හදුනාගමු එහෙනම් බහලුම් ගබඩාවක් එහෙම නැත්නම් Container Depot / Yard එකක් කියන්නේ මොකක්ද කියලා සරලම විදියට.
බහලුමක් කියන්නේ මොකක්ද කියන එක ගැන කලින් දවසක කතාකරපු නිසා මම ඒ ගැන මෙතන සදහන් කරන්නේ නැතුව ඉන්නම්.
නැව් කර්මාන්තය ගෝලීය වෙළඳාමේ කොඳු නාරටිය වන අතරම සමුද්‍ර කර්මාන්තය ලෝකයේ භාණ්ඩ හුවමාරුවෙන් 80% ක් පාලනය කරයි. බහලුම් ගබඩාවක් කියන්නේ ජාත්‍යන්තර වෙළදාමේ නැව්ගත කිරීමේ ව්‍යාපාරයේ අපිට අහන්න ලැබෙන ප්‍රදානම වචනයක්.
ඉතින් සරලවම සදහන් කරොත් නාවික ප්‍රවාහනය සදහා යොදාගන්න වෙළද බහලුම් තාවකාලිකව ගබඩා කර තබාගන්නා ස්ථානය තමයි අපි බහලුම් ගබඩාවක් එහෙම නැත්නම් Container Depot / Yard එකක් කියලා හදුන්වන්නේ. තවද අපනයන භාණ්ඩ පටවා නිමකළ බහලුම් යාත්‍රාව වෙත පටවන තාක් සහ ආනයන භාණ්ඩ පටවා නිමකළ බහලුම් නිෂ්කාශනය කරගන්නා තෙක් තාවකාලිකව ගබඩා කරගැනීමත් මෙම බහලුම් ගබඩා වල තවත් එක කාර්යක් වනවා.
බහාලුමක් කිසිම විටෙක භාරකරු (consignee) කෙනෙක්ට සම්පුර්ණයෙන් අයිති දෙයක් නෙමේ. බහලුමක් කියන්නේ තාවකාලිකව යම් භාණ්ඩ හුවමාරුවක් සදහා / නිත්‍යානුකුලව එක් ගමන්වරයක් සදහා පවරන ලද දෙයක් පමණයි. යාත්‍රාවකින් බහලුමක් බාගත් පසු අදාළ බහලුම භාරකරු (consignee) වරාය පරිශ්‍රයෙන් බහලුම නිෂ්කාශනය කරගැනීමෙන් පසුව තමන්ට රිසි ස්ථානයට රැගෙන විත් භාණ්ඩ ඉවතට ගනු ලබනවා. ඉක්බිති හිස් බහලුම නැවත නම්කරන ලද බහලුම් ගබඩාවට ඔහු විසින් රැගෙන ගොස් බාරදෙනු ලබනවා.
අනිත් අතින් shipper කෙනෙක් ආනයනය කරනු ලබන භාණ්ඩ පැටවීම සදහා හිස් බහාලුමක් බහලුම් ගබඩාවට ගොස් රැගෙන විත් භාණ්ඩ පැටවීම සිදුකරන්න ඕන.
බහාලුම් ගබඩාව පිහිටා ඇත්තේ කොහේද?
සාමාන්‍යයෙන්, බහලුම් ගබඩාවක් එහෙම නැත්නම් Container Depot වරායක් හෝ පර්යන්තයක් තුළ පිහිට තියෙන්නේ පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ බහුතරය වගේ වරායට ආශ්රිත දුරකින් ගොඩබිමේ පිහිටන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවේ බහලුම් ගබඩා එහෙම නැත්නම් Container Depot බහුතරය පිහිටා තිබෙන්නේ වරායට ආශ්රිත දුරකින්.
කට්ටිය කොලබ ඉදන් මිගමු පාරේ යද්දී දැකලා ඇතිනේ ඔය Ace Cargo / Logistics International / Colombo Logistics / McLARENS CONTAINERS වගේ බෝර්ඩ් ගහපු තැන එහෙම. බහාලුම් ගබඩාවක් පර්යන්තවලට සහ වරායන් වල සමීප වන විට, එය ස්ථාන අතර බහාලුම් ඉක්මනින් හා වෙහෙසකින් තොරව හුවමාරුව පහසුවෙනවා.
අපේ රටේ නැති වුනාට ටිකක් ලොකු රටවල් වල තියෙනවා Inland Container Depot (ICD) කියලා ජාතියකුත්.
හිතන්නකෝ භාරකරු (consignee) ගේ ෆැක්ටරිය තියෙන්නේ නුවරඑලිය කියලා. ඉතින් එයා හිස් බහලුම බාරදෙන්න ආයේ කොලබ එන්න ඕන නේද? තව shipper කෙනෙක් ඉන්නවා කියන්නකෝ හැටන් වල. බඩු පටවන්න හිස් බහාලුමක් අරන් යන්න කොලබ එන්න ඕන නේද? ඉතින් මෙන්න මේ පිරිවැය අඩුකරගන්න අපි බහලුම් ගබඩාවක් පිහිටවනවා තලවකැලේ නගරයේ. එතකොට භාරකරු (consignee) හිස් බහලුම එතනට දෙනවා. shipper ඒ බහලුම පස්සේ දවසක එතනින් ගන්නවා. අන්න ඒ වගේ රට මැද්දේ එහෙම නැත්නම් කලාපයක පිහිටා ඇති බහලුම් ගබඩාව වලට කියන්නේ Inland Container Depot (ICD) කියලා. දුමිරිය බහලුම් වරායන් වෙත රැගෙන එන්නේ ඉන්දියාවෙන් බහුලවම මේ ක්‍රමයට.
බහාලුම් ගබඩාවල අයිතිය තියෙන්නේ කාටද?
බහාලුම් ගබඩා රාජ්‍ය, පුද්ගලික හෝ පුද්ගලික-රාජ්‍ය යන දෙකටම අයිතිවෙන්න පුළුවන්. පුද්ගලික සමාගම් විදියට නැව් සමාගම් / දුම්රිය සමාගම් වගේ අය බහාලුම් ගබඩා මෙහයවීම් සිදුකරනු ලබනවා. ආසියාව ගත් විට ඉන්දියාව සහ චීනය තුල බහාලුම් ගබඩා බොහෝ දුරට රජය සතුය.
බහාලුම් ගබඩාවේ කාර්යයන්
හිස් බහලුම් සහ පිරුන බහලුම් තාවකාලිකව ගබඩා කරගන්න සේවයෙන් පිට, පහත සදහා ප්‍රදාන සේවයන් සදහාද මෙම බහාලුම් ගබඩා යොදාගනු ලබනවා.
ගුදම් භාණ්ඩ එක්ලස්කිරිම ( Freight consolidation )
මෙහිදී සිදුවන්නේ ගුදම් ඒකාබද්ධ කිරීමයි. කුඩා කුඩා ප්‍රමාණයෙන් පැමිණෙන භාණ්ඩ එක් ගමනාන්තයක් වෙත තනි බහාලුමක් ලෙස සකස් කිරීම සිදුකරනවා වගේම පටවන ලද බහාලුම් තිබේ නම් අවශ්‍ය පරිදි බහලුමෙන් නිදහස් කොට ඒවා ගලවා බෙදා හරිනු ලබනවා.
බහලුම් සේදීම සහ අලුත්වැඩියා කිරීම
රේගු නිෂ්කාශනයෙන් පසු සහ හිස් බහලුම ලැබීමෙන් පසු හෝ නිකුත් කිරීමට පෙර කන්ටේනරය පරීක්ෂා කිරීම / හානියට පත් ඒවා අලුත්වැඩියා කිරීම, හොඳින් පිරිසිදු කිරීම මෙහිදී සිදුකරනු ලබනවා.
ශීතකළ බහලුම් සදහා විදුලිය ලබාදීම
බහාලුම් සදහා තාවකාලික ශීත පහසුමක් සැපයීමත් මෙහිදී සිදුකරනු ලබනවා. එය පලතුරු, එළවළු, බීම වැනි උෂ්ණත්ව සංවේදී භාණ්ඩ සහිත බහාලුම් සඳහා ශීත කළ ප්‍රදේශ කොටසක් සපයනු ලබනවා
ඉතින් ඉහත සදහන් කරපු වැඩටික කරන්න මිනිස් බලය වගේම යන්ත්‍ර සුත්‍ර යොදාගන්න වෙනවා.
පහලින් තියෙනවා බහලුම් ගබඩාවක ( වරායන් සහ පර්යන්ත තුලට පිහිටා නොමැති ) වැඩිපුර දකින්න පුළුවන් යන්ත්‍ර සුත්‍ර කිහිපයක්.
Forklift
Reach Stacker
Straddle Carrier
කෙටි සටහන : Walter White
චායාරුප : අන්තර්ජාලය තුලින් උපුටාගන්නා ලදී