විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    1 බල්බ් එකේ ඇලුමිනියම් කවරේ.
    2 බල්බ් ටික
    3 සර්කිට් එක

    මචං මේ බල්බ් එක එන්නේ ඇලුමිනියම් කවරෙත් එක්කද ?
    1w led bulb කියලා ඉල්ලුවොත් හරිද ( දන්නෙ නැතුව ඉල්ලලා චා වෙන්න බෑ මචං ඒකයි)
    සර්කිට් එක ඉල්ලන්න මොකක් හරී number එකක් තියෙනවද ?
    එතකොට අර heat sink compound එක කොහොමද ගන්නේ ?

    මතක ඇතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් ගන්න.
    මේක කොහොමද තෝර ගන්නේ ?


    pls help machan.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    තව එකක් CFL ගොඩක්ම යන්නේ අපේ අයගේ නොදැනුවත් කම හින්දා. අඩු වෝල්ටීයතාවයක් ඇති අවස්ථාවල (ඩිම් වෙලාවට) පාවිච්චි කිරීම සහ නිතරම On/off කරද්දිත් bulb එක දැවී යාමේ සම්බාවිතාව වැඩි වෙනවා. ගොඩක්ම එහෙම තැනක් නම් වැඩිය පාවිච්චි වෙන්නේ නැති එතනට සුත්‍රිකා පහනක් දැම්මට අව්ලක් නෑ. අනිත් ගොඩක් අය මධ්‍යම පාන්තිකයි නේ. මුලු පඩියටම හැට හුටහමාරක් CFL/LED බල්බ් ගෙනල්ලා පඩියට කෙලව ගන්න ඕනේ නෑ. අවශ්‍ය තැන් වලට විතරක් CFL දාන්න මාසෙට පැයක් දෙකක් වත් දැමෙන්නේ නැති තැන් වලට සූත්‍රිකා පහන් දාන්න ගොඩක් සල්ලි ඉතුරු වෙයි එතකොට

     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මචං හැබැයි LED ලයිට්වල සර්කිට් එක හරිම සරලයි නේද ? ඒක නිසා කොස්ට් එක අඩු නැද්ද ?

    ඔව් මචං ඒ වුනාට හොද parts දාන්න ඕනේ. convert එකේදී තමයි ලොකු කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙන්නේ. ඒත් සමහර China LED වල තියෙන Circuit කොච්චර සරලයිද කියලා ගලවල බැලුවොත් හිතාගන්න පුලුවන්. දැන් නම් LED Bulb වල (Branded) ගනන් අඩු වීගෙන එනවා. මේ ලගදී අාව 60w සමාන Philips LED එකක් $10 වගේ වෙයි මං හිතන්නේ. ඒවගේ එකක් අවුලක් නෑ.

    http://www.ebay.com/itm/10-x-PHILIP...900612?hash=item4d3a700104:g:SOkAAOSw5VFWL7fK
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    හොද ලිපියක් අයියේ:)...මත් දෙකක් විතර හදා ගන්න කියලා ඉන්නේ,කොටුවේ කඩ අස්සේ රින්ගන්ඩ කම්මැලි නිසා හිටියේ:dull:, ට්‍රියි එකක් දාලා බලන්න ඕන:):).....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Branded බල්බ් පට්ට ගනන් උනාට ඔය කියන ඇත්ත 7w ම යන්නේ ආසන්න වශයෙන් හරි ඒවායේ. අපි Assemble කරත් හොදම බඩු දාලා ඒ ලගින් ගානක් යනවා. සල්ලි තියෙන එකෙක් Philips වගේ දැම්මට අව්ලක් නෑ Pocket එකට වඩා රට ගැන හිතන්න පුලුවන් එකෙක්. නැත්නම් LED Bulb දාන එක තාමත් පාඩුයි. CFL වල පරිසරයට හානියක් වෙන්නේ නැ අපි හරි විදියට ඒක dispose කරොත්. එහෙම හරි හමන් ක්‍රමයක් ලංකාවේ නැති එකයි අවුල. ලාබෙට තියෙන CFL ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ ඔය ගහලා තියෙන ගානට වඩා ඒවයේ වැය වෙනවා. LED වල Power unit එකෙන් තමයි කාර්යක්ෂමතාවය එන්නේ. LED එකක් Assemble කරනවා නම් අනිවා හොද එකක් දාන්න ඕනේ. එහෙම එකක් ගනන්. නැත්නම් හිටු කියලා කරන්ට් එක පිච්චෙනවා වගේම කාර්යක්ෂමතාවය CFL ගානම තමයි එ‍තකොට. පිටකොටුවේ බඩු දාලා හදනවා නම් හොදම එකෙන් ගන්න වෙනවා එතකොට හොද ගානක් සෙට් වෙයි අනිත් එක මම හිතන්නේ නෑ හොද Power unit එහෙම ඇති කියලා පිටකොටුවේ. මම නම් හිතන්නේ LED තාම දියුනු වෙන්න ඕනේ මොකද CFL ආවෙත් අස්ප ගනන් වලට පස්සේ දියුනු වෙලා මිලත් අඩු උනා. ඉතින් LED දාලා විදුලි බිලේ තවම ලොකු ඉතිරියක් කරගන්න බෑ මොකද LED bulb වලට ලොකු වියදමක් යන නිසා. දැනට 4-5 star හෝ අවම 3 star CFL පාවිච්චි කරාට අව්ලක් නෑ
    මේක මගේ අදහසක් විතරයි

    Anyway thanks for sharing machan

    මචං උඹ ඔය කතා කරන්නේ ප්‍රායෝගිකව LED පාවිච්චි කරලාද කියල මට සැකයි. අපේ ගෙදර ඔක්කොම ලයිට් වලට එල්ඊඩී දාන්න කලින් පාවිච්චි කරේ ඔරේන්ජ් සීඑෆ්එල්. කීපයක්ම වොරන්ටී පීරියඩ් එකේ මාරු කලා. සෑහෙන්න ඒවා වොරන්ටි පිරියඩ් එකෙන් පස්සේ සව්ත්තු වුනා. මම ඔක්කොම බල්බ් වෙනුවට LED දැම්මට පස්සේ සෑහෙන්න යුනිට් ගානක් ඉතුරු වුනා. ඉස්සර යුනිට් 120 ක් විතර යන අපේ ගෙදර එල්ඊඩී දාපු මාසේ ඉදලා යුනිට් 90 ට වඩා අඩු වුනා. මම මේකේ කිව්වෙ නෑ තඩි ඒසී කැපැසිටර් අරගෙන බල්බ් හදන්න කියලා. මම කිව්වේ කඩේ ගන්න තියන ඩ්‍රයිව් සර්කිට් එක දාලා 1 w LED වලින් බල්බ් එක හදන්න කියලා. ඒ ඩ්‍රයිව් සර්කිට් ගොඩක් ඒවා හොද ප්‍රමිතියට හදපුවා. ඕනි අයට මම බඩු ගත්තු කඩේ පවා කිව්වා.
    මම සහතික වෙනවා හොදම බ්‍රෑන්ඩඩ් CFL වලට වඩා අපි ඇසෙම්බල් කර ගන්න මම කියපු විදිහේ බල්බ් එකකින් විදුලිය ඉතිරි වෙනවා කියලා. එලකිරියේ එව්න්ට මට බොරු කියන්න උවමනාවක් නෑ මචං. මොකද බොරු කියලා මට මොනව ලබාගන්නද? පිලිප්ස්, එල්ජී වගේ එල්ඊඩී බල්බ් එකක මිල කීයක් වෙනවද? ඒ මිලෙන් අපිට බල්බ් කීයක් ඇසෙම්බල් කර ගන්න පුලුවන්ද කියලා හිතලා බලපන්. අනිත් එක අපි හදා ගත්ත ඒවා පරිසර හිතකාමී නොවෙන්නෙ කොහොමද.මම මේ පෝස්ට් එකෙන් කිව්වේ විසි කරන්නෙ නැති වෙන්න බල්බ් එක හදන විදිහ. ඒකයි කිව්වේ එහෙන් මෙහෙන් ගන්නෙ නැතුව විස්වාසයෙන් හදාගන්න කියලා. ඒකට මහා ගානක් යන්නෙ නෑ. 7W බල්බ් එකක් හදන්න උපරිම 400 ක් යයි. මේ තාක්ෂණයේ තව දුරටත් දියුනු වෙන්න තරම් මහා දෙයක් හැන්ගිලා නෑ මචං. අනිත් එක දැන් LED භාවිතයට ඇවිල්ලා අව්රුදු 4 ට වැඩි. මම මේ හැමදේම කියන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරලා මචං. නිකන් මෙතන මගේ කාලේ නාස්ති කරගෙන ව්‍යාජ පෝස්ට් දාන්න මට කිසිම උවමනාවක් නෑ.
    හිතේ කිසිම අව්ලකින් කමෙන්ට් එක ගැහුවා නෙවෙයි. නමුත් කියන්න තියන ටික තමයි ඔය කිව්වේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good post......
    :):)
    Pettah micro electronic eken aran hadala damma 1 year withara wenawa ,thama wada ,important thing light bill eka 7000 idala 4500 ta adu una.

    අන්න ඒකයි මචෝ මේවා පාවිච්චි කරලම බලන කෙනාට තමයි අගය දැනෙන්නේ. තාම මේවා ගැන සමාජයේ තියන්නේ නිකං පුහු දුර්මතයක් විතරයි මචං. ඒ දුර්මතය CFL තව කාලයක් විකුණ ගන්න හදපු එකක්ද කියලා මට නම් සැකයි.

    ela , mamath oya widihata ekak hadala thiyenawa
    +5
    :) Thanks Machan'
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මේව අකුණු ගහනකොට අවුල් යනව නේද?
    අපේ ගෙදර බල්බ් 2-3 ක් ම වැඩ කරන්නැතුව ගියා.
    තව 2-3 දාල ටිකක් වෙලා යනකොට නිවි නිවි පත්තු වෙනව
    මේවට හේතු මොනවද?

    නිවි නිවී පත්තුවෙන සීන් එක එස්එම්ඩී වල බහුලයි. ඒකයි මම කිව්වේ එස්එම්ඩි ගන්න එපා කියලා. එල්ඊඩී වුනත් හීට් සිංක් කම්පව්න්ඩ් ගාන්නේ නැතුව හෝ බල්බ් එක හොදට සීට් වෙන්න තද කරලා පැස්සුවේ නැත්තං එක බල්බ් එකක් හරි සව්ත්තු වෙලා ඔහොම වෙනවා.
    එහෙමත් නැත්තං කැපැසිටර් ඉදිමුනාම තමයි එහෙම වෙන්නේ.
    අකුණු සීන් එක නම් ඉතිං ගෙදර අර්ත් එක පිළිබද ප්‍රශ්නයක් මචං. නැත්තං එහෙම වෙන්න හේතුවක් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump

    thnx machan
    :):)
    මම බෙනා;19226156 said:
    එල සහෝඅ..තෑන්ක්ස්..සීෆ්ල් වලට වඩා කොස්ට් එක සැරයිද මචන්..මම ඉතින් ඒවෑ ගනන් දන්නෙත් නෑ.. :baffled:

    මම කියන්න ඕනි නෑ. සීඑෆ්එල් පහක් විතර දාලා මීටර් එක කැරකෙන විදිහයි, එල්ඊඩී පහක් විතර දාලා මීටර් එක කැරකෙන විදිහයි බලපං වෙනස තේරෙනවා. එල්ඊඩී වලින් සීඑෆ්එල් වලට වඩා සෑහෙන්න විදුලියක් ඉතිරි වෙනවා.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අඩේ මාත් ඔය වැඩේ කරන්න හෙන ආසයි ඒත් පාස්සන්න ගියාම කෙලවෙනව.

    මට හරියට පාස්සන් හැටි කියල දියන්.
    ඊයම් කොච්චරවත් බව්ත් එකේ ඇලෙනෙවනේ. අපි හිතමු කම්බි 2ක් පාස්සන්න යනව කියලා. ඊයම් කම්බි වල හිටින්නෑ බව්තෙකටම ඇලෙනව. ඉතින් හත්පොලේ ගාගන්න ඕනෙ වැඩක් කරන්න ගියාම. :angry::angry:

    රෙසින ටිකක් තියා ගනින් මචන්. බවුත් එක පරනද?​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් l.e.d නිතරම ඉන්න තැන් වලට දාන්න එපා. හොද නෑ.
    ඇයි මොකක්ද බං හේතුව මොනවහරි සමීක්ෂණ වාර්තා හෝ පිලිගන්න පුලුවන් සාදක තියනවද? මොකද ගොක් අය කියනවා නිතර ඉන්න තැන්වල ටියුබ් ලයිට්, සීඑෆ්එල් එහෙමත් දාන්න එපා කියලා. නමුත් කව්රුත් හරි සාදකයක් කියන්නෙ නෑ. එහෙම නම් ඉතිං නිතර ඉන්න තැන් වලට හරි යන්නේ පරණ සූත්‍රිකා බල්බ්ද? :eek:

    Akanan supiri wede. Meke video 1k hadala danna puluwannan godak watinawa saho. Thawa kotuwe ganna thiyena place & price genath danna puluwanda. Tfs +++++
    මචං ත්‍රෙඩ් එකේ අභිප්‍රාය වුනේ හදන හැටි කියලා දෙනවට වඩා මේක ගැන දන්නේ නැති අයව දැනුවත් කරන එක. වීඩියෝ එකක් කරන්න තරම් වෙලාවක් නම් නෑ මචං. ඉස්සරහට බලමුකෝ. :cool:
    ගන්න තැන් ගැන හා මිල ගැන නම් උදේ විස්තර දැම්මා. මේ ලිංක් එක බලන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=19225272&postcount=46

    ape gedatta nadayinta ehema mn hadala dunnna ohoma
    dan 1year wage wenawa thama wada awlk naa

    echara ganak giyeth naa alminum eka
    :) විස්තර කිව්වට ස්තූතී මචං
    :)
    වටිනා නුලක් මචං! :)
    :):)
    ඩ්‍රයිවර් සර්කිට් එකටයි, බල්බ් වලටයි තමා වැඩි ගාණක් යන්නෙ...
    නෑ මල්ලි වැඩිම ගාන යන්නේ ඔය ඇලුමිනියම් හව්සින් එකට, ඊටපස්සේ බල්බ් ටිකට
    ela machan rep added
    :):) Thanks Machan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump.. TFS saho
    :)


    හදන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ .

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    :) අව්ලක් වුනොත් අහපං
    ela machan ..... +++
    :)
    1 බල්බ් එකේ ඇලුමිනියම් කවරේ.
    2 බල්බ් ටික
    3 සර්කිට් එක

    මචං මේ බල්බ් එක එන්නේ ඇලුමිනියම් කවරෙත් එක්කද ?
    1w led bulb කියලා ඉල්ලුවොත් හරිද ( දන්නෙ නැතුව ඉල්ලලා චා වෙන්න බෑ මචං ඒකයි)
    සර්කිට් එක ඉල්ලන්න මොකක් හරී number එකක් තියෙනවද ?
    එතකොට අර heat sink compound එක කොහොමද ගන්නේ ?

    මතක ඇතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් ගන්න.
    මේක කොහොමද තෝර ගන්නේ ?


    pls help machan.
    මචං සරළවම කියනව නම් මෙහෙම ඉල්ලුවම හරි 1w led බල්බ් 7 ක් දාලා හදන බල්බ් එකක හව්සින් එක සහ බල්බ් දෙන්න කියලා. දැන් හැමතැනම වගේ හව්සින් එක එක්කම ඩ්‍රයිව් සර්කිට් එක දෙනවා. හව්සින් එක කිව්වේ ඇලුමිනියම් හීට් සිංක් එක+ උඩ ප්ලාස්ටික් ආවරණය, හෝල්ඩර් එකට හයිවෙන කනෙක්ටර් එක සහිත ඒකකය. බල් තොරනකොට බලන්න එයාලා ගනං තුනකට වගේ යන බල්බ් වර්ග තුනක් ගැන කියනවා. ඒ ගනං තුන වෙනස් වෙන්නේ ලුමිනස් එකෙන්. මට මතක විදිහට ලුමිනස් අගය 130-140 තමයි මම ගත්තේ. ඔය අගය බල්බ් එන පැකට් එකේ ගහලා තියනවා. කොහොමත් කඩ වලට ගියාම කොලිටි එක වැඩි හා අඩු බල්බ් එයාලා පෙන්නනවා.



    තව එකක් CFL ගොඩක්ම යන්නේ අපේ අයගේ නොදැනුවත් කම හින්දා. අඩු වෝල්ටීයතාවයක් ඇති අවස්ථාවල (ඩිම් වෙලාවට) පාවිච්චි කිරීම සහ නිතරම On/off කරද්දිත් bulb එක දැවී යාමේ සම්බාවිතාව වැඩි වෙනවා. ගොඩක්ම එහෙම තැනක් නම් වැඩිය පාවිච්චි වෙන්නේ නැති එතනට සුත්‍රිකා පහනක් දැම්මට අව්ලක් නෑ. අනිත් ගොඩක් අය මධ්‍යම පාන්තිකයි නේ. මුලු පඩියටම හැට හුටහමාරක් CFL/LED බල්බ් ගෙනල්ලා පඩියට කෙලව ගන්න ඕනේ නෑ. අවශ්‍ය තැන් වලට විතරක් CFL දාන්න මාසෙට පැයක් දෙකක් වත් දැමෙන්නේ නැති තැන් වලට සූත්‍රිකා පහන් දාන්න ගොඩක් සල්ලි ඉතුරු වෙයි එතකොට

    එහෙම නම් ඉතිං ලංකාවේ සමහර පැති වල CFL පාවිච්චි කරන්නම වෙන්නෙ නෑ මචං. ලයිට් ඩිම් වෙන එක ලංකාවේ සුලභ දෙයක්නේ. වෙලාවට දෙතුන් පාරක් ගිහිල්ලා එනවා. ලයිට් සෑහෙන්න ඩිම් වුනත් එල්ඊඩී නම් ඔහොත්තු දෙනවා. මම කියන්නෙ නෑ මුලු පඩියෙන් බල්බ් ගන්න කියලා. නමුත් මාසෙට බල්බ් එකක් හෝ දෙකක් අරං හරි මිනිස්සුන්ට මේවා දාගන්න පුලුවන්. අනිත් එක මම දැකලා තියනවා ඉලෙක්ට්‍රොනික් කඩ කරන අය ඇසෙම්බල් කරලා විකුණන බල්බ්. එයාලා ඒවට අව්රුද්දක් හෝ දෙකක් වොරන්ටිත් දෙනවා.

    හොද ලිපියක් අයියේ:)...මත් දෙකක් විතර හදා ගන්න කියලා ඉන්නේ,කොටුවේ කඩ අස්සේ රින්ගන්ඩ කම්මැලි නිසා හිටියේ:dull:, ට්‍රියි එකක් දාලා බලන්න ඕන:):).....
    කොටුවෙම යන්න ඕනෙ නෑ මල්ලි. සුලු ගානක් වැඩි වුනත් සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් බඩු තියන කඩ වලත් ගන්න තියනවා.