොන මිනිස්සුද බන් මුන් :angry:

    වෙලාවට ලෝකේ කොහෙවත් නැති තරමට හිත හොද මිනිස්සු ටිකක් ඉතුරු වෙලා ඉන්නවා. ඕකුන්ට බැන බැන ඉන්නේ නැතිව තමන්ට කරන්න පුළුවන් දේ කරන එක තමයි වැදගත්. හැබැයි boat එකක ඇවිත් කෙසෙල් ගෙඩියක් දික් කරද්දී පොඩ්ඩක් මතක තියන් හිටපන් :(
     

    Attachments

    • aapada.jpg
      aapada.jpg
      73.2 KB · Views: 29
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කතාව නම් ඇත්ත. හැබැයි ඔය කියන ඇමතිලා එන්ගලන්තේ උන් නෙමෙයිනේ බන්. ඒ වගේම උබ කිව්ව හොද මිනිස්සුත් චීන්නු නෙමෙයිනේ. දෙගොල්ලොම ලන්කාවෙ මිනිස්සු. අමතක කරන්න එපා, අතේ පිච්චිය නැතුව ආන්ඩුවේ ඉස්පිරිතාලේ මැරිලා ගිය දේශපාලකයොත් මේ රටේ ඉන්නවා. ඒ වගේම සුනාමියෙදි මාලේ කඩලා ගැනි වතුරට විසි කරපු උනුත් ඉන්නවා. සමාජේක සර්ව සම්පූර්න මිනිස්සු නැ බන්. ඒ වගේම ලන්කාවේ විතරයි ලොකේ වෙන කොහෙවත් නැ මේ වගේ පින් කරන දාන දෙන මිනිස්සු කියලාවත්, ලන්කාවේ විතරයි ලොකේ වෙන කොහෙවත් නැ මේ වගේ කුපාඩි මිනිස්සු කියලවත් කියන්න බැ. ලොකේ ඔනැම රටක ය දෙවිදියෙම මිනිස්සු ඉන්නවා